ශ‍්‍රී ලංකාව දරුණුම ඩෙල්ටා රැල්ල අභියස.. එන්නත් මාත‍්‍රා දෙකද ප‍්‍රමාණවත් නෑ..- ලෝ ප‍්‍රකට මහාචාර්යවරයෙක් දන්වයි…

August 1, 2021 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාව දරුණුම ඩෙල්ටා රැල්ල අභියස.. එන්නත් මාත‍්‍රා දෙකද ප‍්‍රමාණවත් නෑ..- ලෝ ප‍්‍රකට මහාචාර්යවරයෙක් දන්වයි…

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා සඳහන් කරයි.

නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාධිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බවද තමන් අවධාරණය කරන බවද ඔහු පැවසීය.

ඉදිරි සති කිහිපය ඇතුගත ශ්‍රී ලංකාවට දරුණුතම කොරෝනා වසංගතය ට මුහුණ දීමට සිදුවන බව ද ඒ මහතා අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාව තුල මේ වනවිට සිදුවන වේගවත් එන්නත්කරණය සම්බන්ධයෙන් රජයට හා මහාචාර්ය චන්න ජයසුමනට තමන් ස්තූතිවන්ත වන බවද පවසන ඒ මහතා ඉතිරි මාසයන්හි දී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 2 ලබා ගැනීම පවා ප්‍රමාණවත් නොවනු ඇතැයිද අනතුරු ඇගවීය.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

53,555 views

22 Comments to “ශ‍්‍රී ලංකාව දරුණුම ඩෙල්ටා රැල්ල අභියස.. එන්නත් මාත‍්‍රා දෙකද ප‍්‍රමාණවත් නෑ..- ලෝ ප‍්‍රකට මහාචාර්යවරයෙක් දන්වයි…”

  1. Rathnayake says:

    කොහොමත් එන්නත් මාත්‍රා දෙක ගත්තා කියලා උනු දෙයක් නෑනේ. බොරුවට විද්දට එකක්වත් FDA එකෙන් අනුමත කරලත් නෑ

  2. ECT says:

    රට පුරා උද්ඝෝෂණ වලට පිලිතුර කොරෝනා

  3. සර් says:

    සෑම මසකටම වරක් ජීවත් වෙන තෙක් එන්නත් විදගනු.සර්…

  4. Hudson says:

    Pani Sumanaya pani beela hembath wela mage hi the.

  5. A Sri Lankan says:

    You need to feel sorry for our people reading the comments below the news item.. Ignorance… Refusal to believe science…and unbelievable stupidity and what not…

  6. ලංකාවේ උන්ට එන්නත් හෝ කොවිඩ් වලින් ජීවිත හානි වීම හෝ එතරම්ම මහා කජ්ජක් නොවේ. ලංකාවේ ජේවීපී එක ප්‍රමුක ගුරු හොරුන් ගේ එකම ප්‍රශ්නය කොවිඩ් වලින් වන ජීවිත හානිය නොවේ. දැන් උන්ට අවශ්‍ය වී ඇත්තේ මිනියකි. එසේ මෙසේ මිනියක් නොවේ. වේඩි කා මැරුණු මිනියකි. මෙය ලබන චන්දයේදී උස්සන් යාම සදහා සොයමින් සිටින සටන්පාඨයයි . දැන් ලංකාවේ කොවිඩ් යනු නිකම්ම නිකම් හූනු බිජ්ජක් පමණි. මේ සදහා වැයකළ මුදල් ගගට ඉනිකැපීමකි. අද අපිට ඇති ප්‍රධාන ප්‍රශ්න නම් වස විස නැතිකම, විස පොහොර නැතිකම, කොතලාවල විශ්වවිද්‍යාලය, දවසට පැය පහක් වැඩකරන ගුරුවරුනට වැඩි පඩියක් නොලැබීම, හදෙන් හරි සල්ලි ගෙනවිත් ගුරුන්ට හා නර්ස්ලාට පඩි නොගෙවීම, වැනි ප්‍රශ්න පමණි. පහුගිය කාලයේ නම් පරිසර හානිය පොල්තෙල් එහෙමත් කොරෝනා වලට වඩා විශාල ප්‍රශ්න වී තිබිණි. කෙසේ වෙතත් කොරෝනා එන්නතට වියදම් කල සල්ලි වලට කෑම ගෙනවිත් කෑම පමණක් බලාසිටින ලංකාවේ මෝඩ හැත්තට දුන්නනම් උන් ට අද කාලා වත් මැරෙන්න තිබිණි.

    • Damso says:

      වර්ජන රැල්ලක් රටපුරා ඇති මොහොතක කොළඹට රජයේ සේවකයන් කැදවීම ඉල්ලාගෙන කෑමක්..සඳුදා කොළඹට රජයේ සේවකයන් කැදවනවා යන්න,සැබෑ යටි අරමුණ සගවන හුදු ව්‍යාජ ප්‍රචාරයක් වන්නට ඉඩ ඇත.
      මේ මොහොතේ ආණ්ඩුවේ මහමොළකරුගේ උපාය වන්නේ කුමන හෝ උපක්‍රමයකින් කොළබට ජනතාව ඒකරාශී වීම වලක්වාලීමයි.
      දැනටමත් PHIවරු හා සොඛ්‍ය චරිත කීපයක ප්‍රකාශ හරහා “වසා තැබීමකට හා සීමා පැනවීමකට” අවශ්‍ය පසුබිම සැකසෙමින් ඇත.
      ඉදිරි සතිය දෙස අප බලා සිටිමු.

  7. යකා says:

    අපේ රටේ ඉන්නව ඇමෙරිකාවෙන් ඉම්පෝර්ට් කරපු මහාචාර්ය කෙනෙක්. එයා කියන්නෙ එක මාත්‍රාවකුත් ඇති කියල

  8. බයියා says:

    රට පුරා ආසාධිතයන් වාර්තා වන අවස්ථාවකදි මහා පරිමාණයෙන් ජනයා එකතු කර අගෝස්තු මාසයේ සිට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන තරඟ විභාග තුලින් මුලක් සොයාගත නොහැකි කොරෝනා පොකුරු රාශියක් ඇතිවිය හැක. තරඟ විභාගයට මුහුණ දීමට ආසාධිතයන් මෙන්ම නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන්ද හොර රහසේම පැමිණ විභාගයට මුහුණ දිම අනිවාර්යෙන් ම සිදු වේ.

  9. බයියා says:

    මහා පරිමාණයෙන් ජනයා එකතු කර අගෝස්තු මාසයේ සිට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන තරඟ විභාග තුලින් මුලක් සොයාගත නොහැකි කොරෝනා පොකුරු රාශියක් ඇතිවිය හැක. තරඟ විභාගයට මුහුණ දීමට ආසාධිතයන් මෙන්ම නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයන්ද හොර රහසේම පැමිණ විභාගයට මුහුණ දිම අනිවාර්යෙන් ම සිදු වේ.

Main News