ඉන්ධන හිඟයක් ඇතිවීම වලක්වන්න බැරි වුණොත් මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා…- ගම්මන්පිල

July 18, 2021 at 3:24 am | lanka C news
ඉන්ධන හිඟයක් ඇතිවීම වලක්වන්න බැරි වුණොත් මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා…- ගම්මන්පිල

විදේශ විනිමය නොමැති බැවින් තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගිය බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති පුවත් වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.

වාහන සඳහා භාවිතා කරන පෙට්‍රල් සහ ඩීසල් සඳහා විදේශීය සැපයුම්කරුවන්ට ගෙවීමට විදේශ විනිමය නොමැති බැවින් තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගිය බවට අසත්‍ය පුවතක් පසුගිය දිනවල වෙබ් අඩවි වාර්තා කර තිබුණා. ඒ වගේම විපක්ෂයේ දේශපාලකයින් ද මාධ්‍ය හමු පවත්වමින් මේ බොරුව වපුරමින් සිටිනවා. එසේ නැවක් හරවා ගෙන ගියා නම් ඒ කුමන සමාගමක තෙල් රැගෙන පැමිණි නැවක් ද සහ ඒ නැවේ නම කුමක්ද යන කරුණු රටට හෙලි කරන මෙන් අපි බොරු වපුරන දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගියා දැයි වරායෙන් විමසන ලෙස අපි මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා.

මේ බොරුවේ දෙවන අදියර දැන් ක්‍රියාත්මකයි. ආණ්ඩුවට තෙල් මිල දී ගැනීමට මුදල් නොමැති නිසා නුදුරු දිනක තෙල් හිඟයක් ඇති විය හැකි බැවින් වගේම ආණ්ඩුව සලාක ක්‍රමයකට තෙල් ලබා දීමට සැලසුම් කරන බැවින් වහාම වාහන වලට තෙල් පුරවා ගන්නා ලෙසත් බැරල් සහ කෑන් භාවිතා කර හැකි පමණ තෙල් ගබඩා කර ගන්නා ලෙසත් වූ පණිවිඩ සමාජජාලා වලට එක් කරමින් තිබෙනවා.

ඛනිජතෙල් ගබඩා පර්යන්ත සමාගම, තෙල් සංස්ථාව සහ එල්අයිඕසී සමාගම යන ආයතන තුනම ගත්තාම දින 27 ට ප්‍රමාණවත් පෙට්‍රල් ද දින 24කට ප්‍රමාණවත් ඩීසල් ද අප සතුව තිබෙනවා. අද දිනයේ ගොඩ බාන නැවෙන් එකතු වන ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් ඊට අයත්.

රට සතුව ඇති තරමට තෙල් තිබිය දී මෙවැනි කටකතා පතුරන්නේ ජනතාවත් ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමේ දුෂ්ට චේතනාවෙන්. අපි කවදාවත් ජනතාවට බොරුවක් කියලා නෑ. කෙතරම් තිත්ත වුණත් තිත්ත ඇත්ත ජනතාවට කියන්න අපි පැකිලුනේ නෑ. ඉතිහාසයේ ප්‍රථම වරට බලශක්ති ඇමතිවරයෙකු මාධ්‍ය ඉදිරියට පැමිණ තෙල් මිල ඉහල දමන බව ජූනි 11දා ප්‍රකාශ කලා. ජූනි 13දා ඉන්ධන මිල ඉහළ දැම්මේ රට විදේශ විනිමය අර්බූදයක සිර වී සිටින නිසා බව ප්‍රකාශ කලා. විදේශ විනිමය අර්බූදය මුලින්ම රටට කිව්වෙත් අපි.

අපේ වෑයම රටේ ඉන්ධන හිඟයක් ඇති වීම වැලැක්වීමයි. අපිට ඉන්ධන හිඟයක් ඇතිවීම මගහැරීමට බැරි වුණොත් කටකතාකාරයින්ට ප්‍රථම අපි මේ වගේ මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා කියලා අපි ජනතාවට පොරොන්දු වෙනවා.

– media unit

18,770 views

8 Comments to “ඉන්ධන හිඟයක් ඇතිවීම වලක්වන්න බැරි වුණොත් මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා…- ගම්මන්පිල”

  1. Bandarawatta says:

    Kalakanni Jeppanta address nati wela pissu wikaren dodawanawa kalakanni adu kule para hatta

    • සිරා says:

      “හඬක් නොනැගීමත් හඬක්”
      “කෙරවලපිටිය විදුලි බලාගාරය කොටස් ප්‍රමාණයක් ලබාදෙන්නේ ඇමරිකාවට නොව ඇමෙරිකානු සමාගමකට” – ජාතියේ පචායුද හෝකන්දර ව්‍යාඝ්‍රයාගේ බලු කෙඳිරිය

  2. janaka says:

    එල
    ඒ ඇති
    එච්චරයි වෙන්න ඕන

    • U Turn says:

      U Turn ගසා ඇමෙරිකාවට හා බ්‍රැසිල්ට ‌රෙදි නැතිව හෙළුවෙන් කඩේ යන විමලෙට වඳ ජංගියක්වත් අන්දවන්න කවුරුවත් නැද්දෝ..?

  3. Plato says:

    බිඳ වැටෙමින් ඇති ඩොලරයේ ආධිපත්‍යය රැකගැනීම සඳහා මරාන්තික එහෙත් පරාජිත සටනකට එළඹ ඇති G7රකුසා (Japan,UK, Canada, France, Germany, Italy,US) චීන හා රුසියානු විරෝධී ශුද්ධ වූ සටනක් ප්‍රකාෂ කර ඇති මොහොතක බැසිල් කපු මහතා සිය ඇමෙරිකන් කැඳවීම නිමවා නිරුපද්‍රිතව හා සුවදායකව පෙරලා ලංකාවට පැමිණ ඇත.
    මෑතකදී බටහිර කැලැඹවීමට හා ප්‍රකෝප ගැන්වීමට සමත් වූ චීන-ලංකා නව සහයෝගීතා කරළියේ ඇති මොහොතක US රාක්ෂයාගේ කටට ගොස් නිරුපද්‍රිතව හා සුවදායකව බැසිල්ගේ පෙරලා පැමිණීම සහතික කල දොල පිදේනිය කුමක්ද? මේ අවස්තාවේ යකාගේ කටින් බේරී සිටීමට ඇති එකම උපක්‍රමය වන්නේ සියලු දොස් නාකි එළුවා (Old Goat) මත පටවා ගෙල සිඳ චීන-ලංකා සහයෝගීීතාවයන් බිල්ලට දීම පමණක් බව පෙනේ.G7 මෙහෙයවීම මත කොතලාවල පනතක අමුණා වීදි බස්සවා ඇති ගවරැල අවසානයේ පෝර්ට් සිටි කෙසල් පැලය දෙසට හැරීමට නියමිත බව පුරෝකථනය කලහැක.

  4. ගිජුලිහිණි සංදේශය says:

    බොරු කියමින් රට රවටන බලු ගැත්තෝ
    හොරු අතරම ලැග්ගොත් මිස ඇප නැත්තෝ
    ගරු සැලකිලි හිමි නැති බව නොම දත්තෝ
    කරු අඳේට අඬනව මේ කැරපොත්තෝ

  5. Gamini says:

    Ella ikmanata Media call keranna parakuda.

  6. සෙනෙවිරත්න says:

    උඹට තමයි ඒ පවටත් කරගහන්න වෙන්නෙ , බැසිලා ඇමරිකාවට පනියි.

Main News