ජනපති නැවත ජනාධිපතිවරණයට එන බව කීමෙන් සිහින බොඳවූ අය ප‍්‍රසන්න හෙලි කරයි…

July 23, 2021 at 12:00 pm | lanka C news
ජනපති නැවත ජනාධිපතිවරණයට එන බව කීමෙන් සිහින බොඳවූ අය ප‍්‍රසන්න හෙලි කරයි…

ආණ්ඩුව තුල විවිධ මතවාද පැවැතියද කිසිදු මතභේදයක් නැතැයි උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් තහවුරු වූයේයැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ‍අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ එම විශ්වාසභංගයෙන් ආණ්ඩුවේ ස්ථාවරභාය හා ශක්තිමත්භාවය යළි රටට සනාථ වූ බවයි.

විශ්වාසභංගය පරාජය වීමත් සමග විපක්ෂය සිත නිවන කථා කීමට පටන් ගෙන පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරියේදී ද විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් පරාජය කිිරීමට සූදානම් බවද අවධාරණය කරයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සමග උඩුගම්පලදී පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට නැවත තරඟ කරන බවට කල ඉගියක් සමග විපක්ෂය සියලු සිහින බොඳවූ බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ හේතුවෙන් විපක්ෂය නන්නත්තාර වී ඇතැයි කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය.

‘ ඇමති උදයගම්මන්පිල මහතාට එරහෙිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමින් විපක්ෂය උත්සහ කලේ ආණ්ඩුව තුල බෙදීම් ඇතිකරන්නයි. ඉන්ධන මිල වැඩි වූ විට ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මහලේකම්වරයා කරපු ප්‍රකාශයක් පදනම් කර ගනිමින් විපක්ෂය මේ විශ්වාසභංගය ඉදිරිපත් කලේ ඒකටයි.  ඔවුන් කීවේ ආණ්ඩුවේ නිරුවත පෙන්වනවා කියලා.නමුත් මෙම විශ්වාසභංගයෙන් රටට හෙළිදරව් වුණේ විපක්ෂයේ නිරුවතයි.අඩුමතරමේ පාර්ලිමේන්තු සම්ප්‍රදායවත් නොදන්න බංකොලොත් විපක්ෂයක් තමයි රටේ තියෙන්නේ.මේ අය දන්නේ ආණ්ඩුවට විරුද්ධව බොරු වපුරන්නයි කේලම් කියන්නයි විතරයි.

වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා වර්ජන රැල්ලක් ඇති කරලා ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක විපක්ෂය නිරත වෙලා ඉන්නවා. මේ සඳහා ආණ්ඩුවට එරෙහි ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වල සහය ලැබිලා. මේ ආණ්ඩුව ඔවුන්ට හිසරදයක් බවට පත්වෙලා. ඒ නිසා ඔවුන්ට වුවමනා වෙලා තියෙන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් මේ ආණ්ඩුව පෙරලවන්නයි.  නමුත් අපි ඒකට ඉඩ තියන්නේ නෑ.ශක්තිමත් ආණ්ඩුවක් ලෙස අපි ජනතාවට ලබාදුන් සියලු පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා. ඉන්ධන මිල වැඩි කිරීම සිදු කෙරුණේ නොවැලැක්විය හැකි හේතුන් මත බව අප වටහාගත යුතුවේ.ඉන්ධන මිල වැඩි නොවුනා නම් හොදයි කියන ස්ථ‍ාවරයේ අපි තවමත් ඉන්නවා.

වර්තමානයේ රට මුහුණ පා ඇති අභියෝගය වන්නේ කොවිඩ් වසංගතයෙන් බැට කෑ ආර්ථිකය යළි ගොඩනැගීමයි.ඒ නිසා ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.විශේෂයෙන්ම වර්තමාන මුදල් ඇමතිතුමා ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වසර අවසානයට පෙර රටේ සංචාරක ව්‍යාපාරය යළි යථාතත්වයට පත්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගෙන අවසන්.

කොවිඩ් නිසා රට තවදුරටත් වසා තැබිය නොහැකියි.කොවිඩ් සමග ප්‍රවේශමෙන් ජීවත් වීමට අප කටයුතු කල යුතුයි.වසංගත තත්වයන් යටතේ වුවද අපි රටේ සංවර්ධනය නතර කලේ නැහැ.ඒ වගේම වෘත්තිය අයිතිවාසිකම් කප්පාදු කලෙත් නෑ. ඇතැම් වෘත්තීය සමිති ගෙනයන මේ සටන් ක්‍රියාමාර්ග පිටුපස තියෙන්නේ දේශපාලන වුවමනාවන් මිසක් අන් කිසිවක් නොවේ.ඇතැමුන්ගේ ක්‍රියාකලාප වලින් එය හොඳින් තහවුරු වනවා. විපක්ෂය උත්සහ කරන්නේ වසංගතයෙන් පවා දේශපාලන වාසි ගන්නයි. නමුත් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවයක් නැහැ.

– ප්‍රදීප් අනුර කුමාර

31,190 views

7 Comments to “ජනපති නැවත ජනාධිපතිවරණයට එන බව කීමෙන් සිහින බොඳවූ අය ප‍්‍රසන්න හෙලි කරයි…”

  1. Sri Lankan Buddhist says:

    Kalin Rajapaksa lata thama vote kre hama parama, aye kisidinaka Rajapaksa ho pohottu pashyata vote nokarami

  2. TNA says:

    If he is elected again by majority, it will be worth

  3. බoබුව තමා කදයි බඩයි විතරක් තියෙන තමුසෙ සහ බැසිල්ගෙ අනිත් බත් බැලයින්ගෙ තමා සිහිනෙ බොදවුනේ….සජිතගෙ නෙමේ ඒ ගොන් තඩියට උන්ගෙ එවුන්ගෙවත් චන්දෙ හම්බ වෙන්නෙ නෑ…ජනාධිපති වෙන්න…..

  4. මිනුවන්ගොඩ අතකොට සිල්වා says:

    වංචා දූෂණ හොර මැරකම් කප්පම් වලින් ජීවත් වෙන නූගත් වහල්ලු ත් ආයේ පාර්ලිමේන්තු එන එක තමා ප්‍රශ්නේ. වෙන ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක විසඳෙනවා නම් අපි කැමතියි.

  5. janatha says:

    කසිප්පු මිනීමරු කුඩු හොරු රැලගෙ නම් සතුට ඉහ වහ ගිහිල්ලා ඇති…

  6. කලින්ම ඡන්දෙ තියමු says:

    සිහින බොඳ වුණේ කාගෙද? ජනතාව හිතා ඉන්නෙ වැඩිම ඡන්ද හණනකින් පරදවන්න. කලින්ම ඡන්දෙ තියන්න කියාපන් පුතා. මහින්ද ඉල්ලුව වගේ.

Main News