බදියුදීන්ගේ නිවසේ මියගිය 16 දැරියගේ මරණය ගැන පරික්ෂණ කරන්නැයි විරෝධතා…

July 18, 2021 at 4:40 pm | lanka C news

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නියතව සිටියදි ඉකුත් (03) දින පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරිමෙන් අනතුරුව (15) දින මිය ගිය ආගරපතන ඩයගම බටහිර කොටස් පදිංචි ජේ.ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරික්ෂණ විධිමත් කරන ලෙස ඉල්ලා කදුරට ජනතා පෙරමුණේ කාන්තාවක් පිරිසක් (18) දින හැටන් නගරයේ උද්ඝෝෂණයක නිරත විය.

කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් (ජාතික සමගි ජන බලවේගය) ප්‍රධානත්වයෙන් හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත් වුණේ.

2004.11.12 දින උපත ලද ජේ.ඉෂාලිනි ඉකුත් වසරේ ඔක්තොම්බර් මස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ ඇය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ තැරුව්කරුවෙකු මාර්ගයෙනි.

බදුර්ඩින් මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරත සිටියදි ඉකුත් (03) දින ඇය පිලිස්සුම් තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි (15) දින ඇය ජිවිතක්ෂයට පත් වි ඇත.

ජේ.ඉෂාලිනිගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු බොරැල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සදහන් කර තිබුණේ ජේ.ඉෂාලිනි දුෂණයට ලක් වි සිටි බවටය.

ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයේදි එම දැරිය දුෂණයට ලක් වි ඇති බවට තහවුරු කර ඇති නිසා එම දැරිය දුෂණය කල අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි කදුරට ජනතා පෙරමුණේ නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

වතු ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි දරුවන් ඇතුළු තරුණියන් විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවයේ යෙදි සිටින බවත්,එවැනි දරුවන් සහ තරුණියන්ට ඉදිරියේදි මෙවැනි සිදුවිම් නොවිම සදහා මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය එම පරික්ෂණ විධිමත් කල යුතු බවද රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,089 views

8 Comments to “බදියුදීන්ගේ නිවසේ මියගිය 16 දැරියගේ මරණය ගැන පරික්ෂණ කරන්නැයි විරෝධතා…”

  1. kamal says:

    සුමන්දිරන්ලා, සම්බන්ධන්ලා, අනුර කුමාරලා , සජිත් ප්‍රේමදාසලා ගේ මේ සම්බන්ධ කාර්යභාරය මහජනයා බලාසිටී. ඊලඟ ජන්ද වලදී ඔවුන්ට එය විශාල ලෙස බලපානු ඇත. – මැදිහත් ජනතාවව

    මෙම ඝාතනයට රාජපක්ෂ ආණ්ඩුව වගකිව යුතු අතරම රාජපක්ෂපවුලේ අයෙක් රතු කුරුස ආයතනයේ රථයකින් ඒ අසල ගිය බවට සාකෂි සොයාගෙන ඇත. – කුණු ජෙප්පෙක්

  2. KG says:

    Whoever stayed at home at the time she was burnt should be immediately taken into police and remanded..such a horrific crime.

  3. ගොන්ජා says:

    මුන් හැමෝටම ඕනෑ කරන්නේ මුස්ලිම් චන්ද විතරයි. අහිංසක ගෑනු ලමයි දූෂණය කරලා ගිනි තියන්න තරම් රටේ නීතිය ගානකට ගන්නේ නැති අමන දේශපාලුවන්ට බරපතළ දඩුවම් දෙන්න ඕනෑ.

  4. New Allah says:

    Mage Suwargaye da sasthra iyana aya innawa., mema aparadhaya, mula sitama Badaudadeen visin kara ethi bawath, Pasuwa uge Mallith, puthandiyalath me wedaya kara ethi bava Suwargaye, Anjanam balana deva duuthiya mata pawasa etha.

  5. නඩුකාරයො ඇහෙනවටත් බය නම..😆👀 says:

    ‍රිෂාඩ්ගෙ නම ඇහුන ගමන්ම නඩුකාරයෝ පුටුවෙන් නැගිටලා යනවා..??
    ඒ ඇයි..??? බදියුදීන්ගේ නම ඇහුවහම උන්ට බයටම චූ යන නිසාද..?

  6. UNP GAL IBBA says:

    බඩුද්දීන්ට මොනවත් වෙන්නේ නැහැ ඒතරමට ඌ මුන් ඔක්කොටම ගුලිය කවලා සිංහලයා කියන්නේ කැවුම්ම කන අමු මෝඩයන්???????????

    • ඇටනැති සවුභාග්‍යා දැක්ම says:

      උඹ ඕක කිව්වේ මල්වානේ හාමු ට නේද ? ඇත්ත කියහන්.

  7. Dengu Nona says:

    Sihalayaa Modayek noveyi nam – Apata mewage Aanduwak labune kohomada? hi hi hi, Maha Danmuththayi, Golayo roththayi!!

Main News