මූල්‍ය වෙළෙඳපොළ ගිනියම්.. මුදල් අමාත්‍යාංශ නිවේදනය අනුව බෑනාගේ බැදුම්කරය ඇතුළු බිලියන 3500ක් නිතී විරෝධීයි.. ආණ්ඩුව පොලිය ගෙවිය යුතු නෑ..

February 27, 2017 at 11:20 am | lanka C news
මූල්‍ය වෙළෙඳපොළ ගිනියම්.. මුදල් අමාත්‍යාංශ නිවේදනය අනුව බෑනාගේ බැදුම්කරය ඇතුළු බිලියන 3500ක් නිතී විරෝධීයි.. ආණ්ඩුව පොලිය ගෙවිය යුතු නෑ..

2015 වසරේ ජනවාරි 1 දින එවකට මුදල් හා සැලසුම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද අංක 1895/19 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය, මුදල් අමාත්‍ය රවි කරුනානයක මහතා අතට පත්ව ඇත.

එම ගැසට් පත්‍රය සම්බන්ධව 2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කල නිල නිවේදනය 7 වෙනි ඡේදයේ මෙසේ සඳහන් වේ.

“7. මේ ආකාරයට, සියලූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කර ඇත්තේ ලියාපදිංචි කොටස් හා සුරැම්පත් ආඥාපනතේ අඩංගු ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමිනි. මහ බැංකුවේ විශේෂඥයින් සහ වෘත්තිකයන් යැයි කියා ගන්නා නිලධාරීන් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතාට හා අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට පහසුකම් සැලැසීම සඳහා දැනට ප‍්‍රශ්නයකට තුඩු දී ඇති පෞද්ගලික බැඳුම්කර නිකුතු හරහා රාජ්‍ය ණය අවකළමනාකරණය කර ඇත්තේ මෙලෙසිනි. රාජ්‍ය ණය ලේඛකාධිකාරීවරයා විසින් වෙන්දේසිවල දී නිකුත් කරනු ලැබු බවට නිවේදනය කරමින් සියලුම පෞද්ගලික නිකුතු නීත්‍යානුකූල භාවයට පත් කිරීමට පෙර කී ගැසට් නිවේදන යොදාගෙන ඇත.”
(උපුටා ගැනිම 2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කල නිල නිවේදනය)

ඒ අනුව එම ගැසට් පත්‍රයේ සඳහන් භණ්ඩාගර බැදුම්කර සියල්ලමත් ඉන් පසු අවසන් වරට 2017 පෙබරවාරි 23 දින එම අයුරින්ම වෙන්දේසි කල භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 57.746 ද නිතී විරෝධී වනු ඇත. ( ශ්‍රීලංකා මහා බැංකු නිල නිවේදනය පහත පලවේ)
ඒමෙන්ම විශේෂයෙන්ම වැදගත් වනුයේ හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලයේ දි මේ අයුරින්ම මහා බැංකුව විසින් වෙන්දේසි ප්‍රශ්නගත 2015 පෙබරවාරි 27 වෙනි දින රුපියල් 10.058 බැදුම් කරයද නීති විරෝධී ලෙස මුදල් අමාත්‍යාංශයේ නිවේදනය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
මේ අනුව 1895/19 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය ඇතුලුව 2017 පෙබරවාරි 23 දින දක්වා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් වෙන්දේසි කොට ඇති සියලුම බැදුමකර සඳහා පොලිය ගෙවීම නතර කිරීමට කිරීමට අවශ්‍ය අධිකරණය ක්‍රියා මාර්ග ගැනිමට අවශ්‍ය ඉඩකඩ මෙමගින් ජනතාට සලසා දීම වැදගත්ය.

2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශයෙන් නිල නිවේදනය, ( සම්පුර්ණයෙන්ම)

1. රාජ්‍ය ණය ලේඛකාධීකාරීවරයා විසින් පුවත්පත්වල දැන්වීම් ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු, 2015 වසර තුළ තෝරාගන්නා විවිධ කාල වකවානු තුළ දී, විවිධ පොලී අනුපාත යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 31ක් සිදු කර ණය ලබාගැනීම සඳහා, ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනතේ, වගන්ති 4 යටතේ ලබාදුන් අවසර මෙම ගැසට්පත‍්‍රයේ අඩංගු වේ.

2. මෙම ගැසට්පත‍්‍රයේ ගිවිසන ලද සුරැකුම් අතර, 2011 වසරේ සිට, විවිධ පොළී අනුපාත යටතේ නිකුත් කරන ලද විශාල බැඳුම්කර ප‍්‍රමාණයක් හා නව බැඳුම්කර ප‍්‍රමාණයක් ද ඇතුලත්කර ඇත. පසුගිය කල්පිරීමේ කාලයන් සහිතව නිකුත් කරන ලද බැඳුම්කර 2015 වසරේ නැවත වරක් නිකුත් කරන්නේ කෙසේදැයි යන්න මෙහි පැහැදිලි කර නොමැත. පසුගිය බැඳුම්කර නිකුතු ද මෙම ගැසට් පත‍්‍රය මගින් නීත්‍යානුකූල කර ඇති බවක් පෙන්නුම් කෙරේ.

3. මෙම ගැසට් නිවේදනයට අනුව, වර්ෂ 2014 අංක 41 දරණ විසර්ජන පනතින් බලයලත් පරිදි, රුපියල් බිලියන එක්දාස් හත්සිය අසූවක උපරිම සීමාවට යටත්ව ණය මුදල් ප‍්‍රමාණයක් රැස්කිරීමට බලාපොරොත්තු විය.

4. ලියාපදිංචි කොටස් හා සුරැකුම් ආඥාපනතේ, වගන්ති 4 ට අනුකූලවූ බවට ඒත්තු ගැන්වෙන පරිදි රහසිගත උත්සායක යෙදෙමින් මෙම බැඳුම්කර නිකුතු වැරදි ලෙස කළමනාකරණය කර ඇති අතර ඒවා වර්ෂය පුරා නිකුත් කර අවසන් කිරීමෙන් පසු, එම වසරේ ජනවාරි 1 දින ලෙස පසු දාතමක් යොදා ඊට පසු වර්ෂයේ අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කිරීම මහ බැංකුව විසින් අනුගමනය කර ඇති ක‍්‍රමවේද බව පෙනී යයි.

5. මෙම ගැසට් නිවේදන නිකුත් කිරීමේ දී, ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිගත් ක‍්‍රියාපටිපාටීන් පිළිපැද නොමැත. යම් අමාත්‍යවරයෙකු ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ දී, ඊට අදාළ ආයතනය තම රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එහි දළ පිටපතක් යැවිය යුතුය. ඉන්පසු එම අමාත්‍යාංශ ලේකම්වරයා තම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ගෙන් නෛතික හා තාක්ෂණික අනුමැතිය ලබාගැනීමෙන් පසු එය විෂය භාර අමාත්‍යවරයාගේ අත්සන් ලබා ගැනීම සඳහා යොමුකරනු ලැබේ. එසේ අදාළ අමාත්‍යවරයා තම අත්සන යෙදවූ පසු එම ගැසට් පත‍්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයාධිපති වෙත යවනු ලැබේ. පසුගිය වකවානුව තුළ මෙකී ගැසට් පත්‍රය නිකුත් කිරීමේ දී මහ බැංකුව මෙම ක‍්‍රියා පටිපාටිය අනුගමනය කර නැත. ඒ වෙනුවට රාජ්‍ය ණය අධිකාරීවරයා විසින් සිදුකර ඇත්තේ මහ බැංකුවේ නීතිඥයන්ගෙන් පමණක් අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම ගැසට් පත‍්‍රය මුද්‍රණය සදහා සෘජුවම රජයේ මුද්‍රණාලය වෙත යැවීම යි.

6. ඉහත කී ආකාරයෙන්ම 2016 ජනවාරි මස 1 දාතම යොදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නමින් එම වසර සඳහා ද අදාළ ගැසට් පත‍්‍රය 2017 දී මේ වන විට යවා ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව එම ගැසට් පත්‍රය නිකුත් කිරීම අත්හිටුවා ඇත.

7. මේ ආකාරයට, සියලූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කර ඇත්තේ ලියාපදිංචි කොටස් හා සුරැම්පත් ආඥාපනතේ අඩංගු ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමිනි. මහ බැංකුවේ විශේෂඥයින් සහ වෘත්තිකයන් යැයි කියා ගන්නා නිලධාරීන් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතාට හා අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට පහසුකම් සැලැසීම සඳහා දැනට ප‍්‍රශ්නයකට තුඩු දී ඇති පෞද්ගලික බැඳුම්කර නිකුතු හරහා රාජ්‍ය ණය අවකළමනාකරණය කර ඇත්තේ මෙලෙසිනි. රාජ්‍ය ණය ලේඛකාධිකාරීවරයා විසින් වෙන්දේසිවල දී නිකුත් කරනු ලැබු බවට නිවේදනය කරමින් සියලුම පෞද්ගලික නිකුතු නීත්‍යානුකූල භාවයට පත් කිරීමට පෙර කී ගැසට් නිවේදන යොදාගෙන ඇත.

8. පරීක්ෂණ නිමවීමෙන් පසු සම්පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කෙරෙන අතර මෙම වරද නිදොස් කිරීමට වහා පියවර ගැනේ. ඊට අමතරව මීට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ලියාපදිංචි කොටස් හා සුරුකුම් ආඥාපනත යටතේ නීත්‍යානුකූල පියවර ගනු ලැබේ.

**මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද නිල නිවේදනය අවසන්

අවසන් වරට 2017 පෙබරවාරි 23 දින එම අයුරින්ම වෙන්දේසි කල භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 57.746 සහ එම අයුරින්ම මහා බැංකුව විසින් වෙන්දේසි කල ප්‍රස්නගත බැදුම් කර නිවේදන එනම් 2015 පෙබරවාරි 27 වෙනි දින රුපියල් 10.058 බැදුම් කර මහා බැංකු නිවේදනය.

35,394 Viewers

9 Comments to “මූල්‍ය වෙළෙඳපොළ ගිනියම්.. මුදල් අමාත්‍යාංශ නිවේදනය අනුව බෑනාගේ බැදුම්කරය ඇතුළු බිලියන 3500ක් නිතී විරෝධීයි.. ආණ්ඩුව පොලිය ගෙවිය යුතු නෑ..”

  1. Kolitha says:

    Mun waliga allagena gilagannawada..?..
    Apiwa oluwen hitawanawada….?

  2. HOMOSEX PM & KEPPA SIRA says:

    Economic crises is eminant with political disarray

  3. Ganeashan says:

    Country Will Bankrupt Soon.

  4. Sisira says:

    NEWS FLASH.

    Printed date of this Extraordinary Gazette should be either17th or 18th of November 2016.

    Reason – Reference number of the questionable Gazette is 1A-G 24570.

    See closely following two Gazettes.
    Gazette No.1993/25 printed on 17/11/2016 with reference 1A-G 24569 &
    Gazette No.1993/26 printed on 18/11/2016 with reference 1A-G 24571

    So it has been printed between these two Gazettes.

  5. Nayane says:

    this is a perfect plan
    now people will chear as there will not be any interest payable for the arjun duo on this
    but actually they have already sold these bonds to the EPF and made there profits.
    the loss will be for EPF

    basically poor workers money being robbed in a smart way

    treasury will not loose but the poor workers

Main News