බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා

July 15, 2021 at 3:50 pm | lanka C news
බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති වූ සැණින් මෙරට ඉන්ධන මිල අඩු කරන බවක් තමන් නොකී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට ලැබුනේ හිස්වූ මහා බණ්ඩාරයන් භාණ්ඩාගාරයක් බවත් එනිසා ආදායම් උපදවා ගෙන ජනතාවට සහන දීමට කෙටි කලක් ගතවනු ඇති බවත් ඔහු පැවසීය.

හිස් භාණ්ඩාගාරයක් භාරගෙන බැසිල් රාජපක්ෂ මහතාට එකවරම ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

එවන් භාණ්ඩාගාරයකට ආදායම් උපදවා ගන්නා ගමන් බිලියන ගණන් විදේශ ණය ගෙවීමට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ සියල්ල කළමනාකරණය කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බවත් ඉන් පසු ඔහු සහන දෙනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

25,599 views

38 Comments to “බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා”

  1. මොනවද අප්පා මේ කථා...මනමාලයො බඩින් ඉන්න අම්මල බදිනවද? says:

    අලූත් මනමාලයො ලමයි හම්බවොන්න ඉන්න අම්මල පෝරුවට නග්ගල බදිනවද? අලූත් බඩක් අරන් පුරවල ලමයි හදනව විනා නේද පොන්න සීයෙ. පොන්න කථා.හිනා හැදිල පණ යනවා.

  2. චන්ද දායක says:

    ඒ………..කාලෙ හම්බකර ගත් ඒවැයින් ටිකක් ගත හැකිනෙ.

    • Sudana says:

      ජගත් කුමාර kiyanne horaakaavi kiyala bhayata eayaage pakse naayaka Mahinda agamaethi bhaandaagaare thibuna sakala sabbamanavama aedala bhaandaagaare his karala Basilta dunna kiyala neva eayaatama puravagena kanna kiyala. Pohottuve inne mevage පා.ම. (පා.. ඩ මන්ත්‍රී) gonbijjoda?

  3. sana says:

    Enna kalin loku sadda damma neda?mola hatha watilada

  4. Banda says:

    කවුද යකෝ හිස් භාණ්ඩාගාරයක් දීපු එකා . ඔන්න ඕක පුරෝල බාර දීපියව්.

  5. Polgahawela says:

    Gon harako Uba gehin ahagani ubage agamathigen mokada a aiyane hetiya Dan mali ane gon harako tho wage bath balayak

  6. වෙබ් බුවා says:

    පුරවල දුන්නත් පොර පටාස් ගාල හිස් කරල දානවනේ

  7. සවි අරික්කාල says:

    මූ කවිද බං..? දැක්කෙත් අදයි. ඉස්සෙල්ලම කියපන් උඹ කවුද කියලා? මොන ඉස්කෝලේටද ගියේ?

  8. saman says:

    කාලකන්නියා, පුරවලා දෙනකන් හිටපන්

  9. කොහොම කරනම් ගහල පදේට නටන්ද මාමේ මේ මගූල් පොලොව ඇත්දැයි බං says:

    අම්මට සිරි කොහොම පදේට නටන්නද මාමේ මේ මගූල් පොලොව ඇදයි. තව ඩිංගෙන් අයියගෙ කොන්දත් කැඩෙනව. අහන් ඉන්න උන්ගෙ බඩවැලූත් කොරවෙලා හිනාවෙලා.නවත්තපන් අබේ සව්දම.

  10. catseye says:

    ඉතින් මෙතුමා හිතාගෙන හිටියේ අපි එයා කියපු ඒවා විශ්වාස කරගෙන හිටිය කියලද අනේ …….අපි ඔයාලගේ බයිලා පිච්චියකටවත් විශ්වාස ගන්නේ නැහැ මතිතුමෝ ….බොරු අහලම එපා වෙලා මෙයා…. කව්ද අනේ ඕක හිස් කරලා තියෙන්නේ හැබැටම

Main News