මෙරට පැමිණි සංචාරකයන් 250කට කොරෝනා…

September 6, 2021 at 3:50 pm | lanka C news
මෙරට පැමිණි සංචාරකයන් 250කට කොරෝනා…

රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන කටයුතු ඇරඹීමේ සමාරම්භ වැඩසටහන් කිහිපයක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම රටවල දී සංවිධානය කර තිබේ.

සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා රජය ගෙනයන  වැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග සංචාරක ව්‍යාපාරය නැංවීමේ සැලසුම් අත්හිටුවීමට සෑම රටක්ම  පියවර ගෙන තිබුණි. මේ වනවිට සෞඛ්‍යාරක්ෂිත උපදෙස්  අනුව සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට එම රටවල් කටයුතු කරමින් තිබේ.

ඒ අනුව රුසියානු මාධ්‍යවේදීන් හා සංචාරක සංවිධාන ආයතන  නියෝජිතයින් අතරත්, ශ්‍රී ලංකාවේ සංචාරක සංවිධානය නියෝජිතයින් අතරත් සාකච්ඡාවක් එළඹෙන 6 වෙනිදා රුසියාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බව සංචාරකයින්ට පෙන්වා දීම සඳහා මෙරට සංචාරක ස්ථානවල ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් ද එහි දී පැවැත්වේ.

මෙවැනිම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යුක්රේනයේ දී ද ක්‍රියාත්මක  කෙරේ.

මෙම රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානීන්ට හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර එහිදී විශේෂ සාකච්ඡා වාර කීපයක්ම සංවිධානය කර තිබේ.

ඉකුත් කාලයේ සංචාරකයින්ගේ පැමිණීම අනුව  වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් 10 අතරට රුසියාව සහ යුක්රේනය ඇතුළත් වේ.

වසංගත අවස්ථාවේ මෙරට සංචාරක නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලේත් යුක්‍රේනය හා කසකස්තානය සමගයි. ඒ අනුව ඉකුත්  කාලයේ සංචාරකයින් 24320ක් මෙරටට පැමිණ ඇත.

ඒ අය අතරෙන්  සංචාරකයින් 250 කට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී, ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ආසාදිතයන් බවට තහවුරු වූ අයගෙන් 150ක් ප්‍රතිකාර සදහා යොමු කිරීමෙන් අනතුරුව, සම්පූර්ණ සුවය ලබා නැවතත් සිය මව්බිම් බලා පිටත්ව ගොස් තිබේ.

ආසාදිත බව තහවුරු වූ තවත් සංචාරකයින් 100ක් මේ වන විටත් මෙරට ප්‍රතිකාර ලබයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා  රුසියාව සහ යුක්රේනය  දක්වන සහාය  අගය කළ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ආරක්ෂිත සංචාරක ක්‍රමවේද කෙරෙහි එම රටවල වැඩි අවධානයක් යොමුව ඇති බවයි.

වසංගත තත්ත්වය යටතේ සංචාරකයින්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද, ආගන්තුක සත්කාර, දැක්වීම අතින් ශ්‍රී ලංකා වඩාත් ඉදිරියෙන් සිටින බව පහුගිය කාලයේ මෙරට සංචාරය කළ පිරිස් සඳහන් කර ඇතැයි ද  අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට විදෙස් රටවල් දැඩි උත්සාහයක් දරන  අවස්ථාවක  ශ්‍රී ලංකාව සෑම අතින්ම ආරක්ෂක රටක් ලෙස  සැලකීම  මෙරට සංචාරක ව්‍යාපාරයට සුබදායි  බලාපොරොත්තුවක් ගෙන එන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

48,733 views

9 Comments to “මෙරට පැමිණි සංචාරකයන් 250කට කොරෝනා…”

  1. සිරිසේන says:

    අපේ රටේ කොවිඩ් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්ඩ විදියක් නැතුව ඉන්නකොට මේ ගොල්ලන්ට ඒවා දෙන එක හරිද?

  2. රන්වල says:

    බෙර ගහල නටල කොරෝන වයිරසේ ගෙන්න ගන්න ලෝකෙ එකම රට

  3. රංජිත් විජේසිංහ says:

    රටේ ආර්ථිකය ගොඩ ගන්න රජය විසින් දරන වැයම සුලු පටු නොවේ. ඒවාට ශක්තිය ලබා දී එයට අපගේද දායකත්වය ලබා දීම අපගේ යුතුකමකි.

  4. සාමා says:

    කවුද කියන්නෙ සංචාරකයින්ගෙන් කොරෝනා බෝවුනා කියලා. එන්න එපා ඕවා කියාගෙන අපේ ආන්ඩුව වට්ටන්න.

  5. කොවිඩ් 19 says:

    ආයිෂ් අප්පා , දැං අපිට රට කොරෝනාත් තියෙනෝ . ලෝකෙංම එක . හා කියන්න බලන්න ඒනං වෙන කොයි රටේද මෙහෙම දියුණුවක් තියෙන්නෙ .

  6. ගෞම් ඊයාරාජ් says:

    රතු වරෙන්තුවනං කියන්නේ සංචාරකයන්ගෙන් රටට කොවිඩ් ආවේ නෑ කියලා , රටට ඇල්ෆා ,ඩෙල්ටා ,ලැම්ඩා , අනෙකුත් ප්‍රබේද ගේනාවේ සහ ගේන්නේ වැඩවර්ජන කරපු ජෙප්පො කියලා තමයි ඒ උත්තමයො දේශනා කරන්නේ , අපි අමු ගොං බෛයො විදියට ඒ කතා පිලිගන්න බැදිලා ඉන්න ඔනේ , ඇන්ටිජන් මෑන්ගේ සහ කුඩූ ණාලීකාවේ කියන්නෙත් සංචාරකයන්ගෙන් කොවිඩ් රටට එන්නෑ කියලා.
    මිට,
    අමූ මෝඩ ගොං බෛයෙක්.

  7. ks says:

    ආයොජකයෝ , සංචාරකයෝ කවුරුවත් කොරෝනාවෙන් උපරිම පීඩාවිඳින රටකට එන්නෙ නැහැ. ආනයන- අපනයන කටයුතු සාර්ථක වෙන්නේ නැහැ..මුලින්ම මේ වසංගතය තුරන් කරන්න වෙනව. ඒක නොතක ආර්ථිය ගොඩගන්න කියල කල විකාර නිසා තමයි රටම වැනසුනේ.බෙන්ඩික්ස් ආයතනයට ඉන්දියන් සේවකයෝ ගෙන්නුවේ, යුක්රේන් සංචාරකයෝ ගෙන්නුවේ ඒ ඒ රටවල් කොඩිඩ් වලින් උපරිමයෙන් විඳවද්දි.ග මෝඩ උගත්තුන්ගේ මොඩ් වැඩ නිසා තමයි රට වැනසුනේ. දැන් වැඩේ ලේසි නැහැ.මේ අයිබෝ.දැන්වත් ඔලුව පාවිච්චි කලොත් නරකද?

  8. Damian says:

    සංචාරක යන්ට විරුද්ද මෝඩ කතා කියන අයට කන්න දෙන්න, පෙට්රෝල් ගහන්න වියදම් කරන්නේ සංචාරකයන් ගෙනෙන ඩොලර් උදව් වෙන බව ඒ අය දන්නේ නෑ.

    • ගෞම් ඊයාරාජ් says:

      උම්මාද බෛයි යහළුවේ ! කවුද මැට්ටො සංචාරකයන්ට විරුද්ධව කතා කලේ , මේ කියන්නේ බොලාගේ උම්මාද ලොක්කො ,රතු වරෙන්තුවා එක්ක ගන්න ආතල් පට්ට ප්‍රාථමිකයි ,අමූ ග්‍රාමීයයි සහ තුච්ච ගොත්‍රීකයි කියලා , සිරීයස්ලි බ්‍රෝ , මොල හතාණො කිව්වට , ඇමීබාවෙක් තරංවත් මොළයක් නෑ කියලනං , කරනවැඩ වලින් පේනවා බට් ! උබලා වගේ උම්මාද බෛයො සුපිරියටම අන්දන්න පුලුවන් . එකට මොළයක් ඔනේම නෑ ඉතින්..😂😂😂

Main News