පාතාලයෙන් මහින්දට-විමල්ට ජීවිත තර්ජන
March 2, 2017 at 8:02 am | lanka C news
පසුගිය කාලයේදී රටින් පැන ගොස් සිටි පාතාල ක්රියාකාරීන් වත්මන් ආණ්ඩුවේ ප්රබලයින් විසින් නැවත මෙරට ගෙන්වාගෙන ඇති බවත් ඔවුන් සමග එලිපිට වැඩ කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මෙම තත්වය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජීවිත තර්ජන ඇති බවත් රිමාන්ඞ් කර සිටින මන්ත්රී විමල් වීරවංශටද ජීවිත තර්ජන ඇති බවද කී ඔහු රටේ සියළු පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත වී ඇතැයිද කියා සිටියේය.