ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…

September 10, 2021 at 9:20 am | lanka C news
ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…

දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙදහසකට ආසන්න මට්ටමට පැමිණි පසු දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ රට විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

විද්වත් කමිටුවක මගපෙන්වීම යටතේ පාසල් ක්‍රමක්‍රමයෙන් විවෘත කිරීමට හැකියාව ඇති බවද ඔහු කියා සිටියි.

දැනට පවතින ඩෙල්ටා කොරෝනා රැල්ලෙහි යම් පාලනයක් එළඹෙන මාසය වන විට සිදුවනු ඇතැයි ද විශ්වාස කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව දත්ත විශ්ලේෂණයකින් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට පැමිණීමට හැකි වනු ඇති බවද ඔහු කියා සිටියේය.

ජනගහණයෙන් 85%ක් එන්නත්කරණයට ලක් කළ පසු රංචු ප්‍රතිශක්තිකරණය ගොඩනැගී වෛරස ව්‍යාප්තිය සැලකිය යුතු පාලනයක් ඇති වන බවත් එම සීමාවට පැමිණ පැමිණ සති දෙකක් ගිය පසු ප්‍රතිඵල පෙන්නුම් කරනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වුවද ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශන දිගටම පිළිපැදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

කෙසේ නමුත් පාසැල් විවෘත කිරීමට පෙර දරුවන්ට එන්නත් ලබාදීම වැදගත් බවත් උසස් පෙළ පන්ති වල සිට පහළ දක්වා පියවරෙන් පියවර එන්නත් ලබාදිය යුතු බවද ඔහු තවදුරටත් පවසයි.

61,648 views

35 Comments to “ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…”

  1. බන්ඩා says:

    රට විවුර්ත නොකලොත් $ නැතුව ණය ගෙවන්න බැරුව ආනයන ඇනහිටලා රට බංකොලොත් වෙනවා.

  2. රුක්ෂාන් සිල්වා says:

    කතාව නම් හොඳයි හොඳටම. ඒත් ඉතින් හරියට ක්‍රයාත්මක කරන්න පුලුවන් ද? ඒකත් හරියටම් තිරණය කරන්න. අපේ එවුන් කියන දේ අහලා හිටියොත් හොඳයි. නැත්නම් ආයිත් මේ වගේ තත්වෙකට තමයි පත් වෙන්නේ.

  3. Rohan P says:

    How can he set a 2000 threshold?.When we were in 100s ,we attained 5000s easily.These people are not living in this country.They are politically motivated. No correct ideas for optimum other than a doctorate. Please do not make faulse statement because foolish politicians in this country can follow these and tend to people for the death

  4. මානෙල් says:

    පේෂ්ලාගේ තාත්තා නවලෝක රෝහලේ දී මලා. ඊට වැඩිය යමක් කියන්නේ නැහැ.

    • ඩන්කන් says:

      තාත්තා නෙවෙයි මානෙල් අම්මා. 73 වයස. චමුදිත ප්‍රෝග්‍රෑම් එක බලන්න. එකේ කමෙන්ට්ස් එහෙම දාලා තියෙනවා කොහොමද මරුනේ කියලා

  5. Sagarika Alvis says:

    ane loku deyak ikmanata rata arinawa nam.

  6. dev says:

    පළමුව මහ ජනතාවගේ බදු වලින් යැපෙන අකාර්යක්ෂම රාජ්‍ය සේවය දේශපාලන ව්‍යුහය වෙනස් කල යුතුයි.
    නැත්නම් සිදුවන්නේ ව්‍යාසන අවස්ථාවකදී හිඟමන් යදින්නයි.

  7. Sunil Perera says:

    me wenakota pasal sisunta auruddakuth mas hayak pamana iginim katayuthu ahimi wee thibenawa. e hethuwa nisa lamunge anagathaya dadi lesa awadanamata lak wee thbenawa. rata wiurtha kara adhyapanaya laba dimata piyawara ganima dan awashyathawaya wii tibenawa mewan suba arnchiyak asimata labimada ounge wasanawa. anith athin thathwaya palanaya kara gatha hoth rate arthikayada nawath nagittawiya haki.

  8. Chathura Gunarathna says:

    rate inn okkom dosthara waru kiyala samahara udawiya karana kiyana dewal walin penne. eth ehema nh un pisso kiyla rate janathawa dannawa. oba thuma kiyna de aththa sakkilinta puluwan kade yanna eth aththa wasan kranna bah.

  9. B Indrasena says:

    This day will reach soon. Covid is now in the last phase.

  10. හෙට දෙන්නම් says:

    හෙට ඉඳන් 2000 කරමු. එතකොට හෙටම පුළුවන් රට අරින්න. $$$ අඩුවක් රටේ නැහැ. වියදම් කරන විදිහ බැලුවම. ඉතින් PCR, ඇන්ටිජෙන් නවතමු. 2000 කරලා දෙමු.