කිරිපිටි ආනයනය නවත්වන්න සිදුවීම ලෝක යථාර්ථයයි..- බන්දුල

July 23, 2021 at 10:40 am | lanka C news
කිරිපිටි ආනයනය නවත්වන්න සිදුවීම ලෝක යථාර්ථයයි..- බන්දුල

මෙරටට අලුතින් කිරිපිටි තොග ඇනවුම් කිරීම 50% කින් අඩු කිරීමට කිරි පිටි අානයන සමාගම් විසින් තීරණය කර තිබේ.

ඇතැම් කිරිපිටි සමාගම් මේ වනවිට කිරිපිටි ආනයනය දැනටමත් සම්පූර්ණයෙන්ම නතර කර දමා ඇත.

සමාගම් සඳහන් කරන්නේ මේ තත්ත්වය මත එළැඹෙන අගෝස්තු මස අවසානයේදී වෙළඳපොලේ ආනයනික කිරිපිටි හිගයක් ඇති විය හැකි බවයි.

දැනට සමාගම් සතුව ඇත්තේ මාසයකට ප්‍රමාණවත් කිරිපිටි තොග පමණක් බවද ඔවුන් පෙන්වා දෙති.

මීට හේතු වී ඇත්තේ කිරිපිටි මිල වැඩි කිරීමක් හෝ බදු සහන ලබා දෙන්නැයි සමාගම් විසින් මාස කිහිපයක සිට කරන ලද ඉල්ලීමට මෙතෙක් රජය ප්‍රතිචාර නොදැක්වීමයි.

මේ වන විට ලෝක වෙළඳ පලේ කිරිපිටි මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති නිසා මැයි මාසයේ සිට සමාගම් අධික අලාභ ලබන බවත් ඔවුන් කියා සිටී.

පවතින තත්ත්වය මත ආනයනික කිරිපිටිවල මිල 30%කින් වැඩි කරන ලෙස සමාගම් විසින් දැනටමත් පාරිභෝගික අධිකාරිය ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුවන බවට සමාගම් පවසන්නේ නම් රජයට ඒ පිලිබදව කිසිත් කරන්නට නොමැති බවයි.

අද වන විට ලෝකයේ පවතින යථාර්ථය මෙය බවත් කොරෝනා හේතුවෙන් බහලුම් ගාස්තු ඉතා ඉහළ මට්ටමට වැඩි වී ඇති බවත් ආනයන අපනයන ක්‍රියාවලිය අඩපණ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

35,802 views

18 Comments to “කිරිපිටි ආනයනය නවත්වන්න සිදුවීම ලෝක යථාර්ථයයි..- බන්දුල”

  1. උපාසක says:

    ඉස්සර නම් බොහොම ගරු බුහුමන් ලබපු මනුස්සයෙක්. දැන් තනිකරම පිස්සු දොඩවන ජෝකරයෙක්.

  2. R premadasa says:

    Very good
    Milk powder causes cancer hypertension diabetes
    Obesity heart disease and many more

    Like educated foreigners learn to drink black Sri Lankan tea with or without liquid milk definitely without SUGAR

  3. janatha says:

    අපේ තියන වරාය ඉන් දියාවට චීනෙට ඔනි විදියට පාලනේ කොරන්න විකුනලා දැන් කියනවා ආනයන අපනයන ක්‍රියාවලිය අඩපණ වෙලාලු… කිකිලි මරලා රන් බිත්තර අපේක්සා කරන මෝඩයො..

  4. ලප කුමාර says:

    පාම් ඔයිල් නිශ්පාදනය අඩු උනාම කිරි පිටි නිශ්පාදනයත් නවතින්ඩ යනවා වගෙයි. ඉතින් අප්පේ පාර්ලිමේන්තුවට තව දෙනුන් ටිකක් යවන්නයි තියෙන්නේ.

  5. Felix says:

    Meya Danna Iti Gediya…. Tuition Dunna Harenna… Danna Arthiyak (Economy) Nehe…

  6. අපේ රට says:

    යකො අඩන් නැතිව දෙශිය කිරිපිටි සමාගම් වලට අවශ්‍ය සහය ලබාදි අභියොගය ජයගැනිමට කටයුතුකරපියවි, මොලයක් තියනවනම්.

  7. ගිජුලිහිණි සංදේශය says:

    කිරට හඬන දරුවන් දැක නිදි වැරුම
    මවට අහර මද පෝෂණයද උරුම
    අපට ලැබෙන පරපුර හෙට ලෙඩ කෙරුම
    පවට මහ එවුන් කළ විනයකි නරුම

Main News