වරායේ සිරවූ ආහාර කන්ටේනර් මුදාගන්න ඩොලර් එකතු කරයි..

September 27, 2021 at 1:20 pm | lanka C news
වරායේ සිරවූ ආහාර කන්ටේනර් මුදාගන්න ඩොලර් එකතු කරයි..

ඩොලර් හිගතාවය හේතුවෙන් වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800ක පමණ ප්‍රමාණය නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඇතුලත් ලැයිස්තුවක් සකස් කර වෙලද ඇමතිවරයාට බාර දී තිබේ.

ආනයනකරුවන් ගනුදෙනු කරන බැංකු වෙනස් වීම නිසා ආනයනකරුවන්ගේ බැංකුව සහ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ආදී තොරතුරු අදාල වාර්තාවේ ඇතුලත් බවත් ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඉන් පසුව ඒ පිළිබඳව මහ බැංකුව විසින් තීරණයක් ගනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති

එම කන්ටේනර් නිදහස් කිරීම පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් අද හෝ හෙට වන විට ලැබෙනු ඇති බවද එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

දැනට වරායේ හිර වී තිබෙන ඇතැම් ආහාර ද‍්‍රව්‍ය ඉක්මනින්ම මුදා නොගතහොත් නරක් වීමේ ඉඩකඩ ඇතැයිද ඔවුන් කියා සිටිති.

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර වහා නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නද ගෙවීම් කිරීම ගැටලුකාරී වී තිබෙන නිසා එම කටයුත්ත මෙතෙක් නිසි ලෙස සිදු වී නැතැයිද සංගමය තව දුරටත් කියා සිටී.

වාර්තාව මගින් එම කන්ටේනර නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 15ක් අවශ්‍ය බව දන්වා තිබේ.

42,468 views

3 Comments to “වරායේ සිරවූ ආහාර කන්ටේනර් මුදාගන්න ඩොලර් එකතු කරයි..”

  1. ගෞම් ඊයාරාජ් says:

    කබ්‍රාල් ෆේල් , දැන් මේකටත් කියයි , වසංගතේ හින්දා බැරිවුනා කියලා , ඇත්තටම උබලට යහපාලනයෙන් ඉතිරි කරලා දීපු ඩොලර් බිලියන 8 කට ආසන්න මුදල කෑවද ? බංගලිදේශය ,වියටිනාමය ,මාලදිවයින වගේ ඇයි අපිට වසංගතය කලමනාකරනය කරගන්න බැරි වුනේ ? මොළ හතානො ඇවිල්ලා සුවර්ණමය යුගයක් ගෙනාවද ? දැන් රට කොටස් කරලා විකුනපල්ලා , ගිණි පොලියට ණය ගනිල්ලා , උම්මාද ගොං බෛයන්ට විතරක් නෙමේ දැන් අපිටත් ඉන්න හිටින්න රටකුත් , කන්න බොන්න දේකුත් නෑ , තණකොලයි , පුන්නකුයි කාලා , අර සුදු අළු ටිකේ ණය වාරීක ගෙවපල්ලා . කන්න බොන්න නැති උනත් ඉන්න හිටින්න අපිට රටක් නැතිවුනත් , මහ එවුන් ආතල් අරං , ණය වාරීක ගෙවපල්ලා. මෙහෙත් බෛයි පාණ්ඩුවක් ආවෑං ආවේ නෑ..

    • LalithM says:

      යකෝ මේකට වෙනවැඩක් නැද්ද මේකෙම කොට කොට ඉන්ඩ . ගවුම් ඊයරාජ් කියන එකා හරින් ප්‍රනාන්දුගේ සම්බන්දීකරන නිළධාරියෙක් කියල තමා ආරංචි. මුගෙත් ඇට පොඩි නිසා ගෙදරින් පන්නලද දන්නේ නෑ .

  2. Amila says:

    මාස් පතා විදේශ රැකියා කරන අය එවන ඩොලර් බිලියනයකට ආසන්න පඩි සල්ලි වලට මොකද වෙන්නේ.. යකෝ ඩොලර් මිලියන 15ක් හොයා ගන්න නැත්ද ලංකාවේ…?

Main News