මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. දේශපේ‍්‍රමීන් ලෙස නම් කරද්දී කැප්පෙටිපොල රුව වටාපතක දිස්වෙයි..

March 4, 2017 at 3:00 pm | lanka C news
මහනුවර මගුල් මඩුවේ අසිරිමත් සිදුවීමක්.. දේශපේ‍්‍රමීන් ලෙස නම් කරද්දී කැප්පෙටිපොල රුව වටාපතක දිස්වෙයි..

මෙරට පාලනය කල බි‍්‍රතාන්‍යයින් විසින් දේශද්‍රෝහීන් යයි නම් කර තිබූ වෙල්ලස්ස කැරැල්ලට සම්බන්ධ වූ ජාතික විරුවන් 82 දෙනකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මහනුවර මගුල්මඩුවේදී දේශපේ‍්‍රමීන් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සිදු වූ අවස්ථාවේදී අස්ගිරි පාර්ශ්වයේ නායක ස්වාමීන් වහන්සේ නමකගේ වටාපතේ කැප්පෙටිපොළ දිසාවගේ ඡයාව ප‍්‍රාතිහාර්යයකින් මෙන් දිස් වී ඇත.

මෙම සිදුවීම සිටි බස්නායක නිලමේවරුන්ද සියැසින් දැක ඇති අතර මාධ්‍යවේදීන් විසින් කැමරාවටද ගෙන තිබේ.

මෙම අසරිමත් සිදුවීම සිදුව ඇත්තේ දේශපේ‍්‍රමීන් 82 දෙනා වෙනුවෙන් පින් අනුමෝදන් කළ මොහොතේදීය.

497 views
Main News