ගෑස් ගේන්න ඩොලර් නෑ.. යලිත් හිගයක්.. මිල යලි වැඩි කරන්න ඉල්ලයි.. එවිට නව මිල 2147ක්..

September 11, 2021 at 11:20 am | lanka C news
ගෑස් ගේන්න ඩොලර් නෑ.. යලිත් හිගයක්.. මිල යලි වැඩි කරන්න ඉල්ලයි.. එවිට නව මිල 2147ක්..

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

ගෑස් ආනයනය කිරීමට නම් කඩිනමින් ඩොලර් ලැබිය යුතු බව සමාගම් කියා සිටිති.

ලිත්‍රො ගෑස් මිල ඉහල නොදැමීම නිසා එම සමාගමේ අලාභය බිලියන 08ක් දක්වා ඉහල ගොස් ඇති අතර එමගින් එහි පාලිත සමාගම වන ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවටද අමතර පීඩනයක් එල්ල වෙමින් ඇත.

මේ අතර  තව දුරටත් පාඩු ලබන බව පවසමින් ගෑස් මිල ඉහළ දැමීම සඳහා ලාෆ් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියයෙන් ඉල්ලීමක් කර තිබේ.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 291 කින් හා කිලෝග්රෑම් 05 සිලින්ඩරයක් රුපියල් 114 කින් ඉහළ දැමීමට මෙසේ අවසර ඉල්ලා ඇත.

එම ඉල්ලිමට ඉඩ ලබාදුනහොත් කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 2147ත් හා කිලෝ 5 සිලින්ඩරයක් රුපියල් 858 දක්වා ඉහළ යයි.

පසුගිය මාසයේදී ද ලාෆ් ගෑස් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 363කින් සහ කිලෝ 5 සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමීමට රජය අවසර දුන්නේය.

ඊට හේතු වූයේ මිල වැඩි කිරීමක් නොකර ගෑස් වෙළඳාම අලාභ බව පවසමින් එම සමාගම විසින් ගෑස් ආනයනය අත්හිටුවා තිබීමයි.

38,744 views

11 Comments to “ගෑස් ගේන්න ඩොලර් නෑ.. යලිත් හිගයක්.. මිල යලි වැඩි කරන්න ඉල්ලයි.. එවිට නව මිල 2147ක්..”

  1. ගොන් බයි වහලා says:

    ගහපු පච්චයක් තියෙනව මල් පෝට්ටුවක සහ උඩු රැවුලැති හාම්පුතෙක්ගෙ ෂර්ට් එකක් නැතුව ඉන්න නෑ ගෙදර බල්ලත් උඩු බුරනව ප්ලීස් මකා ගන්න තැනක් කියන්න ඉක්මනට විලි ලැජ්ජාවයි

  2. Citizen says:

    How long can this continue ? Government owned Litro losses hidden in the books of Government owned Insurance Corp accounts ?

    • harsha says:

      Litro gas is a separate company. Hence, its accounts are separately recorded. Furthermore, as it is a limited company the Insurance Corporation is not liable to contribute for its losses as the shareholder.

  3. බුද්ධිමත් චමින්ද අයියා says:

    ඒක හොඳයි. පාඩු පිට ගෑස් විකුනල ලබන පාඩුව සමස්ත සමාජයටම බලපානව. ගෑස් භාවිතා නොකරන අයත් ඒකට වක්රව ගෙවනව. ඒනිසා නියම මිලට ගෑස් විකිනිය යුතුය

    • as says:

      ඔබ හරි ලංකාවේ නිෂ්පධනය නොවන භාණ්ඩවල මිල පාලනය නොකළ යුතුයි.එසේ නොකලොත් මෙරට මහා පරිමාන ආයතන පවා බිද වැවෙන්න පුළුවන් රැකියා නැති වෙන්න පුළුවන්.

    • parrot says:

      CHAMINDA AYIYE …….kiribath tikakuth kamuda……santhose baruwa

  4. Citizen says:

    Very Simple solution… Increase Insurance Premiums to cover the losses of Litro Gas…..

  5. පාවඩදෙණිය දොස්තර says:

    පැනික් වෙන්ඩෙපා බයි මල්ලිලා කොස් ඇට ටිකක් වැඩිපුර කාල ගෙදරම ගෑස් හදා ගම්මු.ගෝවා ටිකක් බිත්තර ටිකක් කෑවත් හරි ඒත් කාබනික ටොපිය කාල ගෝව කිලෝවක ගාන ඇහුවම බ්ලඩ් ප්‍රෙෂර් නගිනව බිත්තරේක ගාන ඇහුවම හාට් ඇටෑක් හැදෙනව ඒ නිසා කොස් ගහක් වවල කොස් ඇට කාල ගෑස් හදා ගම්මු.ඕකට කියන්නෙ දේශීය චින්තනේ සවුබාග්ගෙ දැක්ම

  6. මෝඩ බයියා says:

    පාවිච්චි කල හොද තත්වයේ යට ඇදුමක් විකිනීමට .ලීසින් පහසුකම් ඇත.හාල් කිලෝවකට හුවමාරු කිරීමට සලකා බැලේ .මෙහෙම ඇඩ් දකින්න ලැබෙන ස්වුබාග්ගේ දැක්මක් ගෙනාවට රොම්බ තෑන්ක්ස් බයිස්.

  7. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද ………………..හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  8. ගමේ මිනිහා says:

    අර ලංකා මුහුදේ තියනවයි කියපු ගෑස් නිධිය කොයි…?

Main News