කොළඹින් ඩයගමට විශේෂ පොලිස් කණ්ඩාමක්.. බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සමීපතමයන්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

July 22, 2021 at 8:02 am | lanka C news
කොළඹින් ඩයගමට විශේෂ පොලිස් කණ්ඩාමක්.. බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සමීපතමයන්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි ගිනි ගැනිමකින් ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි සම්බන්ධයෙන් කොළඹින් ඩයගමට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 10 ක් තිස්සේ ප්‍රකාශ ලබා ගැනිම සිදු කරනු ලැබුහ.

ඉෂාලිනි පදිංචිව සිටි ඩයගම බටහිර කොටසේ නිවසට 21 දින පැමිණි විශේෂ පොලිස් කණ්ඩායම ඉෂාලිනිගේ මව , පියා , සහෝදරයා සහ ඉෂාලිනිව රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසට රැගෙන ගිය එම වතු යායේ පදිංචි තැරුව්කරුවාගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.

විශේෂ පොලිස් කණ්ඩායමට අමතරව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ ඩයගම පොලිසියද මේ වන විට ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

මියගිය ඉෂාලිනිගේ සහෝදරයෙකු වන තිරුප්‍රසාද් කියා සිටියේ තම නැගණියගේ මරණය සම්බන්ධයෙන් නිතියෙන් සාධාරණයක් ඉටුවන තුරු තම අරගලය දිගටම සිදු කරන බවයි.

මිය ගිය තම නැගණියගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ විධිමත් කිරිම සදහා සියළු දෙනා දක්වන සහයෝගයට සිය ස්තුතිය පුද කරන බව තිරු ප්‍රසාද් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,652 views

15 Comments to “කොළඹින් ඩයගමට විශේෂ පොලිස් කණ්ඩාමක්.. බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සමීපතමයන්ගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. RW says:

    We all know it’s illegal to employ minors . Minister, parents all are wrong . We are a nation who sends our young mothers to middle east to get dollars for importation of Luxury vehicles. This case is given prominence to divert attention of public away from actual problems .

  2. Amaris says:

    මොනවද මේ කරන පිස්ස්සු විකාර ප්‍රශ්ණ කලයුත්තේ බද්යුදීන්ගේ නිවසේ සාමාජිකයින්ගෙන්. මේ කරන්නේ නියම අපරාධකරුවන් සැගවීමට දරන ප්‍රයත්නයක්. දැන් කරන්නේ මියගිය දැරියගේ ගමේ පුද්ගලයින් ගෙන් ප්‍රකාශ සටහන්කරගෙන පසුව එම ප්‍රකාශ පරස්පර විරෝධී කියා පොලිසිය බද්යුද්දීන්ට එරෙහි චෝදනා සියල්ල ප්‍රතික්ශේප කරනවා. බදුයුදීන්ලගේ මුදල් වලට කල නොහැක්කක් නෑ. මෙය රජයට විශාල කැලලක් රටේ සියල්ලෝමා කියන්නෙ ආන්ඩුවේ ප්‍රභලයෝ මෙය යට ගැසීමට හදනවා කියල. ජනාධිපති වහා මෙයට මැදිහත්වී වහාම වගකිය යුත්තෝ සියල්ල අත් අඩංගුවට ගතයුතුයි.

    • Gangabadaya says:

      පොලිසිය ඩයගම වතුයායට ගියේ පරීකෂණ පවත්වන්නටද,නැත්නම් Case එක ඩීල් එක්ක දාලා close ,කරන්නටද?

  3. ගාමිනී හන්තාන says:

    තේ වතු ඔක්කොම විනාස කරල හිතවතුන්ට දීර්ග කාලීන බදු දෙනවා. හන්තාන කලමනාකරු ම්සුදේශ් ම්පෙරේරා හරිම අත්තනොමතික, අකීකරු, කාන්තා ලොල් පාලකයෙක්. කම්කරුවන් ම මුව එලවන දවස ලගයි.

  4. වයි දිස් කොලවෙරි says:

    ශරියා අධිකරණ තිබ්බ නම් ඔය නඩුව විභාග වෙන්නෙ ඒකෙ. එතනින් එහාට කියන්න දෙයක් නෑනේ.

    • STF says:

      තිපිටක පනත කියල එකකින් බෞද්ධයන්ට ආගමික අධිකරණයක් දීලා, ඒකෙ ආකෘතියටම ශරියා අධිකරණ ගේන එකයි ප්ලෑන් එක.

    • කුඹුක්කණ් says:

      ඔබ නිවැරදියි

      කාලෙකින් කොලවරි මහත්තයව දැක්කෙ

  5. Gangabadaya says:

    පොලීසියේ මහත්වරුනි,
    නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න.දේශපාලන බලය සහ,මුදල් ඉදිරියේ පජාත වෙන්න එපා.
    අපි බලාගෙන ඉන්න්වා.
    කෝ මේ රටේ තියෙන ,ළමා ආරක්ෂක අදිකාරිය,සහ අර බලු ,තුච්ච මානව හිමිකම් සන්විධාන!!!!!!

  6. Dp says:

    1. The girl is underage
    2 has not given to meet family for 8 months
    3.the girl has called and complained of harresment
    4.sexually abused
    5. As the issue comes up commits suicide???

    Without going into details there is so much evidence to make an arrest.but our offices are looking for details of birth certificate under a microscope

  7. Felix says:

    Thama Duwawa, Thama Naganiya Wikunagen Kana Mee Family Eke Thun Denaama + Agent Wa Palamuwa Ella Mariya Yuthuya. Eee Paadamen Passewath, Mun Lamai Hadaganna Beriwa Karana Jaathaka Kireema Nawathwai…. Meya Eka Siddiyak Pamanai. Dhas Ganand Tamil Kuda Lamayanwa Belemehewarata Damanawa Unge Ammala n Thathtala….. Munge Samaharak Karannee Eee Salli Walin Kasippu Bona Eka Hari, Wena Gahinyak Ekka Indimin Thawa Lamai Hada Eka.

  8. lotus says:

    This is only one incident reveled from thousand. Sri Lanka haven’t social protection. Not teenages are abuse but not publish.

  9. නීල හොරා says:

    කේස් එක මෙතැනින් එහාට යන්නේ නැති විදියයි. බොරුවට ජීප් එහේ මෙහේ ගියාට අන්තිමට වැරදි කරලා තියෙන්නේ කෙල්ල තමයි කියලා තීන්දුව ඒවි. මුස්ලිම් නායකයා මීටත් වඩා තරුණ කෙල්ලෙක් වැඩට ගෙන්නා ගනීවි.

    • Karma says:

      ඔය මුස්ලිම්‍ ත්‍රස්තවාදි නායකයයි උගේ පවුලේ එවුනුයි ඔයවගේම පිච්‍චිලා මැරියව්‍ කියලා මම ප්‍රාර්තනා කරනවා.මේවා යටගහන්න සැලසුම්‍ කරන එවුනුත් මේ විදියටම විනාශ වෙන්න ඕනේ

  10. Dengu Nona says:

    Samupakaare Managergen, Pansale Abiththayagen, Choon Paankaarayaagen, Maalukaarayaagen, Liyum bedannaagen, Gedara hitapu ballagen ehema purasna koranne nedda?

Main News