මහ කන්නයට කෘෂි රසායන නැත්තම් රටම විනාශයි… කෘෂිරසායන ආනයනයේ 87%ක් තනි සමාගමකට දෙමින් කැබිනට් පත‍්‍රිකාවක්..

September 12, 2021 at 5:30 pm | lanka C news
මහ කන්නයට කෘෂි රසායන නැත්තම් රටම විනාශයි…  කෘෂිරසායන ආනයනයේ 87%ක් තනි සමාගමකට දෙමින් කැබිනට් පත‍්‍රිකාවක්..

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන (කෘමි, දිලීර හා වල් නාශක) ලබාදීම සම්බන්ධයෙන් විමසමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ වෙත දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත.

මහ කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති 3 ක් තිබිය දී, වගාව සඳහා අත්‍යවශ්‍ය කෘෂි රසායන ගොවියාට ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතැයි ලිපිය මගින් පවසන කවිරත්න මන්ත්‍රීවරිය රජයේ කෘෂි රසායන ප්‍රතිපත්තිය ගොවියාට පැහැදිලි කළ යුතුව ඇතැයි පවසයි.

එම ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ,

‘මහ කන්නයේ කුඹුරු සහ හේන් ගොවිතැන සඳහා බිම සකස් කිරීමට වල් නාශක අත්‍යවශ්‍ය වේ. වල් නාශක යොදා පඳුරු විනාශ කර හේන් ගිණි තැබීම වගා බිම් සැකසීමේ මුල්ම පියවරයි. ලංකාවේ සෑම ප්‍රදේශයකම ඇති වල් නාශක නැගෙනහිරට ප්‍රවාහනය කරති. බහුදින ධීවර යාත්‍රා මගින් ඉන්දියාවේ සිට රැගෙන එන නීති විරෝධී වල් නාශක මන්නාර, දකුණ හා නැගෙනහිර මුහුදු කලාපයෙන් රටට ඇතුළුවන බවයි.

තවද, බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත. අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වී වගාව පිදුරු බවට පත්ව ගොවීන් කුඹුරු ගිණි තබන්නේ කෘමි හානි නිසා බව පවසන ලිපිය, දිලීර නාශක නොමැතිවීම නිසා නිරිතදිග මෝසම් සමයේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල තේ දළු අස්වැන්න පහත වැටී ඇත. වැසි සමයේ දින 4-5 ක අඛණ්ඩ වැස්සකට, මීදුම හා තෙතමනය අධික කාලගුණයක දිලීර මර්ධනයට ‘දිලීර නාශක’ අතශ්‍යවශ්‍ය වන බව අවධාරණය කරන කවිරත්න මහත්මිය, කෙටි කාලීන වී වර්ග සිටවීම හෝ වැපිරීමෙන් පළමු දින 3 සිට සති 4 දක්වා වල් මර්ධනය අනිවාර්ය වේ. රජරට ගොයම් ගස් බොල් වී – පිදුරු බවට පත්වන බව පවසයි.

කෘෂි රසායන නොමැතිව වානිජ්‍ය කෘෂිකර්මාන්තය සිදු කළ නොහැකි බව කෘෂි විද්‍යා පිඨයක මහාචාර්යවරයෙකුවන ද ආමාත්‍යාංශ ලේකම්වරයා, කෘෂි රසායන නොමැතිවීම දින දෙක තුනකින් සම්පූර්ණ වගාබිමක් විනාශ කිරීමට හේතුවන බව නොතකා කටයුතු කරමින් සිටින බවට චෝදනා කරයි.

කෘෂි රසායන අලෙවිය තනි සමාගම් ඒකාධිකාරය

පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාව අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂි රසායන ආනයනයේ ඒකාධිකාරය තනි සමාගමකට පැවරීමට උත්සහ දරන බව පැහැදිලිය. සීනී ආනයනයේ යෙදුණු සමාගම් 67 ක් වෙනුවට සමාගම් 12 කට ආනයනය සීමා කිරීම මගින් ඇති වී ඇති තත්වය රටම දනී. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සකස් කළ කැබිනට් පත්‍රිකාව මගින් කෘෂිරසායන ආනයනයේ 87% ක ඒකාධිකාරයක් සති සමාගමක් වෙත ලබාදීමට යෝජනා කර තිබු බව ලිපිය මගින් විවේචනය කර ඇත.

1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව, ලංකාවේ පළමු වරට කෘෂි රසායන ආනයන ඒකාධිකාරය තනි සමාගමකට ලබාදීමටත්, ‘බෝට්ටු කෘෂි රසායන‘ සහ ‘කළු කඩ වස වෙළෙඳාම‘ ප්‍රවර්ධනයට කෘෂිකර්ම අමාත්‍යාංංශය කටයුතු කරන බව ලිපිය දක්වයි.

අධික විෂ සහිත කෘෂි රසායන හොර පාරේ ආනයනයට ඩොලර් වෙනුවට මේ රටේ රත්තරං ටික හොර පාරේ ඉන්දියාවට පටවනු ලබයි. කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික කෘෂිකර්මය කියා ලේබල් ගසමින් අධි විෂ කෘෂි රසායන රටට ගෙන්වීමට අවශ්‍ය පදනම සකස් කර ඇත.
කවිරත්න මහත්මිය ලේකම්වරයා වෙත අවධාරණය කර ඇත්තේ,

  1. කෘෂි රසායන කිසිවක් ආයනයන නොකරන්නේය යන ස්ථාවර තීරණයේ රජය සිටින්නේ නම්, ඒ බව රටට ප්‍රකාශ කිරීම අමාත්‍යාංශයේ වගකීමකි. එවිට ලංකාවේ ජනගහනයෙන් 30% ක් වන කෘෂිකර්මාන්තයෙන් යැපෙන්නන්ට වෙනත් විකල්පයක් සොයා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
  2. මෙරට කෘෂි රසායන ආයනයනයෙන් 60% වල් නාශක වේ. වල් නාශක ආයනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම්, සත්ව ආහාර (බඩ ඉරිඟු) ඇතුළු සියලු දේ ආනයනය කිරීමට සිදුවේ. එපමනක් නොව, තේ, රබර්, කටුපොල් වගාබිම් සඳහා චීන හෝ වෙනත් කම්කරුන් ආනයන කිරීමට සිදුවනු ඇත්තේය.
  3. දිලීර හා කෘමි නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට යෝජනා කර ඇත. මි.ලි. 50 ක වස බෝතලයක් හෝ ග්රූම් 400 ක දිලීර නාශක පැකට්ටුවක් ගන්නට දින දෙක තුනක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන ගානේ රස්තියාදු වන විට දිලීර, පනු වර්ග වගාව විනාශ කර අවසන්ය. පසුගිය වසරේ පොළොන්නරුව, මාතලේ ඇතුළු කලාපයේ සේනා දළඹු වසංගතය පැතිරුණි. එක් දිනක් තුල සම්පූර්ණ වගාව විනාශ කිරීමට මේ කෘමීන්ට හැකියාව ඇත. කුඩිත්තන්ගේ ආක්‍රමණයෙන් දින දෙකකින් සම්පූර්ණ වගාව විනාශවන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට, අමාත්‍යාංශයට අවබෝධ නොවීම ජාතියේ අවසනාවකි. අමාත්‍යාංශයේ මෙම මෙම ප්‍රතිපත්තිය කෘෂිකර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබූවන්නට පමණක් නොව පරිපාලනයේ මුලිකාංග පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයින්ගේ දැනුමට කරන නිගරුවකි. ජීවිත කාලයට ගොවිතැනින් යැපෙන අහිංසක ගොවියෙකුට ඇති සාමාන්‍ය දැනුම නොමැතිවීමකි.
  4. අද වන විට කාබනික කෘෂිකර්මාන්ත යැයි කියමින් පොහොර ලේකම් කාර්යාලය, තේ මණ්ඩලය, හරහා පස්සා දොරින් රසායන ද්‍රව්‍ය ඇති හැකි අයට බෙදීම සිදුවේ. කෘෂි රසායන තහනම ද එලෙසම තනි සමාගමකට වෙළෙඳ ඒකාධිකාරය ලබාදීම සඳහා සිදු කරන කූට ජාවාරමක් පමණක් බව බවයි.

මහ කන්නයට තවත් සති තුනකට වඩා කාලයක් නොමැති බැවින්,

  1. කෘෂි රසායන (දිලීර, වල්, කෘමි නාශක) ආයනයනය කරන්නේ ද? නැති ද? යන ප්‍රතිපත්ති තීරණය නිරවුල් ලෙස රටට හෙළි කරන ලෙස ද,
  2. කුමන ආකාරයකින් හෝ වෙළෙඳපොල ඒකාධිකාරියක් ඇති කර මිල ඉහළ නැංවීමට ඇති සැලසුම අකුලා ගන්නා ලෙස ද,
  3. විවෘත හා තරඟකාරී පදනමකින් ප්‍රමිතියකින් යුතු දිලීර, වල් හා කෘමි නාශක ආනයනය, බෙදාහැරීම හා අලෙවියට අවස්ථාව සලසන ලෙස ද, මේ රටේ ජනගහනයෙන් 30% ක් වන කෘෂිකර්මාන්තයේ නිරත පිරිස වෙනුවෙන් ඉල්ලන බව ද, කවිරත්න මහත්මිය ගේ ලිපියේ දැක්වේ.

– midea unit

25,691 views

24 Comments to “මහ කන්නයට කෘෂි රසායන නැත්තම් රටම විනාශයි… කෘෂිරසායන ආනයනයේ 87%ක් තනි සමාගමකට දෙමින් කැබිනට් පත‍්‍රිකාවක්..”

  1. කැලණියේ නයා says:

    ඒක තමා නෝන සවුබාග්ගෙ දැක්ම කියන්නෙ නෝනල මහ බැන්කුව යාලුවට කන්න දීල දැන් යාලුව රටෙත් නෑ ඒ වගෙ මෙයාලත් සීනි ටික යාලුවට කන්න දෙනව කොවිඩ් ටෙස්ට් කිට් ටික යාලුවට කන්න දෙනව ආන්ඩුවෙ පාරවල් කොන්තරාත් තව යාලුවෙකුට කන්න දෙනව .මොකෝ ඔය ඔක්කොම යාලු මාලු එලිපිට කෑවත් හැන්ගිලා කෑවත් මයිලකට වත් අත තියන්න පුලුහන්ද මේ රට ජහමනයට උන් ඒ ගැන හිතන්නවත් බෑ ඒ තරමට වහල්ලු කාබනික ටොපි හෙළ ටොපි තම්බි ආක්‍රමන ටොපි පැනි ටොපි කාල උන් මත් වෙලා

    • National Convention says:

      තවදුරටත් තට්ටුමාරුව අර්බුදයට පිලිතුර නොවේ.
      වසර 73ක පරිහානියට හේතු වූ ‘විෂම චක්‍රය’ බිද දැමිය යුතුව ඇත.මේ කිසිදු පක්‍ෂයක් කෙරෙහි තවදුරටත් ජනතාවගේ ප්‍රසාදයක් හෝ විශ්වාසයක් නැත. සජබ, ජවිපෙ බොර දියේ මාළු බෑමට දරන අවස්ථාවාදී හා තුච්ඡ උත්සාහය පිළිකුල් සහගතය.
      225 සහ පක්ෂ දේශපාලනයෙන් පරිභාහිරව නව පුඵල් ජනතා අරගලයක් බිහි වෙමින් පවතී.
      පාට හා ලාංඡන වලට පයින් ගසා පක්ෂ වහල්බවින් මිදී එයට සියලු ප්‍රගතිශීලී ජනතාව එකතු විය යුතුය.

      • dev says:

        me thattu maru karamya newe
        podujana peramuna kiyanne aluth ekak. nawa dakmak

        • LalithM says:

          පොදුජන පෙරමුණ නව දැක්මක්.ඇත්ත. මොකුත්ම වෘත්තීය දැනුමක් නැති හොරු රෑනක් මිනිසුන්ට බොරු බියක් මවා රටක් අල්ලාගෙන කොල්ලකනවා. මුහුදු කොල්ලකාරයෝ වගේ.කොල්ලකන දේ තමන්ගේ රටට ගෙනයනවා.

        • Old Wine says:

          ඇයි සජබ?
          ඊටත් වඩා අඵත්ම එක.නව තරුණ නායකත්වය. නවතම දැක්මක්.

        • ගෞම් ඊයාරාජ් says:

          ලබ්බ තමයි. ජොකත් නෑ. 😂😂😂

      • hu! says:

        ජෙප්පන්ගෙ ආසාවනෙ. තට්ටු මාරු දැන් ඇති දැන් අපටත් කන්න දීපල්ලා. 😂දෙන්නම වටින බඩු ටික

    • MM says:

      ඇයි අර ජවිපාවොනගේ උද්ගෝසන ටොපිය? ඒක කාපු ගුරැහොරැ ගොඩක් චුතවෙලා

    • SunilPerera says:

      රසායනික ගොවිතැන මෙන් කන්නය ආරම්භ කිරීමට ප්‍රථම පොහොර කෘමිනාශක රැස්කිරීමක් කාබනික ගොවිතැනේදී අවශ්‍යද යන්න මේ කතාකරන නයි පොළොඟුන් පළමුව සොයාබැලිය යුතුය. බුද්ධිමත් ටොයියන් රසායනික පොහොර යෙදූ ග්‍රීන් හවුස් වගාව නිසා ඇතිවන පිළිකා සහ වකුගඩු රෝග සහ අනෙකුත් සොයා නොගත් රෝග නිවාරණය සඳහා යන මුදල් වියදම ගණනය කළ යුතුය. ඉන්පසු නිසි නිරීක්ෂණ මෝඩ බයියන්ට පැහැදිලි කල යුතුය.

  2. Love nature says:

    රසායනික ගොවිතැන නිසා හෙළ ගොවියාට සිදු වූ ආධ්‍යාත්මික හානිය ගැන කතා කරන අය අඩු ය. හෙළ ගොවිතැන කිසිදු ප‍්‍රාණියෙකුට හානියක් නො කර කළ කර්මාන්තයකි. එය සම්මා ආජීවයක් ලෙස මහත් අභිමානයකින් තම ආධ්‍යාත්මික වර්ධනය සඳහා එක් කර ගැනීමට හෙළ ගොවියා කටයුතු කළේ ය. පරිසරයත් සමඟ අනුගත වී, සියලූ‍ සතුන්ට ජීවත් වීමට ඇති අයිතියට ගරු කරමින් ධාර්මික ජීවිතයක් ගත කිරීමට හෙළ ගොවියාට හැකි වී තිබිණ. ඒ සඳහා ඔහු ලොව කිසිවකුට නො දෙවෙනි තාක්‍ෂණයක් අනුගමනය කළේ ය. වී ගොවිතැන් කළ ගොවියා වීවලට ‘බුද්ධ භෝගය‘ යැයි මහත් ගෞරවයෙන් සලකා වගා කළේ ය. එහි තේරුම වූයේ බුදුන්ට පුද කිරීමට සුදුසු තරම් ධාර්මික ඉපැයීමක් එහි සිදු වූ බව යි. ඒ සඳහා සතුන් මැරීම හෝ අධාර්මික කටයුත්තක් කිරීම ඔහුට කැප නො වී ය. අස්වැන්න නෙළා ගත් පසු එහි අග‍්‍ර කොටස බුදුන්ට, සඟු‍න්ට පූජා කිරීම හෙළ ගොවියා කිසි විටකත් කඩ නො කළ චාරිත‍්‍රයකි.

    කිසිත් තිරසාරකමකින් තොර නවීන කෘෂි තාක්‍ෂණය තුළ හෙළ ගොවියා අතරමං කිරීමට මෙරට කෘෂි විද්‍යාඥයින් දායක වී ඇති තරම කණගාටුදායක ය. මහත් භක්තියෙන් වගා කළ ‘බුද්ධ භෝගයට‘ කෘෂි රසායන භාවිත කිරීමට ගොවියා පෙලඹවීම තුළින් මිලියන ගණනින් සත්ව ඝාතනයට බල කිරීමෙන් හෙළ ගොවියාගේ ආධ්‍යාත්මය විනාශ කිරීමේ පාප කර්මයට ‘හරිත විප්ලවය’ දායක වී ඇත.

    • Kalupahana says:

      ජවිපෙ සුපිරිම නිශ්පාදනයක් තමා විමල් වීරවංශ.තවත් සුපිරි රතු තරුවක් නන්දන ගුණතිලක.අද කොහෙද ඔවුන්?
      නන්දන ගුණතිලක ජවිපෙන් ජනාධිපතිවරණයටත් ඉදිරිපත් කල රතු තරුවක්..අද අන්ත දක්ශිණාංශයේ.
      විමල් වීරවංශ හිටියේ ලෙනින්ටත් එහා මාක්ස්වාදී බවක් ආරෑඩ කරගෙන.අද විමල් තුන්වන පංතියේ ජාතිවාදියෙක් වෙලා වලව්වේ බුරන සුනකයෙක් වෙලා.
      2010 ජනාධිපතිවරණයෙදි ජවිපෙ සුපිරි තරුවකට සහය දැක්වූවා.ඒ සරත් ෆොන්සේකා.එදා ෆොන්සේකාට චන්දය දෙන්න කියා SFමෙහෙයුමක් දියත් කල ජවිපෙට අද ආයෙත් ෆොන්සේකා එක්කම එකතු වෙන්න පුළුවන්නේ? විමල් වීරවංශ, නන්දන ගුණතිලක හා සෝමවංශ අමරසිංහ අවසානයේදී ගිය අන්ත දක්ශිණාංශ පාරෙම ලගදිම අනුරත් යාවී.ජවිපෙ ෆේල්.සර් ෆේල්.ෆොන්සේකා ෆේල්.

  3. Love nature says:

    ශ්‍රී ලංකාවේ සමස්‌ත වගාබිම් ප්‍රමාණය හෙක්‌ටයාර 2,645,000කි. මේ වගාබිම් සියල්ලට ම මෙතෙක්‌ හෙළා ඇති රසායනික පොහොර ප්‍රමාණය මෙතෙකැයි කියා නිම කරන්නට බැරි ය. එසේ ම ඉන් සිදු වූ පාරිසරික හානිය ද තක්‌සේරු කළ නොහැකි ය. ඒ වෙනුවෙන් විදේශයන්ට ඇදී ගිය ජාතික ධනය රුපියල් බිලියන ලක්ෂ ගණනකි. මේ සා විශාල මුදල් සම්භාරයක්‌ වැය කර අප මහ පොළොව මත හෙළන රසායනික පොහොර නිසා සිදු වූ විනාශයේ ඵල මේ වන විටත් අප භූක්‌ති විඳින්නට පටන්ගෙන ය. එහෙත් ඒ ප්‍රතිඵලවල දරුණුතම විපාක විඳීමට සිදු වන්නේ ඔබේත් මගේත් අසරණ දරුවන්ට මෙන් ම දරුවන්ගේත් දරුවන්ට ය.

  4. Planter says:

    Absolutely correct but not accepted by many for political reasons. The time is running out for many cultivators and late action will be a real disaster…

  5. මෝඩ බයියා says:

    මෝඩ බයි රැල හෙල හෙල කියා මෙතන වැලලෙන්නෙ නැතුව ඔය තියෙන ඉන්ටනෙට් කනෙක්සන් එකෙන් සර්ච් කරපල්ල ලෝකෙ කෘෂි කර්මය අද තියෙන තැන සහ අපි ඉන්න තැන අපි අක්කර ගනන් කැලෑ කප කප හේන් වවද්දි ලෝකෙ ලෝකෙ රටවල් ඒ පලදාවම ගන්නව පර්ච් පහක ග්‍රීන් හවුස් එකක් ඇතුලෙ .තොපිට දූසිත පූජකයොයි කපටි දේසපාලුවොයි එක්කහු වෙලා කවන හෙළ කාබනික ටොපි කකා ගෝත්‍රික බන්කොලොත් රටකට යන මේ ගමන තවත් වේගවත් කරපල්ල.

    • 3% නැති ජෙප්පා says:

      ගොබිස් උඹගේ ඔය කනෙක්සන් එකෙන් සර්චි කරලා බලපං KISS THE SOIL කියන වාර්තා වැඩසටහන උඹට තේරෙයි පාට කන්නාඩිය දාගෙන උඹ මෙි කරන විකාරය කොචිචර ගොබිබද කියාලා. ඒකේ කතා කරන තාක්සනය අපේ හෙල රාවන පරපුරේ අපි ප්‍රයෝජන නොගත්තට. උඹ මෙි වගේ බහුජාතික මිනිමරැ කොමිපැනි වලට කඩෙි යන නාකි අමිමන්ඩිලාට බැලකමි කරන එකගැන ලැජ්ජාවෙයන්

      • ගෞම් ඊයාරාජ් says:

        බත් බැලයෝ ! කාබනික කතන්දරේ ආපූ ගමන් උබලා හුරේ දැම්මා , දැන් රසායනික පොහොර ගේන්න එකසමාගමකට ගහපු ගැසට් රිවස් කරලා දෙනකොට , උබලා එකටත් හුරේ දැම්මා , උබලට තියෙන්නේ අපේකම , අපේ දේ කියන මෙන්ටැලටී එක නෙමෙයි , උබලට තියෙන්නේ රජපවුලට කඩෙ යෑම උම්මාද ගතිය. උබයි මායි දන්න කාබනික පොහොර ලබ්බ. කිසිම රටක් පූර්ණ වශයෙන් කාබනික වගාවෙ යෙදෙන්නෑ , ප්‍රායොගිකව වැඩිවන ජන ගනත්වයට සාපේක්ෂව ඒක කරන්න බෑ මීහරකො , උබට ඔන්නං වවාගෙන කාපං කාබනික පොහොර ටිකක් දාලා , කරන්න බැරි හීන ලෝකවල ජිවත්වෙලා මගුල් කියවන්නැතුව .

    • Dharshana Abeykoon says:

      කොහොමත් සත්තුන්ට ජාතක උන උන්ට, මංපහරන පල්හොරැන්ගෙන් පැවතෙන ජාන තියෙන උන්ට හෙල වචනේ දැක්කත් පුකේ ඉත්තෑවෝ දුවනවා

    • Planter says:

      👍👍👍👍👍👍

    • AA says:

      මෙින්න මහාබුද්දිමතෙක් හිකස්…. . අමු පොල්බුුරැවෙක් කියලා රටටම පෙන්නනවා

  6. සයිබු නානා says:

    නොදකින් මේ ගෑනි උදේ දැක්කොත් කැඳත් නෑ

  7. modaya says:

    These people who talk about ancient agriculture and culture do not think about that we have to feed a population of 21 million compared to 6 million we had at the time of independence and 900,000 in 1821 (British took a census in 1821 ! Strange but true. Only idiots with no intelligence talk about organic farming and the ancient culture.
    We will face severe food shortages because of this unwise policy. Even if we import rice from abroad we will have all toxic chemicals like arsenic. Then these bayyas can eat such toxic rice and end up with cancers.

    • ගෞම් ඊයාරාජ් says:

      Very well said ! But its sad that typical baiya buffaloes have no brains to understand such facts.

  8. Silva says:

    රෝහිනීට ලොකු අමාරුවක් තියෙනවා අපේ රටේ මිනිස්සුන්ට වහ කවන්න. ලොකු ඩොලර් කුට්ටියක් අරගෙන වගේ