5G එපා.. වහා අත්හිටුවන්න.. අධිකරණයේ නඩු දමයි..

July 26, 2019 at 4:40 pm | lanka C news
5G එපා.. වහා අත්හිටුවන්න.. අධිකරණයේ නඩු දමයි..

5G තාක්ෂණය ලබාදීම සඳහා නගරය පුරා දුරකථන කුළුණු ඉදිකිරීම වහාම නවත්වන්න ලෙසත් එම තාක්ෂණය ලබාදීම අත්හිටුවන ලෙසත් ඉල්ලමින් යාපනය මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

යාපනයේ පදිංචි තරුණයකු විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර යාපනය නගරාධිපති වරයා, නාගරික සංවර්ධන අධිකාරිය සහ අදාල දුරකථන සමාගම්වල ප්‍රධානීන් මෙහි වගඋත්තරකරුවන් කර ඇත.

මෙම තාක්‍ෂණය මගින් සෞඛ්‍ය ප්‍රශ්න ඇති මෙම අකුණුසැර වැදීම සම්බන්ධ වැඩිදුරටත් සිය පෙත්සමෙන් පෙන්වා ඇත.

මෙම කුළුණු මගින් යාපනය වැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද පෙත්සම්කරු කියයි.

40,367 Viewers

10 Comments to “5G එපා.. වහා අත්හිටුවන්න.. අධිකරණයේ නඩු දමයි..”

  1. ගන්ජ බන්ඩා says:

    ඔය කුලුනු ගැන උලමා අර්ත කතනය (ෂරියා නීතයෙ) මොකක්ද

    • සහරාන් සහ කන්‍යාවො 72 says:

      5G වලට බෝම්බ පත්තු කරන ෆැසිලිටි ඇතුලත් කොලොත් කොම්පැනි ලොක්කො දිව්‍ය ලෝ⁣කෙ නැත් නම් සදාකාලික අපායෙ.

  2. මේඝවර්ණ අභය says:

    සියළු දෙනාම එකතු වෙලා යෝජිත 5G තාක්ෂණය මෙරටට ගෙන ඒම ප්‍රතික්ෂේප කරමු..!!!
    මේ තාක්ෂණය පසුපස ඇත්තේ ඉතා දරුණු අහිතකර තත්වයක්..
    දැනට බොහෝ දියුණු රටවල උගතුන් වියතුන් මේ තාක්ෂණයට විරුද්ධව හඬනගනවා..
    අවාසනාවට තවම අපේ රටේ කිසිවකුගේ අවධානය මේ වෙත යොමු වෙලා නැහැ..
    මේ කෙටි වීඩියෝව බලන්න… ඔබේ මුහුණුපොත් ගිණුමෙන් ෂෙයාර් කර අනිත් අයවත් දැණුවත් කරන්ට…

    https://www.youtube.com/watch?v=ChS3J893rpI

  3. Asela says:

    5G epa Google Baloon Hodaaaiii

  4. Jess H says:

    5G තාක්ශණය දැනට මහා පරිමාණ ප්‍රායෝගික මට්ටමින් කරන්න හැකියාව තියෙන්නෙ හුවාවේ එකට විටරයි. Intel ප්‍රමුඛ බටහිර සමාගම් අඩුම තරමින් අවුරුදු 5ක් පසු පසින් ඉන්නව කියල තමයි තාක්ශණික විශ්ලේශකයො කියන්නෙ. අනික ඇමරිකා තහනම තියෙද්දිත් හුවාවේල වාර්තාගත 5G කොන්ත්‍රාත්තු අධික ප්‍රමාණයක් යුරෝපීය සහ ආසියානු රටවල් එක්ක ගහල තියෙන්නෙ දැනටමත්. ඔය සෞඛ්‍ය පිලිබඳ කතා සේරම ඇමෛකානු මවාපෑම් දැනටම පැරදිල නිසා. සෞඛ්‍ය ගැටලු තියෙනවද නැද්ද කියල තාම සාක්ශි කිසිවක් නැහැ. තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. හැබැයි මේ වගෙ බොරු කෑගැහිලි නම් හෙන නෝන්ඩි.

    • visu says:

      ඇමරිකන් ගැති මැටි ගොයියන්………. ඉන්න රටක් මේක……… HUAWEI එක්ක හැරෙන්න වත් බෑ ඇමරිකාවට

    • ගරසරප says:

      කතාව ඇත්ත. නමුත් ඔය health සීන් එක ඉස්සෙල්ලාම පටන් ගත්තෙ රුසියාවේන්.

    • කුඩා දරුවා says:

      අනේ පල ඇමෙරිකන් පාංකඩයා…
      මෙලෝ හසරක් නොදන්න ගොබ්බයා

  5. Engineer morawaka university says:

    5g is harmfully. Should not bring to sri lanka

  6. Me3 says:

    අළුත් දෙයකට විරුද්ධ වීම හැමදාම සිදුවූ දෙයක්. Cellular phoneවලට විරුද්ධ වූ අය අද දෙක තුන පාවිච්චි කරනවා.
    මෙන්න 5G ගැන වර්තමානයේ අළුත්ම විවරණය:
    https://www.digitaltrends.com/mobile/is-5g-dangerous/
    ඉංග්‍රීසි දන්න කෙනෙක් ලවා පරිවර්තනය කර කියවන්න, බෙදාගන්න.

Main News