විපක්ෂය රට පුරා කොවිඩ් පොකුරු නිර්මාණය කරමින්…

July 28, 2021 at 8:03 am | lanka C news
විපක්ෂය රට පුරා කොවිඩ් පොකුරු නිර්මාණය කරමින්…

විපක්ෂය රට පුරා කොවිඩ් පොකුරු නිර්මාණය කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එලෙස පැවසීය.

ලංකාව පමණක් නොව ලෝකයම දරුණු කොවිඩ් වසංගතයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක රටේ මහජනතාව ආරක්ෂා කිරීමේ වගකීමට දායකත්වයක් දැක්වීම හෝ ඒ සදහා ආදර්ශයක් වීමට විපක්ෂය කටයුතු කරන්නේ නැහැ. ඔවුන් අවම සෞඛ්‍ය උපදෙස්වත් අනුගමනය කරන්නේ නැතිව විරෝධතා දක්වමින් රටපුරා කොවිඩ් පොකුරු නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. අවම වගකීමවත් ඔවුන් ඉටුකරන්නෙ නැහැ. මේ මැතිවරණයක් පවතින අවස්ථාවක් නෙමේ. මේ අවස්ථාව දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන අවස්ථාවකුත් නෙමේ.

අද දකුණු ආසියාවේ හොදම හා වේගවත්ම එන්නත්කරණ වැඩපිළිවෙල අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එන්න්තකරණය සිදු කළ යුතු වයස් සීමාවේ සිටින සියලු දෙනාට එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ජනතාවත් එන්නත ලබා ගැනීම සදහා උනන්දුවක් දක්වනවා. සෑම කේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි එන්නත්කරණය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමෙන් පසු රට විවෘත කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. රටේ ආර්ථික ඉලක්කයන් සපුරා ගැනීමට සංචාරක කර්මාන්තයට රට විවෘත කළ යුතු වගේම ආයෝජන අවස්ථාවන් සදහා අවස්ථාව සලසා දිය යුතුයි.

රටේ ගෞරවණීය හා සමාජ වටිනාකමක් ඉටු කරන ගුරු වෘත්තීන්ගේ ගැටළු නිරාකරණය කළ යුතුයි. ඒ සදහා වත්මන් රජය ඇහුම්කන් දෙනවා. මේ තුළ විපක්ෂයේ ඇතැම් පිරිස් දේශපාලනය කිරීමට උත්සහ කිරීම වැරදියි. ඉන් බලපෑමට ලක්වන්නේ අපේ අනාගත දරු පරපුරයි. ඒනිසා මේ පිළිබදව හා රටේ පවතින තත්ත්වය පිළිබදව අවබෝධයෙන් කටයුතු කරන්න කියලා ගුරු සංගම් වලින් ඉල්ලා සිටිනවා.

විපක්ෂය උදය ගම්මන්පිළ මහතාට විශ්වාසභංගයක් ගෙන ඒමෙන් සිදුකළේ ආණ්ඩුව තවත් ශක්තිමත් කිරීමයි. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ අතර යම් යම් කාරණා සම්බන්ධයෙන් මතවාද ගොඩනැගී තිබුනත් එය වෙන්වී ඉවත් වී යාමට හේතුවක් නෙමේ. විපක්ෂය එය දඩමීමා කරගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහ කළා. විශ්වාස භංගයෙන් සිදුවුනේ විපක්ෂයේ කණ්ඩායම් තවත් බේදීමකට ලක්වීම බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කළේය.

– media unit

12,266 views

4 Comments to “විපක්ෂය රට පුරා කොවිඩ් පොකුරු නිර්මාණය කරමින්…”

  1. ක්‍රිස්ටෝපර් says:

    ඇයි දැන් අපේ පැතිවල කුඩු සහ මත් නිවුස් නැත්තේ

    • රනිල් says:

      ඒක පුංචි අම්මගෙන් හරි අරියව වෙන්න හිටපු කෙනාගෙන් අහපන්.

  2. rew says:

    kudu wikunapu mun wage gobbayoda dan guruwarunta upades denne…pohottuwa kiyanne maha ekage patanma awalam aluguththeruwangen piruna paksayak……………

  3. NuwanJ says:

    රජය මිනිසුන්ට ජීවත් වෙන්න අවම පහසුකම්වත් සපයන්නෙ නිතැනම් වර්ජන උත්ගෝෂන කලාට කමක් නැ
    මේ වෙලාවේ මේවට අවස්ථාව නෙවෙයි.
    අහාර ලබාගන්න. ඔක්සිජන් නැතිව, මේ වසන්ගතයෙන් මිනිසුන් බෙරගන්න රජය වැඩ කරන්නෙ
    නැතිනම් ජනතාව උත්ගෝෂන කරන එක සාදාරනයි.
    මේක වැඩි ඉල්ලීම් දිනා ගන්න අවස්ථාවක් නොව මැරෙනවද ජීවත් වෙනවද කියන එක තීරනය වන අවස්ථාවක්

Main News