ට්‍රැක්ටරයකට යටවි එහි තණකොළ කපන යන්ත්‍රයකට කැපී කුඩා දරුවෙකු මිය යයි…

September 28, 2021 at 8:02 am | lanka C news
ට්‍රැක්ටරයකට යටවි එහි තණකොළ කපන යන්ත්‍රයකට කැපී කුඩා දරුවෙකු මිය යයි…

පල්ලම සේරුකැලේ විසු වයස අවුරුදු තුනහමාරක දරු සිගිත්තෙක් ට්‍රැක්ටරයකට යටවි එහි තණ කොළ කපන යන්ත්‍රයකට කැපි බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලම සේරුකැලේ විසු ශ්‍රීමාන් හිමාෂ ( 3 1/2) නමැති දරු සිගිත්තාය.

මෙම දරුවාගේ මවගේ මල්ලි ට්‍රැක්ටරයකින් වත්තේ කණ කොළ කපමින් සිටි බවත් ඒ අතර පැමිණි දරුවාව ට්‍රැක්ටරය පැදවු අය විසින් ඔසවා ට්‍රැක්ටරය මත වාඩි කරවා ට්‍රැක්යටරය ක්‍රියාත්මක කරවා තණ කොළ කැපීම ආරම්භ කළ බවත් ඒ අතර තුර ට්‍රැක්ටරය මත සිටි දරුවා ලිස්සා බිම වැටි ට්‍රැක්යරයට සවි කර තිබු තණ කොළ කපන මැෂිමට කැපි බරපතල තුවාල ලබා සිබෙැවින් වහාම දරුවා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙන ගියත් ඒ වන විටත් දරුවා සිය ගොස් සිටි බව හෙළි වු බවත් පොලිසිය කියයි.

පසුව දරුවාගේ සිරුර මරණ පරික්ෂණ කටයුතු පිණිස හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙනැවිත් තැන්පත් කර ඇති බවත් පොලිසිය කියයි.

මෙම අවාසනාවන්ත මරණ සම්බන්ධයෙන් පල්ලම පොලිසිය තවදුරටත් පරික්ෂණ සිදු කරයි.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

21,727 views

3 Comments to “ට්‍රැක්ටරයකට යටවි එහි තණකොළ කපන යන්ත්‍රයකට කැපී කුඩා දරුවෙකු මිය යයි…”

  1. Rajinda says:

    සමහරක් මාමලා, බාප්පලා, සීයලා සහ තාත්තලා දරුවන් ආසා කරන අනතුරුදායක වැඩ වලට ඔවුන්ට රුකුලක් දෙයි. සමහරුන්ට එහිදී දරුවාගේ වයසද අමතක වී යයි. අනතුරුදායක වැඩ කිරීමේදී දරුවාට අනතුරු මගහරවා කිරීම ගැන අවබෝධය නොදීම නිසා බොහෝ දරුවන් හදිසි අනතුරුවලට ලක්වීම බහුලව අපේ රට වැනි අන් රටවල දක්නට ලැබේ.

  2. Scandinavium man says:

    Me wage anathuru Scandinaviawe dulaba ne

  3. අයියෝ says:

    පුතේ උඹට නිවන් දකිනා ජාති දක්වා ඔය වැනි අතුරු ආන්තරාවක් නොවේවා. වහ වහා නිර්වාණාවබෝධයම වේවා.

Main News