කොරෝනාවෙන් රැක දෙන්නැයි ලොව දිගම පිරිත් නූල මාවතගම අදී..

August 30, 2021 at 12:40 pm | lanka C news
කොරෝනාවෙන් රැක දෙන්නැයි ලොව දිගම පිරිත් නූල මාවතගම අදී..

කොරොනා වසංගතයෙන් ජනතාව ආරක්ෂා වේවා යැයි පතමින් සිදුකරනු ලද පිරිත් දේශනාවක් සඳහා කිලෝමීටර 20ක් පමණ දුරකට පිරිත් නූලක් මාවතගම මීතැන්වල ප්‍රදේශයේ ඇද තිබේ.

මීතැන්වල බෝධිමලු විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ අවට ගම්මාන රාශියක් සම්බන්ධ කරගනිමින් මෙම පිරිත් නූල ඇද ඇති බවයි.

බොහෝ දුරට එය ලෝකයේ දිගම පිරිත් නූල විය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

ගම්මාන කිහිපයක් සම්බන්ධ කර ගනිමින් එම ගම්මානයට පිවිසෙන මාර්ග සහ අතුරු මාර්ග සියල්ල යාකරමින් මෙම පිරිත් නූල ඇද තිබීම විශේෂත්වයකි.

විහාරස්ථානයෙන් මේ දිනවල අඛණ්ඩව පිරිත් සජ්ඣායනයක්ද සිදුකරමින් සිටිති.

24,340 views

63 Comments to “කොරෝනාවෙන් රැක දෙන්නැයි ලොව දිගම පිරිත් නූල මාවතගම අදී..”

  1. ඉස්කයිප්පු පාංශුකූල සමාගම says:

    ඉස්කයිප්පුවෙන් , ඉමෝවෙන් , වස්ටැප්පුවෙන් පාංශුකූල මතක බණ , පින් පැමිණවීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ … ලවුඩ්ස්පීකර් , මල් වඩම් , නෙක්ටෝ සහ ඔරේන්ජ් බාර්ලි අනවශ්‍යයි. අවශ්‍ය ඤාතී ප්‍රේමය සහ අචල ශ්‍රද්ධාව පමණි. ඔබ අප දෙන පිං ඤාතියා ගන්නා තුරු පඬුරු පාක්කුඩම් අනවශ්‍යයි. හරිගිය පසු ඊසි කෑෂ්…

Main News