NMRA දත්ත එක්ක සෙල්ලම් කොට සල්ලන් වුණු පෞද්ගලික දුරකථන සමාගම…

September 17, 2021 at 12:40 pm | lanka C news
NMRA දත්ත එක්ක සෙල්ලම් කොට සල්ලන් වුණු පෞද්ගලික දුරකථන සමාගම…

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් ‘ගවන්මන්ට් ක්ලවුඩ්’ හි තිබූ අතිශය රහස්‍ය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාම පිළිබද පළමු වෙඩි මුරය නිකුත් කළේ මෙරට මාධ්‍ය මගිනි.

මෙම දත්ත ගබඩාව බිඳවැටීම බරපතල සිද්ධියක් ලෙස හඳුනාගෙන ඇති බවත් මෙය සැලසුම් සහගත ක්‍රියාවක් ද, අත්වැරැදීමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේය.

මෙහි ලිපිගොනු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ විය. කෙසේවුවත් මෙහි දත්ත මැකීයාම ජූලි මාසයේදී සිදුවී ඇති අතර ඒ සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ.

මේ සිද්ධිය පිටුපස සිටින්නේ විදේශ රටක දැවැන්ත කොටස් හිමිකාරිත්වයක් ඇති සන්නිවේදන සමාගමක් බව පැවසෙන අතර මීට පෙරද මොවුන් සිය දත්ත සම්බන්ධයෙන් වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව තහවුරු වී ඇත.

අති සංවේදී තොරතුරු පද්ධතියක් මෙලෙස අනාරක්ෂිත තත්වයකට ඇදදමන්නට රාජ්‍ය නිළධාරීන් පවා උඩගෙඩි දී ඇති බව පැහැදිලි වේ.

පසුගියදා රස කර කර සමාජ මාධ්‍ය තුළින් තලු මැරූ  පහන්තුඩාවේ වීඩියෝවේ සිටි ජෝඩුව කවුද යන්න සොයන තරම් වත් උනන්දුවක් රාජ්‍ය ආරක්ෂාවට පවා බලපෑ මේ මගඩිය ගැන සොයන්නට නොමැතිවීම කනගාටුවට හේතුවකි.

ජනතා බදු මුදල් බල්ලට දමා සිදුකරන මේ සල්ලන් සෙල්ලම් ගැන ප්‍රශ්න කිරීමේ බලය ජනතාව සතුය.

ඈත පිටිසර වෙසෙන ගැමියාට පවා රජයේ කාර්යයන් ගැන සැබෑ තොරතුරු විමසීමට බලය හිමි තොරතුරු පනත ඇත්තේ මේ වෙනුවෙනි.

– Repoter

81,838 views

16 Comments to “NMRA දත්ත එක්ක සෙල්ලම් කොට සල්ලන් වුණු පෞද්ගලික දුරකථන සමාගම…”

  1. dev says:

    ගවන්මන්ට් ක්ලවුඩ් එක කළමනාකරණය පිටරට කොම්පැනි වලට දුන්නම ඕක තමයි වෙන්න ..
    ඔය පුද්ගලික ඉස්පිරිතාලවල පරිගණකවල තියෙන මිනිස්සුන්ගේ දත්ත කොහේ උන් ගන්නවද මොනවට පාවිච්චි කරනවද කියලා දන්නවද? ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂා කරන්න තියෙන නීති මොනවාද?

  2. බුද්ධිමතුන්ගේ අවධානයට ලක්කීරීමටද අදහස් කරන්නෙමු! says:

    ”ඡාතික ආරකෂාව” වෙනුවෙන්,.. බලයට පැමිණි ගොඨාබය ඡනාධිපති රටේ පුරවැසියන්ගේ පුද්ගලිකතවය සහ රහස්‍ය භාවය ඡාතික ආරකෂාවේ කොටසක් ලෙස හඳනා නොගැනිමට තරම් ප්‍රාථමික නොවිය යුතුයි,.!

    වහාම පුරවැසියන්ගේ පුද්ගල දත්ත ආාරෂාකර ගැනීමට,ආරකෂක අමාත්‍යංශයේ සම්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාව තුළ සෑම කෙෂත්‍රයක්ම ආවරනය කරමින් මධ්‍යගත දත්ත ගබඩාවක් පවත්වාගෙන යායුතුයි,.
    දත්තගබඩා පහසුකම් අවශ්‍යවන කෙෂේත්‍රයන්ට පහසුකම් සපයා රටතුළම නව ආදායම් මාරගන් නිර්මාණය කළහැකිවන අතර රැකියා විශාළ ප්‍රමාණයක්ද නිර්මාණය කළ හැකි බව අවහෝධ කර ගැනීමට ප්‍රමාද නොවී කටයුතු කළ යුතුයි,.! රාඡ්‍ය දෙපාරතමේන්තු පළමුව ඡාළගතකර මධ්‍යම දත්ත ගබඩාවක් ශ්‍රී ලංකා රඡය විසින් මුදල් අයකරමින් පවත්වාගෙන යායුතුයී,.!

    දෙපාර්ථමේන්තුවල සේවාලාභින් දරණා බරපැන් වලට මෙමගින් ආරකෂාවක් මෙන්ම විශ්වාශවන්තභාවයක්ද ලැබෙන අතර, සේවාලාභීන්ටද ගෙවන මුදළට සාධාරණයක් ඉටුවීමද නිරායාසයෙන් සිදුවනු ඇත,.!

    ඡාතික ආරකෂාවට සම්බන්ධ කිසිම කෂේත්‍රයක් පෟද්ගලි අංශයට නොදිය යුතුවන අතර,.!
    දත්ත යනු ”රන් රිදී මුතු මැණික්” හෝ ඊටත් බොහෝසේ වටිනා, ආරකෂාකළයුතුම මෙන්ම ඉතාමත්ම වගකීමෙන් යුතුව පරිහරණය කල යුතුම කාරණාද වනවා ඇත., ”දත්ත යනු විශ්වය තුළ මේ මොහොතේ පවතින වටිනාම සම්පත ලෙස වගකිවයුත්තන් අනිවාර්යෙන්ම අවභෝධ කර ගැනීමට තරම් රට ඡාතිය පිළිබඳව සංවේදී විය යුතුවන අතර සහ ඡාතික ආරකෂාව පිළිබඳව ”අන්ධයන් බිරන් හෝ මිගවයන්,සිව්පාවුන් සේ ක්‍රියා නොකළ යුතුයි., ”කිසිම රඡයකට පුරවැසියන් සමඟ බද්ධවු දත්තයන් අනතුරේ හෙළිමට කිසිදු සදාචාරාතමක අයිතියක් ද නොමැති අතර, වගකිවයුතු රඡයකින් පුරවැසියන් ලෙසින් කිසිවිටක නිදහසට කරැණුද අපේකෂා නොකරන බව ඡනාධිපති තුමා ඇතුළු සියළු පාළණ බළය හසුරවන්නන් ”නොපමාව” අවභෝධ කර ගනු ඇතැයි අපේකෂා කරනු ලබයි!

    ඉතාමත් දුර්වළ සහ දූශිත , සහ හිතාමතාම කුමන්ත්‍රණ කාරීව මුළු කෙෂ්ත්‍රයම විණාශ කිරිමට පුද්ගලික කරනයට ලක්කිරීම හෝ විද්ශිකයන් අතට පත්කිරීම,හෝ වෙනත් ආකාර උපක්‍රමයන් ඹස්සේ විනාශ කරමින් සිටින්න් මාත්‍රෘභුමියේ ස්වෙෙරීත්වයට දැඩිසේ බලපාන්නාවූ කරැණු කාරණා බව සියළු බුද්ධිමතුන්ගේ අවධානයට ලක්කීරීමටද අදහස් කරන්නෙමු!

  3. කිත්සිරි says:

    කාලයක් ලියනවා කියනවා කාටවත් තෙරෙන්නේ නැහැ. තොරතුරු කියන්නේ අනාගතය, අර නියෝජිතායතනයේ ඉන්න හරක් කරන්නේ රට පාවා දෙන එක මොනවාහරි රටට වැදගත් දෙයක් ඉදිරිපත් කලොත් පතුරු යවනවා, කරන්න බැරිවෙන්න දේශය අප්‍රිය කරන අය හිටිය තැනක් බොරු පොරවල් වාගේ මවාගෙන, තවත් හොරු සෙට් එකක් ඉන්නවා, රජයේත් ඉන්න තොරතුරු සම්බන්ධ ලොක්කෝ බොරුවට කථාව විතරයි. රැකෙන්න පෙන්ෂන් යනකම්. රටේ තොරතුරු සම්බන්ධ තීරණ ගන්න තැන් වටග ඇත්තටම තොරතුරු තාක්ෂණය සමග සම්බන්ධව වැඩකරන පළපුරුදු අය පත්කල යුතුයි. වයසට ගිහින් ප්‍රොජෙක්ට් හැඩල් කරපු අය නෙවෙයි. කථාවට දක්ෂ වැඩට අදක්ෂ අය ‌හදුනාගැනීමට නොහැකි වීම රටට අවාසියක්. රට සවාරියක් දුන්නම සම්පූර්ණ පද්ධතියක් ‌පිටරට සමාගම් වලට පුජාකරනවා හොයන්න ජනපතිතුමනි හැබැයි ‌සංදර්ශන පෙන්වන නිලධාරීන් ඔබ වටාත් ඇති නේද? මම නම් දන්නේන නැහැ.

Main News