කෘෂිකර්ම ඇමතිත් සහල් මිලක් නියම කරයි.. කිලෝව 98යි..

October 2, 2021 at 4:40 pm | lanka C news
කෘෂිකර්ම ඇමතිත් සහල් මිලක් නියම කරයි.. කිලෝව 98යි..

නාඩු සහල් කිලෝවක් රුපියල් 98කට වී අලෙවි මණ්ඩලය හරහා අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එළැඹෙ ඔක්තෝබර් 15 වැනිදා වන විට මහ කන්නය ආරම්භ කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර වර්ග ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගන්නොරුව ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනී.

මේ අතර කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා අවධානය යොමුව ඇති බවද ඒ මහතා පැවසීය.

මේ රටට හානිකාරක කිසිදු බැක්ටීරියා වර්ගයක් ඇති පොහොර වර්ගයක් ආනයනය කිරීමට රජය කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

23,059 views

22 Comments to “කෘෂිකර්ම ඇමතිත් සහල් මිලක් නියම කරයි.. කිලෝව 98යි..”

  1. SAMAN says:

    මෙි ඇමතියා වැඩක් කළොත් නැටිටෙ ඉඳන් ගොම. කයිවාරැව විතරයි. !!!

    මේ ඇමැතියාට තේරෙන්නේ නැත්තේ ඉතා ඉහල වී මෝලකට අවම වශයෙන් වී කිලෝ 1.5 ඔනේ හාල් කිල්ලෝ එකක් ගන්න .

    එතකොට රුපියල් 90 ක වී අවශ්‍යය. වෙන්ව . ARTI අවුරුදු 5 පරණ වාර්තා අනුව රුපියල් 10 වෙනවා නිෂපාදන කුලිය .
    වැය . රුපියල් 100 .

    ප්‍රවාහන ගාස්තු සහ Wholesale ලාභයට රුපියල් 7. තිබහම =. රුපියල් 107. සිල්ලර ලාභය හා ප්‍රවාහන රුපියල් 8.00

    විකිනිය හැකි අවම මිල 115.

Main News