‘සෞභාග්‍යයේ දැක්ම’ ක‍්‍රියාත්මක කරන්න බැරි වූයේ කොරෝනා නිසා..

August 31, 2021 at 5:30 pm | lanka C news
‘සෞභාග්‍යයේ දැක්ම’ ක‍්‍රියාත්මක කරන්න බැරි වූයේ කොරෝනා නිසා..

රටේ අනාගතය භාරගන්නා  දූ දරුවන් නිසි මගට යොමු කරන ගුරුවරුන් නිසි ඇගැයීමක් කළ යුතුව ඇතැයි යන ස්ථාවරයේ සිට කැබිනට් අනු කමිටුව කටයුතු කළ බව  අනු කමිටු සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (31) මිනුවන්ගොඩ ගුරු සංගම්  සමග පැවති සාකච්ඡාවකදීය.

ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට සහ ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙනතෙක් රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමටත්  අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

අමාත්‍ය මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ගුරු සංගම් සිය ප්‍රසාදය පළ කළ අතර රටේ පවතින වත්මන් තත්වය හමුවේ අමාත්‍ය මණ්ඩලය කාලෝචිත තීරණයකට එළඹ ඇතැයි පැවසූහ

වසංගත තත්වය හේතුවෙන් පාසල් වසා දැමූ නමුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ ගුරුවරු දැක්වූ දායකත්වය අගය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන  අනු කමිටුව ගුරු සංගම් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද  හෙතෙම සඳහන් කළේය.

මෙම වැටුප් විෂමතාවයට  නිසි විසඳුම් ලබාදීය යුතු බව විපක්ෂයේ සිටින අවදියේ සිට  අවධාරණය කළ බවද සිහිපත් කළ අමාත්‍යවරයා සෞභාග්‍යයෙ දැක්ම වැඩපිළිවෙළ තුළින් ජනතාවට පොරොන්දු වූ බොහෝ දේවල් මෙතෙක් ඉටු කිරීමට නොහැකි වූයේ නව රජය පත්වූ දා සිට  බලාපොරොත්තු නොවූ අන්දමේ ලෝක වසංගතයකට මුහුණදීමට සිදුවීම යැයිද පෙන්වා දුන්නේය.

මෙම තත්වයට මුහුණදී සිටින බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවත් දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

එවැනි තත්ත්වයක් තුළත් ගුරුවරුන්ගේ සේවය ඇගයීමක් ලෙස රජය මෙම තීරණ වලට එළඹි බව ද සඳහන් කරන අමාත්‍යවරයා අසීරු අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උවමනාවන්වලට හසු නොවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා දක්වන්නැයි  ද විශේෂ ඉල්ලීමක් කළේය.

– ප්‍රදීප් අනුර කුමාර

10,724 views

32 Comments to “‘සෞභාග්‍යයේ දැක්ම’ ක‍්‍රියාත්මක කරන්න බැරි වූයේ කොරෝනා නිසා..”

  1. Chthura Gunarathna says:

    Sahara minissu hithgena inne rata wahagena rajyakata mudal paminena siylla wasunu pasuda mudal lbena bawa.mole kaladak wath nathi minissu kawadat hithnne nh oya mole nthi eun hitanne ape ratta nikn salli galgena enawa kiyla.muntge oluwa hoda nah

  2. Sagarika Alvis says:

    Kochchara deshapalanikawa blaya thibunat me welawe rata akkriyai.wena anduwak thibuna nam me wele kohoma ana ganida rat thawat koi tharam amaru adiyakada inne kiyla katat terenawa. E kohi kawru ourasaram kouwat apit eka pahsugiya kale daka ganna puluwan una.eh gana thawa kata karanna deyak nh.dan thiyenne rata nawatha perata wada shkthimat karala goda naga ganna eka.ekata rajaye kriya margawalata sahayogya laba diya uthui.

  3. Sunil Perera says:

    Rata niwardi margayaka gena yanne eda idan me anhw thama eyata sahayogaya aba diya uthui

  4. Wijebahu says:

    Gon baiyyas thought they really bringing a Lee Kwan yew to do better. How can you expect a performance of a Mercedes from a Badjaj 🤣

  5. Ratnamalala says:

    මූ නම් රට හරකෙක්.ඇඟේ හැටියට මොළේ නැහැ. කට ඇරියොත් පුතානෝ වගේම විහිළුවක්.ඉක්මනට අර නඩුව අහනවනම්.

Main News