සතොස වංචා දුෂණවල ලිඛිත සාක්‍ෂි සූදානම්.. ජනපති ආ සැනින් ඔහුට දෙනවා..- ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන

September 24, 2021 at 11:20 am | lanka C news
සතොස වංචා දුෂණවල ලිඛිත සාක්‍ෂි සූදානම්.. ජනපති ආ සැනින් ඔහුට දෙනවා..- ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන

ජනාධිපතිවරයා නැවතත් මෙරටට ආපසු ඉක්මනින්ම ඔහු මුණගැසී සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ වන විට තමන් ඊට අදාළ සාක්ෂි සහිත සියළු ලියකියවිලි සූදානම් කරගෙන යමින් සිටින බව ද ඔහු පැවසීය.

මෙම දූෂණ වංචා පිළිබඳ ජනාධිපති වරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අදාළ සියලු කටයුතු අවසන් කරන බව ද එම දුෂණ වංචා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීම ඉන්පසු බලධාරීන්ට අයත් රාජකාරියක් යයිද ඔහු පෙන්වා දෙයි.

මීට පෙර ද තමන් ගෑස් ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයා හමු වී කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී ද තමන්ට බලධාරීන්ගෙන් විරෝධය මතු වූ බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

24,354 views

12 Comments to “සතොස වංචා දුෂණවල ලිඛිත සාක්‍ෂි සූදානම්.. ජනපති ආ සැනින් ඔහුට දෙනවා..- ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන”

  1. range says:

    මුන්ගේත් ලොකුවට උගත් කියුවට කරපු කිසිම දෙයක් නැහැ. කටින් බතල කොළ හිටවන්න උගත් සෙට් අපේ යුනිවර්සිටි වල ඉන්නේ. අපේ රටට ගැලපෙන දෙයක් කරපු උගත් එකෙක්වත් දැක්කේ නැහැ. මුන් දෙසපාලක්යින්ට ආවඩනවා මිසක්.

Main News