රක්ෂිත වනයක් කැටපිලර් යන්ත්‍රයකින් හෙලි කරයි..

July 17, 2021 at 8:02 am | lanka C news
රක්ෂිත වනයක් කැටපිලර් යන්ත්‍රයකින් හෙලි කරයි..

මැදවච්චිය පොලිස් වසමේ තලගහවැව රක්ෂිතයේ නෙලුවැව ප්‍රදේශයෙ කැලෑවක නීතිවිරෝධීව කැටපිලර් යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් නෙලුවැව ප්‍රදේශයේ කැලෑවක කැටපිලර් යන්ත්‍රයක් යොදාගනිමින් රක්ෂිතයේ අක්කර 05 කට අධික ප්‍රමාණයක් එලිපෙහෙලි කරමින් සිටියදී මෙම වැටලීම සිදු කරන ලදි.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන් විසින් අදාල සැකකරුවන් දෙදෙනෙකු සමගින් කැටපිලර් යන්ත්‍රයද අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සාලියවැව සහ මැදවච්චිය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් සහ  සහ කැටපිලර් යන්ත්‍රය මැදවච්චිය අඩවිවන නිලධාරී කාර්යාලයට වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා භාර දීමට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,068 views

4 Comments to “රක්ෂිත වනයක් කැටපිලර් යන්ත්‍රයකින් හෙලි කරයි..”

  1. neil says:

    who paid for these people. They should be arrested NOT the operators. Obviously, in SL, they are free because telephone call comes to the police from a politician

  2. කියත් මග says:

    එහෙම හොදයි නේද අපේ හාන්දුරුවනේ ?

  3. Sun says:

    There is no law in the country as politicians are controlling the law. People know that and go after wicked politicians for the support. It has been happening after loosing control from British.

  4. Dengu Nona says:

    Dan ewaa karanneth JVP . nath nam Sa.ba.ja. kaarayo kiyalaa samahara parayan kiyanna puluwani. Me wana winaasa okkoma karanne aanduwe waraprasaada labapu Jana Hathuro!! Gotaa waga kiva yuthuyi!!

Main News