ගුරුගේ මැණික් අධිපති අභාවප‍්‍රාප්ත වේ…

September 6, 2021 at 2:10 pm | lanka C news
ගුරුගේ මැණික් අධිපති අභාවප‍්‍රාප්ත වේ…

මෙරට සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු වන කහවත්ත ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

86 වන වියේ පසු වූ ඔහු කොළඹ පුද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.

173,882 views

25 Comments to “ගුරුගේ මැණික් අධිපති අභාවප‍්‍රාප්ත වේ…”

  1. Padeniya says:

    නිහඩව රටට විශාල සේවයක් කල අයෙක්. දියුණුවන අයට ආදර්ශයක්. පහල තැනක සිට දියුණුවේ හිනි පෙත්තටම ආ කෙනෙක්. ඔබතුමාට නිවන්සුව අත්වේවා.

  2. Pushpa Kumara says:

    දැන් ඉන්න ගොඩ දෙනෙක් නොදන්න කතාවක් මේක. 80 දශකයේ දී, එතුමාගේ ගෙදරට එන හැමෝටම සල්ලි දුන්නා. ඒ නිසා හැමදාම ලොකු පෝලිමක් තිබ්බා එහේට. ඒ වගේමයි හැම අවුරුද්දෙම පෙන්වන ගුරුගේ මැණික් පොසොන් තොරණ. ලංකාවේ හිටපු ගායක ගායිකාවෝ ඔක්කොමලා ව අපි දැක්කේ එතැනදී.

  3. හෙළයා says:

    සැබෑ හදවතක් තිබුන, නිහඩව රටට සේවයක් කල අපේ කාලේ නිහතමානීත්වයේ ප්‍රතිමුර්තිය.ඔබතුමාට නිවන්සුව අත්වේවා.

  4. R premadasa says:

    Even his children are well disciplined and rational people
    I think