බඩු මිල අඩු කරන්න මට උදවු කරන්න..- මුදල් ඇමති ඉල්ලයි..

July 18, 2021 at 12:00 pm | lanka C news
බඩු මිල අඩු කරන්න මට උදවු කරන්න..- මුදල් ඇමති ඉල්ලයි..

අද වන විට මෙරට තුන්වේල කන්න නැති පිරිසක් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් මුලින්ම කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම බවත් ඒ සඳහා තමන්ට උදව් කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති පළාත් පාලන ප්‍රධානින්ගේ හමුව අමතමිනි.

ජනතාවට සහන ලබාදීම තම ප්‍රධාන ඉලක්කය බව ද පැවසූ ඔහු දැනට වසා දමා ඇති රට සම්පූර්ණ විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය මුල් මූලිකත්වය දී ඇති බවද සඳහන් කළේය.

නිසි ආර්ථික කළමනාකරණය තුළින් ජනතාවට සහන ලබා දෙන බවද ඒ මහතා පැවසීය.

රටට මුදල් ගලා ඒමේ ක්‍රමවේදය සක්‍රීය කිරීමට නම් ඉක්මනින්ම රට විවෘත විය යුතු බවද පවසන ඔහු රට වසා දැමීම නිසා දේශීයව මෙන්ම විදේශීයව ද රජයට මුදල් ලැබෙන ක්‍රමවේද අවහිර වී ඇතැයිද කියා සිටියේය.

30,430 views

14 Comments to “බඩු මිල අඩු කරන්න මට උදවු කරන්න..- මුදල් ඇමති ඉල්ලයි..”

  1. Wewegadara Appuhamy says:

    Majority Citizens has voted you, because that ,then given landslide victory 2019 November 16 to President Gota. That is enough which is quite sufficient …please reduce all sky rocked prices of that all daily needs food items by current Minister of Finance We awaiting see result in market price earliest possible date .

  2. Wewegadara Appuhamy says:

    Majority Citizens has voted you, because that ,then given landslide victory 2019 November 16 won by President Gota. That is enough & quite sufficient …please reduce all sky rocked prices of that all daily needs food items by current Minister of Finance ….!@
    We are poor is awaiting see result in reduce of market price earliest possible date .

  3. LalithM says:

    කයිය ගහපු විදිහට මම නම් හිතුවේ මාර පොරක් හෙන වැඩ්ඩෙක් කියල. බලනකොට එයත් අපෙන් උදව් ඉල්ලනවා.හරියට ස වගේම. අපිටත් අන්ත කැඳ ඇමරිකානුවෙක්.

  4. Dengu Nona says:

    Ara mokaddo viduli Balaagaarak dunne Amarikaawata nova Amarican Samaagamakata kiyalaa Weerawansa unnahe kiyalaa thiyanawa. Ekath Raajapaksalaa atawaagaththu hora samaagamakda danne naha!!

Main News