100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ..- බන්දුලගෙන් ඩඩ්ලිට

September 29, 2021 at 11:20 am | lanka C news
100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ..- බන්දුලගෙන් ඩඩ්ලිට

ඉක්මනින්ම සහල් ආනයනය සිදුකරන බවත් කැබිනට් අනුමැතිය අනුව මෙට‍්‍රික් ටොන් ලක්ෂයක් සහල් පිටරටින් ගෙන්වන බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම තොග ලැබුණු පසු රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් මිලට ගැනීමට හැකිවනු ඇති බවද ඇමතිවරයා කියයි.

පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් මිලට ගැනීමට නොමැති නම් වෙළඳපලට නිකුත් කිරීම සීමා කරන්නේ නම් ඊට මැදිහත් වීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සහල් ආනයනය කර හෝ සාධාරණ මිලට ජනතාවට ලබාදීමට රජයේ වගකීම බවත් එනිසා එය නිවැරදිව සිදු කරමින් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ආනයනය කරන බවත් ඔහු සඳහන් කළේය.

සහල් මාෆියාවට, මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩදී නිහඬව සිටීමට සූදානම් නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

45,260 views

37 Comments to “100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ..- බන්දුලගෙන් ඩඩ්ලිට”

  1. මොනවා ජොනී ඩොලර් දෙනවා කිව්වද

  2. Felix says:

    This fellow is just like a parrot. It is better we eat rice made in SL even one meal, instead of eating Chinese or any other law quality plastic mix rice which we have to pay the share of kick-back as well. At least hear, even we pay higher, local fellows get profit and they pay taxes.

  3. Banda says:

    Oba nikam vihilu karayek vela godak kal bandu

  4. SAMAN says:

    සුනාමියට අහු උනා වෙලාවේ හෙලිකොප්ටරේ චුට්ටි ඉඩක් නොදුන් එකෙක් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. රටේ එකාට වඩා පිටරටට ආවඩණ බව හොඳට දන්නවා. ඔය ඉතිං තියෙන්නෙ සල්ලි සුද්දා වගේ වියදම් කරන්න. අනිත් හැම බඩුවක්ම හාබරේ හිර වෙලා. ඉතින් මේවට කොහෙන්ද සල්ලි. කුට්ටිය කලින්ම ලැබෙනවා ද දන්නේ නැහැ.