ණය වාරික නියමිත වේලාවට ගෙවා මුල්‍ය විශ්වාසයක් ගොඩනැංවීමට හැකිවුනා..

August 3, 2021 at 6:23 am | lanka C news
ණය වාරික නියමිත වේලාවට ගෙවා මුල්‍ය විශ්වාසයක් ගොඩනැංවීමට හැකිවුනා..

කොවිඩ් වසංගත තත්ත්වයෙන් ලෝකයේ සියලු රටවල් ආර්ථික අර්බුදයකට ලක්ව සිටින අවස්ථාවක ශ්‍රී ලංකාව ණය වාරික හා පොලී නිසි වේලාවට ගෙවීම රජය ලැබු ජයග්‍රහණයක් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් හමුවු අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ධනවත් හා බලවත් රටවල් පවා ආර්ථිකමය වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවද එහි බලපෑම්වලට මුහුණ දෙමින් රටේ ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා.

එන්නත්කරණ වැඩපිළිවෙල වගේම කොවිඩ් පාලන වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂය විවිධ චෝදනා එල්ල කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කළා. නමුත් අද වේගවත් හා සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ක්‍රීයාත්මක වනවා. රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරනවා. ඒ සඳහා එන්නත්කරණය සිදු කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සිදු කරනවා.

විපක්ෂය රට වහන්න කියන ගමන් ආර්ථිකය වැටිලා කියනවා. රටක් වහගෙන ආර්ථිකය ගොඩගන්න බැහැ. ජනතාවත් අද එන්නත ලබා ගැනීමට විශාල උනන්දුවක් දක්වනවා. ජනතාවටත් අවශ්‍ය වී තිබෙන්නේ එන්නත්කරණය සිදු කරලා රට සාමාන්‍ය පරිදි විවෘත වනවා දැකීමටයි.

සංචාරක කර්මාන්තය, විදෙස් ශ්‍රමිකයින් එවන ප්‍රේෂණ අපට අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා රටේ ආදායම විශාල ලෙස පහත වැටිලා තිබෙනවා. එවන් අවස්ථාවක ණය වාරික හා පොලී නියමිත වේලාවට ගෙවීම තුළින් මූල්‍ය විශ්වාසයක් රජය ගොඩනගා තිබෙනවා. එය රටේ ආර්ථික කළමනාකරණයේ ධනාත්මක තත්ත්වයක්.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම විපක්ෂයේ බලාපොරොත්තුව වූයේ කොවිඩ් වසංගතයෙන් රට අසීරු තත්ත්වයකට පත්වනු දැකීමයි. ඒනිසා ඔවුන් සෑම විටම මෙය විවේචනය කරනවා. එදා යුද්ධය අවස්ථාවෙත් සිදු කළේ මේ දේමයි. විපක්ෂයක් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.

– media unit

8,518 views

4 Comments to “ණය වාරික නියමිත වේලාවට ගෙවා මුල්‍ය විශ්වාසයක් ගොඩනැංවීමට හැකිවුනා..”

  1. චන්ද දායක says:

    මාරයි නෙ ? ණය ගෙවලා ඒකත් අපිට කියනවා. පුද්ගලික ව තමුන් පෝසත් වුන හැටිත් කියමුකෝ…..නිකං දැනගන්න .

  2. chami says:

    have we paid loan amount + interest or bonds scam money ? please explain

  3. dil says:

    Kudu Karayo thamai rata hadanne. Mahinda’s gang is not developing this country. But still better than GuNP

  4. මුදල ඇමතිගේ මාධ්‍ය ප්‍රකාශකද…?…මම දන්න විදිහටනම්.. ගොට්ට අල්ලන එකා….

Main News