ඉන්දීය ත‍්‍රීවිල් යුගය අවසන්.. ලංකාවේ නිෂ්පාදිත විදුලි ත‍්‍රිවිලය එයි..

August 27, 2021 at 3:32 am | lanka C news
ඉන්දීය ත‍්‍රීවිල් යුගය අවසන්.. ලංකාවේ නිෂ්පාදිත විදුලි ත‍්‍රිවිලය එයි..

රටට වසරකට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයාගැනීම සඳහා එක් වරක් චාර්ජ් කිරීමෙන් කිලෝ මීටර් 120 ක් ධාවනය කළ හැකි විදුලි ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ කළ බව Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා අනාවරණය කරයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසර මැද වනවිට ශ්‍රී ලංකාවේ අලෙවිකිරීම ආරම්භ කරන බවත් මෙය විදේශීය වෙළෙඳපොළට අලෙවිකර ඩොලර් බිලියන ගණනක විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට උපයාදීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබේ.

“මෙය ඉන්දියානු බජාජ් ත්‍රිරෝද රථයට වඩා මිල අඩුයි. ඒවගේම එම ත්‍රිරෝද රථයට වඩා කාර්යක්ෂමතාවය වැඩිවන විදහටයි අපි සැලසුම් කර තිබෙන්නේ. මේක Made in Sri Lanka නිෂ්පාදනයක් කියල කටපුරා කියන්න පුළුවන්. මෙම විදුලි ත්‍රිරෝද රථයේ සියළු සැලසුම් නිර්මාණය කළේ ලංකාවේ ඉංජිනේරුවන්.“

වේගා මෝටර් රථය ශ්‍රී ලංකාව තුළදී නිෂ්පාදනය කළේද මෙම විදුලි ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරන Vega innovations සමාගමයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය පිළිබඳව ආචාර්ය බේෂාන් කුලපාල මහතා සමග අන්තර්ජාල නාලිකාවක් පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙහි ෙවයි.

178,221 views

46 Comments to “ඉන්දීය ත‍්‍රීවිල් යුගය අවසන්.. ලංකාවේ නිෂ්පාදිත විදුලි ත‍්‍රිවිලය එයි..”

  1. පොල් බූරුවා says:

    මයික්‍රො එකෙන් කඩවත – බම්ලපිටිය, පානදුර දුවපු AC බස් වලට කටුව ගැහුවේ කවුද.

    • indika says:

      සිරාවටම මේක යහපාලන කාරයෝ විනාශ කළා…ඩිපෝ වල හිටපු එවුන් තමා මේක විනාශ කලේ … දුවපු බස් ටික පැලියගොඩ ගාලක දිරනවා අපරාදේ….මොනව උනත් එකෙන් හොද සර්විස් එකක් දුන්න…මේකට වැඩි පුර බකට් එක ඇද්දේ ප්‍රයිවට් බස් අයිති දේශපාලුවෝ…අනික දැනටම ලංකාවේ ත්‍රිවිල් ගෙන්නන කොම්පැනි කාරය මේක කඩන්න ආණ්ඩුවේ ලොක්කෙක් එක්ක ප්ලැන් ගහනව ඇති..මොකද බජාජ් කාරයත් ඉලෙක්ට්‍රීක් ත්‍රිවිල් එකක් දාන්න යන්නේ ඉස්සරහට..ඉන්දියාව තව අවුරුදු කීපයකින් උන්ගේ හදන කාර් හැම එකක්ම විද්‍යුත් කාර් කරන්න යන්නේ..උන් ආපහු ලංකාව ඉලෙක්ට්‍රික් ඇල්ටෝ,මරුටි,ත්‍රිවිල්, වලින් පුරවන්න කලින් අපි මේක පටන්ගන්න ඕන..

  2. Sasrasi says:

    ආපෝ ඕවා සීමා සහිතව පාරට එවන්න නිපදවන්න. නැතිනම් ඉතින් පාරේ ගිහින් ඉවරයි , තරුණ පරපුර වෙනත් රැකියා නොකරන කම්මැලි කන්ඩායමක් බිහිවෙයි

    • nirmal says:

      Budusaranai to you & your business!. Sinhalese Buddhists or Sri Lankans have the knack of innovation as exemplified by our various irrigation & Dagoba projects & hope all governments will support such projects without politics.It is always the case of foreign item importers bribing the minister to put a spade on such projects in our country.

  3. Darshana says:

    හදවතින්ම සුබපතනව! උත්සාහය අගයමි,
    නමුත් ත්‍රීවීල් එපා,, හදමු සුපිරි මිනි කාර් එකක්,,

  4. SuMa says:

    වේගා එකේ කයිය විතරයිද මන්දා?
    කයිය ගගහා අවුරුදු ගනනක් තිස්සේ හදපු car එකට මොකද වුණේ?
    මේකත් ඒවගේ පඩ ෂෝ එකක් නොවේවා.