එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි.. නැතොත් බස් ගමන් තහනම්..

September 14, 2021 at 1:20 pm | lanka C news
එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි.. නැතොත් බස් ගමන් තහනම්..

කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පත නොමැතිව බස් රථවලට මගින් පටවා ගැනීම අත්හිටුවීමට බස්නාහිර පළාත තුල එන මාසයේ සිට නව නීතියක් පනවා තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පරීක්ෂකවරුන් නිරන්තර පරීක්ෂා කිරීම් වල යොදවන බවත් ය.

බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ 6,200 ක් පමණ සංඛ්‍යාවක් ධාවනය වන අතර එම බස් රථ සේවකයන් සඳහා ද කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

පළාතේ බස් රථවල ගමන් කරන මගීන් කොරෝනා එන්නත් කරන කාඩ් පත තමන් සතුව තබා ගැනීම අනිවාර්ය කර ඇති අතර බස් රථයට මගින් ඇතුළු කර ගැනීමේදී කාඩ් පත පරික්ෂා කිරීමේ වගකීම කොන්දොස්තර වරයාට පැවරෙන බව ද අධිකාරිය කියා සිටී.

36,691 views

41 Comments to “එන්නත් කාඩ්පත අනිවාර්ය කරයි.. නැතොත් බස් ගමන් තහනම්..”

  1. Nuwan says:

    කරැනාකරල මෙම නීතිය මහනුවරට වහාම පනවන්න. අප දැනුවත්ව අති විශාල පුද්ගලයන් ප්‍රමානයක් නොයෙකුත් බොරැ හේතු දක්වමින් ඒන්නත නොගෙන මගහැර තිබේ. මෙම හේතුව නිසා මහනුවර ඡනතාව දැඩි අවදානමකට පත්වේ

    • කුඹුක්කණ් says:

      හරි උන් ටිකත් මරු කටට දැම්මමද උඹට නින්ද යන්නෙ?

  2. වාහකයන් says:

    කාඩ් පත සහිත වෛරස් වාහකයන් බස් රථවල රැගෙන යාම හරිද?

  3. aruna says:

    එහෙම කිසි කෙනෙක්ට බලෙන් බෙහෙත් විදින්නවත් , මේ බෙහෙතමයි විදගන්න ඕනි කියල නීති දන්න බෑ . ඒක මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නෙමෙයිද ?

  4. Chathura Wickramasinghe says:

    Can Gov. health officers take the responsibility of vaccination? If not pls.do not press people for untested vaccinations. It’s like passing your ball to the general public. pathertic.

  5. Felix says:

    Passport, National ID, Certificates Hadana Me Rate, Oya Card Eka Mokakda? Kala Yuththe Pol Patawala Wage Yanne Nethiwa, Seema Sahithawa Neethi Reethi Walata Yana Ekai.

  6. දැන්නම් සිංහයෙක් කියලා රැවටිලා හිවලෙක් කැලේ රජකමට පත් කරගත්ත කතාව මතක් වෙනව

  7. Thusantha says:

    එන්නත් කල කාඩ් එක පෙන්නු පමණින් කොරෝනා සෙවිය නොහැක. PCR එකක් කර දින 14k නිරෝධායනය කර, නැවත PCR එකක් කර බසයට නංවා ගත යුතුයි. එන්නත් කල කාඩ් එක පෙන්නු පමණින් කොරෝනා සෙවිය නොහැක. එන්නත් කල කාඩ් එක ඇති අය වාහකයන් ලෙස ක්‍රියා කල හැක.

Leave a Comment

Main News