කබ්රාල් විශ‍්‍රාම ඉල්ලයි…

September 6, 2021 at 12:02 am | lanka C news
කබ්රාල් විශ‍්‍රාම ඉල්ලයි…

සියලුම හිටපු මහ බැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල් ද සහිතව විශ්‍රාම වැටුප් ලබා දීමට තමන් උත්සාහ දරන බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ඒ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Press Release

“හිටපු සියළුම මහබැංකු අධිපතිවරුන් සඳහා හිඟ මුදල්ද ඇතුළුව විශ්‍රාම වැටුප් ලබා දීමට කබ්රාල් උත්සාහ කරයි (“Cabraal pushes for pensions with arrears for all Central Bank governors) යන මැයෙන් 2021 සැප්තැම්බර් මස 5 වන ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධවයි:

එම ප්‍රවෘත්තිය පිළිබඳ සත්‍ය කරුණු මෙසේය:

1. මා මහබැංකු අධිපති වශයෙන් 2006.07.01 සිට 2015.01.08 දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් සේවය කළෙමි.

2. මාගේ පත්වීම් ලිපියට අනුව “විශ්‍රාම” වැටුපකට මට හිමිකමක් ඇත.

3. මා මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුවද කිසිදු විශ්‍රාම වැටුපක් මා වෙත ලබාදී නොතිබූ බැවින්, ඒ සම්බන්ධයෙන් 2019.02.12 දින එවකට මහබැංකු අධිපති කුමාරස්වාමිට මවිසින් දැනුම් දෙන ලදී.

4. අනෙකුත් මහබැංකු අධිපතිවරුන් හට විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කිසිවිටෙක මවිසින් සිදු කර නොමැත.

92,621 views

8 Comments to “කබ්රාල් විශ‍්‍රාම ඉල්ලයි…”

  1. Opa-dupa says:

    අනෙක් අයට නෙවෙයි මෙයාට විතරක් දුන්නා නම් ඇති . මෙයා පුදුම සේවයක් නේ රටට කරලා තියෙන්නේ .

  2. daily mirrow says:

    daliy mirror cia paper

  3. චන්ද දායක says:

    විශ්‍රාම ⁣යවලා හරි අයින් කරා නම් රටට කෙසේ වෙතත් අපට හොඳයි. කතාව විතරයි .

  4. අපේ රට says:

    මෙයට හිමිකම් ඇතත් නොලැබුණි නම් ඉල්ලා සිටිමත් සොයාබැලිමත් සාධාරණය. නමුත් මෙය නොලැබුනද පසුගිය කාලය තුල අමාරැවක් නොවුන බැවින් මෙය ලැබුනොත් එ මුදල කොරොනා වෙනුවෙන් ප්‍රධානය කරන මෙන් ජනතා නියොජිතයෙක් වන ඔබෙන් රට වැසියා ඉල්ලාසිටි.

  5. Jeewani says:

    Maha banku magadiyak karapu kenekta vishrama watup denna thahanam

  6. ප්‍රත්‍යකෂ වෙමින් පවතී,…….! says:

    බටහිරයන් පිලිබඳව අබමල් රේනුවක තරම්වත් දැනුමක් නොමැති බටහිර කුමන්ත්‍රණ නොහඳුනන,ඉතිහාසය නොදත් ,”ඡාන” හේතුකාරණා කොට අධ්‍යාතමක වීමට පවා අසමත්, හෙළ බුද්ධිමතුන්ගේ සහ මග පෙන්වන්ගේ ඇසුර ලබාගැනීමට තරම් කුසල් බල නොමැති ”බැලගෙඩි පයිලට්” වැනි නාමල් රඡපකෂ බටහිර උපදේශකයන්ගේ කළුසුද්දන්ගේ මරක්කළ ගුරැහරැකම්ද සමගින්,. ඵන්නත් ”ඇතිපදමට විදගනිමින්” ඵන්නත් හැදුනුම්පත ද කරේ ඵල්ලා ගනිමින් තමන් සමග ‘සමයැයි’ සිතනා ”ගොබ්බයන්ගේ දේශයකට” රඡකම අපේකෂාවෙන් නැව්නැගීමට කාළය ඵළඹ ඇතිබව මගසළකුණු තුළින් විද්‍යාමාණ වන අතර ප්‍රත්‍යකෂ වෙමින් පවතී,…….!

    • VADC says:

      මන්දබුද්ධික ජාතික චින්තන කාරයින්ගේ හෙළුව ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී

Main News