සිනොවැක් අනුමැතිය නොදීමට කුමන්ත‍්‍රණයක්.. ඡන්දයක් විමසයි.. දෙදෙනෙක් විරුද්ද වෙයි…

July 16, 2021 at 10:01 pm | lanka C news
සිනොවැක් අනුමැතිය නොදීමට කුමන්ත‍්‍රණයක්.. ඡන්දයක් විමසයි.. දෙදෙනෙක් විරුද්ද වෙයි…

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබූ එහෙත් මෙරට භාවිතය සඳහා මෙතෙක් අනුමැතිය ලබා නොතිබූ Sinovac එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී ඇත.

මීට පෙර ඇස්ට්‍රා සෙනිකා, ස්පුට්නික්, සිනොෆාර්ම්, ෆයිසර්, මොඩර්නා යන එන්නත් මෙරට භාවිතය සඳහා අනුමැතිය හිමි විය.

චීන නිෂ්පාදනයක් වන සිනොවැක් සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ පසුද එය මෙරට භාවිතය වැලක්වීමට කුමන්ත්‍රණයක් දියත් වූ බවට චෝදනා නැගිණි.

මීට පෙර චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් එන්නත මෙරට භාවිතය වැළක්වීමට ද පිරිසක් කටයුතු කල බවට චෝදනා නැගිණි.

WHO අනුමැතිය සහිත සිනොවැක් එන්නත මෙරට භාවිතයට ගත යුතුද යන වග විමසීමට අද පැවති ජන්ද විමසීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දෙදෙනකු හැර අන් සියල්ලෝ එය අනුමත කර ඇත.

55,445 views

17 Comments to “සිනොවැක් අනුමැතිය නොදීමට කුමන්ත‍්‍රණයක්.. ඡන්දයක් විමසයි.. දෙදෙනෙක් විරුද්ද වෙයි…”

  1. Dengu Nona says:

    Owun dedenaa wahaama ath adanguwata gena Thun maasayak Nirodhaayana Danduwam diya yuthuyi!!

  2. MMAfernando says:

    Sinovac is the one of lowest results against covid 19, should not apply in Sri Lanka , Most of the countries reject.

  3. යකා says:

    වෛරසය හදපු රටේ හදන වැක්සින් එක 100% හරි යන බව නොදන්නේ කවුද

  4. රාජන් says:

    තව තවත් එන්නත් වර්ග ලංකාවට අවශ්‍යද ? දැනටමත් සයිනොෆාම් චීනෙන් ගෙන්වද්දි සිනොවැක් මොකටද ?

    • කුඹුක්කණ් says:

      මොන වැක්සීන් එක ආවත් , ඊලඟ ප්‍රභේදයේදි වැක්සීන් එකේ සපලතාවය අඩුවෙනවා. අපරාදෙ පූජ කරපු සල්ලි.

      ලංකාවේ ඇලොපති උද්දච්චයො , වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට ඉඩ නොදී , එකම විකල්පය ලෙසින් , තේරුමක් නැති වැක්සීන් එකම නිර්දේශ කරමින් සිය සේල්ස් රෙප් කම කරගෙන යනවා

  5. ඖෂධ මාෆියාවට එරෙහි ජනතා එකමුතුව. says:

    මෙය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක්. ආනන්ද විජේවික්‍රම සහ නිශ්ශංක ජයවර්දන නම් දෙදෙනා මේ කටයුතු කරන බවයි සමාජ මාධ්‍යවල පළ වන්නේ. මේ දෙදෙනාම රාජිත සමයේ ඖෂධ නියාමන අධිකාරියට දැමූ සමාගම් කිහිපයකින් වරදාන ලැබූ දෙදෙනෙකි. ඔවුන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සමාජ ජාල කටයුතු පරීක්ෂා කරන ලෙස ඉල්ලමින් අප සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා.