අසපුවාසීන් සේරුවිල විහාරය පැහැරගෙන.. මහමොලකරු ඥාණානාන්ද හිමියි.. එය අපේ පන්සලක්..- කළ්‍යාණවංශික නිකායෙන් නිවේදනයක්…

September 27, 2021 at 9:20 am | lanka C news
අසපුවාසීන් සේරුවිල විහාරය පැහැරගෙන.. මහමොලකරු ඥාණානාන්ද හිමියි.. එය අපේ පන්සලක්..- කළ්‍යාණවංශික නිකායෙන් නිවේදනයක්…

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලනය සම්බන්ධයෙන් අමරපුර ශ්‍රී කල්‍යාණවංශ නිකාය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි විධායක ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය තංගල්ලේ අනුරුද්ධ හිමියන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

පුවත්පත් නිවේදනය

සේරුවිල මංගල රජමහ සම්බන්ධයෙන් පැවති වාරණය ඉවත්කෙරේ.

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලන කටයුතු වලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 145/2021 DSP දරණ නඩුව මගින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි සමිඳ්‍රයාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති තවත් විත්තිකරුවන් පිරිසකට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර ඇත. විහාරස්ථානයේ බලහත්කාරයෙන් රැඳී සිටින අලුදෙණියේ අලුදෙණියේ සුබෝධ භික්ෂුව සහ තවත් පිරිසක්  විසින් මෙම නඩුව කොළඹ දිසා දිසා අධිකරණය හිගුරු කර තිබිණ.

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නාහිමිපාණන් වහන්සේට පණවා තිබූ වාරණය වාරණ නියෝගය ඉවත් කර ඇති බව 2021.09.25 දින කළපළුවාව ගෝතම තපෝවනය දී පැවති අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සභාවේ දී කරුණු ඉදිරිපත් කෙරිණි. මේ පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතු යැයි අප සංඝ සභාවේ අදහස වූයේ එදින විද්‍යුත් නාලිකාවලට මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කළ අතර අද දින ඒ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනය මෙසේ සිදු කරමි.

ඓතිහාසික සේරුවිල සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් කලක් යමක් ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ මා හට වාරණ නියෝගයක් පනවා තිබූ නිසයි .මේ වන විට එය ඉවත් කර තිබෙනවා. ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට අයත් ප්‍රධාන ප්‍රධානතම පූජනීය ස්ථානයක් මෙම ස්ථානය කිසිලෙසකින්වත් අසපුවාසීන්ට ලබාදීමට අප නිකාය සූදානම් නෑ. ගිහියන් පිරිසකට එකතු වී මෙවන් ඓතිහාසික සිද්ධස්ථානයක විහාරාධිපති වරු පත් කරන්න කිසිදු බලයක් නෑ .මේ රටේ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාට පමණයි විහාරස්ථානයකට විහාරාධිපති ධුරය පත් කිරීමේ බලය තිබෙන්නේ.

පසුගිය කාලයේදී මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් විවිධ වාර්තා මාධ්‍ය තුළින් පළ වුණා. මේ වන විට සේරුවිල බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අසපුවාසී භික්ෂු පිරිස ප්‍රචාරයක් ගෙනියනවා සේරුවිල අසපුවේ ප්‍රවේණිගත උරුමය එයට විරුද්ධ විරුද්ධව උසාවි ගොස් ඇත්තේ නිකාය සහ පිච්ච මල් පූජාවේ හාමුදුරුවෝ කියලා. මේක අමූලික බොරුවක්. කොළඹ දිසා අධිකරණයේ අංක දරන 145/2021 DSP නඩුව පැවරුවේ අළුදෙනිලුදෙනියේ සුබෝධි භික්ෂුව ඇතුළු පිරිසක් නිකාය සහ අනෙක් පාර්ශවය විත්තිකරුව ඒ නිසා පොදු මහජනතාව දැනගත යුතුයි මේ වාසීන් කරන ප්‍රෝඩාව.

සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මේ වනවිට අලුදෙණියේ සුබෝධ භික්ෂුව ඇතුළු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අසපුවාසී අල්ලාගෙනයි සිටින්නේ. මෙහි මහ මොළකරු හා කිරිබත්ගොඩ හිමියන් තිරය පිටුපස සිටින මේ සියල්ල මෙහෙය වන්නේ උන්වහන්සේ. මේ රටේ දේශපාලන අධිකාරියේ සිට අහිංසක දායකයා දක්වා සේරුවිල සම්බන්ධයෙන් ප්‍රතිචාරය කර හරින්නේ ව්‍යාජ තොරතුරු ඒ නිසා මහජනතාව තේරුම් ගත යුතුයි සේරුවිල පුද බිමේ වර්තමාන විහාරාධිපතීන් වහන්සේ පූජ්‍ය කොටපොල අමරකිත්ති සහ මෙන් මේ බව තවදුරටත් අත්තනෝමතික ලෙස නිකාය සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් හැසිරෙන්න අසපු වාසීන්ට ඉඩ දෙන්නෙ නෑ.

127,251 views

33 Comments to “අසපුවාසීන් සේරුවිල විහාරය පැහැරගෙන.. මහමොලකරු ඥාණානාන්ද හිමියි.. එය අපේ පන්සලක්..- කළ්‍යාණවංශික නිකායෙන් නිවේදනයක්…”

  1. මඩමෙව්නාව says:

    ඔය කුණු අසපු වලට ගිනි 🔥 🔥 🔥 🔥 🔥 🔥 තියාපල්ලා

    • Hiran says:

      උබ හදපු එව්වද ගිනි තියන්න . අසපුවල දර්මය විතරයි කතා කරන්නෙ. උබලට ඉවසල ඉන්න බැරි ඒකයි. පන්සල් වල කකා බිබී දේශපාලන වහල් බික්ශූන් හොදයි උබලටත්

  2. T56 says:

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බල්ලට දාලා, ගෑනු ලතාවට බුදු පිළිම නෙලලා, බුදු පිළිම විකුර්ති කරපු ශාසන භක්ෂක අසපුවෝ.

  3. අනාගත දියසෙන් කමල් says:

    මහමෙවුනා අසපුවල විතරක් නෙවෙයි දැන් පන්සල් කියන එව්වගෙත් ඉන්නා ගොන්වහන්සේලා සහ අනුගාමික මෝඩයන් ධර්මය කියලා පතුරුවන්නෙ බමුණු බුද්ධාගමේ එව්වා. යාතිකා , ගීතිකා කියන්න අපේ බුදු හාමුදුරුවෝ කවි කාරයෙක් නෙවෙයි. බමුණු බුද්ධාගමේ උන් තමා ඒ කාලේ ඉඳන්ම බුදු හාමුදුරුවන් මැජික් කාරයෙක් , කවි ගී කිව්ව කෙනෙක් හැටියට ඉතිහාසගත පට්ටපල් බොරු කට කථාව ගෙතුවේ. සල්ලි හොයන්න අද කාලේ සිවුර තරම් හොඳ යුනිෆෝම් එකක් නෑ.. පොඩ්ඩක් හිතලා බලන්න ලවුඩ්ස්පීකර් දාගෙන කරන විකාරය… සල්ලි හොයන්න පන්සල් වලින් මොනතරම් දහන්ගැට ගහනවද ? ලංකාවේ හදලා ඉවර උන පන්සල් ඉතියෙන්නෙ අතේ ඇඟිලි ගාන වාගේ ඉතාම සුළු ප්‍රමාණයක් වෙන්න ඕනෑ..

  4. Udara jayasanka says:

    ..

  5. Udara jayasanka says:

    මේවාගේ හරි වැරැදි හොයන්න එපා.මොකද ඒවායෙන් වෙන්නේ සංඝ රත්නයට පරිබව වෙන එක..එයින් අපටම අකුසල් රැස්වෙයි…මේ කෙටි කාලයේ ඉක්මනින් පිං කුසල් රැස් කරන්න .මේ සියල්ල අයිති එහි නිර්මාණය කරපු උදවියටයි..අප සියල්ලුු දෙනාට ඇත්තේ ඒවො ආරක්ෂා කිරීමටයි.. මේසේ බේද යීමට නෙවෙයි..ධර්මයයි සමගිව ප්‍රචාරය විය යුත්තේ..තෙරැවන් සරනයි..

    • ඊරියෙවැටියේ ඌරු ක්‍රිස්ටි says:

      “මේවාගේ හරි වැරැදි හොයන්න එපා.මොකද ඒවායෙන් වෙන්නේ සංඝ රත්නයට පරිබව වෙන එක..එයින් අපටම අකුසල් රැස්වෙයි…”
      ඉහත ගොන් කතාව හැදුවේ ඌරු ක්‍රිස්ටි ගේ පුතා කිරිබත්ගොඩයා. ඒකා මුලු බෞද්ධ සමාජයම ඔය කතාව කියලා රැවැට්ටුවා. මේ වල් බූරු කතා තාමත් කරේ තියාගෙන යන මහමෙව්නා ගොන් වැස්සියන් කොයි ලෝකේ යයි ද කියන්න බුදුන් ට වත් බෑ.

  6. Chameera sampath says:

    ගිහියන්ට අත් හැරීම ප්‍රගුන කරන්න කියලා පංසල් අල්ලගන්න හාමුදුරුවන් කී දෙනෙක්නම් වලිකනවද. අනේ මංදා .

Main News