ඔන්ලයින් පංතියකට බඹර ප්‍රහාරයක්.. ළමුන් රෝහල්ගත කරයි..

July 18, 2021 at 5:30 pm | lanka C news
ඔන්ලයින් පංතියකට බඹර ප්‍රහාරයක්.. ළමුන් රෝහල්ගත කරයි..

මුලතිව් පුදුකුඩිඉරිප්පු විශ්වමඩු ප්‍රදේශයේ පැවති ඔන්ලයින් පංතියකට සහභාගී වූ සිසු දරුවන් 24 දෙනෙකුට පිරිසකට ඹඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඊයේ (17) දින රෝහලගත කරනු ලැබීය.

විශ්වමඩු භාරතී මහා විද්‍යාලයේ සිසුදරුවන පිරිසක් මෙලෙස ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරමින් සිටියදී අසල තිබූ ඹඹර ගෝඨයක් සුලඟට කඩාවැටීමෙන් මෙම ඹඹර ප්‍රහාරයට ලක් වී ඇත.

එහිදී ඹඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහලට රැගෙන ගිය සිසු දරුවන් 24 දෙනාගෙන් 16 දෙනෙකු රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවෙස් වෙතට ගොස් ඇති අතර තවත් 08 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙලෙස ඹමර ප්‍රහාරයට ලක්ව ඇත්තේ සිසුන් 05 දෙනෙකු සහ ශිෂ්‍යාවන් 19 දෙනෙකු වන අතර අදාල ඹඹර ගෝඨය ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,591 views

6 Comments to “ඔන්ලයින් පංතියකට බඹර ප්‍රහාරයක්.. ළමුන් රෝහල්ගත කරයි..”

  1. 🤣🤣🤣🤬 says:

    ඔන්ලයින් පංතියකට බඹර ප්‍රහාරයක් කීවේ ..

    ඔන්න-ලයින් බඹරුද..???

  2. ශ්‍රී ලාල් ද මැල් says:

    ස්ටාලින් දෙමල නේද ඒක නේද දෙමෙල්ලුන්ට විතරක් ඔන්ලයින් පංති?

  3. HooNP Jeppa says:

    සර් පේල්.

  4. amarapaala says:

    ekath ඹඹර ගෝඨයක් ?

  5. චෝ ටි සී මුලාක්වාත් says:

    ලේක් හවුස් හී මල් කුමාරයා අමාරුවෙලා වකුගඩු ආධාර ඉල්ලනවා. කෝ යාළුවා මහින්ද රාජක්ෂ සලකනවද?

  6. Prashan says:

    ස්ටාලින් සින්හල ළමයින්ගේ online අද්‍යාපනය විතරයි කඩාකප්පල් කරන්නේ.

Main News