රසායනාගාර පරීක්ෂණ තුනකින්ම අසමත් චීන පොහොර තවත් පරීක්ෂණයකට යොමු කරලා…

October 5, 2021 at 8:02 am | lanka C news
රසායනාගාර පරීක්ෂණ තුනකින්ම අසමත් චීන පොහොර තවත් පරීක්ෂණයකට  යොමු කරලා…

චීන කක්කුස්සි කබානික පොහොරවල රසායනාගාර පරීක්ෂණ තුනකින්ම විශ බැක්ටීරියා – දිලීර ඇති බව තහවුරු වූ පසුව තවත් පරීක්ෂණයකට සාම්පල් යොමු කර තියෙනවා. චීන කක්කුසියේ මුල – මැද දෙකම ලංකා පොළෙවට විෂ සහිත බව රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. චීන කක්කුසියේ රස බලන්න නිලධාරීන්ට තියෙන උනන්දුව වැඩිකමට තවත් රසායනාගර පරීක්ෂණයක් තියනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

ශාක නිරෝධායන සහතිකයක් නැතිව ලංකාවට චීන කක්කුසි ගෙන්වන්නට කෘෂිකර්ම බලධාරීන්ට තියෙන්නේ ඩොලර් හොයන මුදල් ඇමතිටත් වඩා වැඩි උනන්දුවක්. දැන් රසායනාගාර පරීක්ෂණ තුනකින් චීන කක්කුසි ලංකාවට ගෙනෙන්නේ රටට ආදරයට නොව කොමිස්වලට ඇති ආදරයට බව තහවුරු වෙලා තියෙනවා.

දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාලන ව්‍යූහය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. ඒක පාලනය කරන්නේ චීන අදිසි හස්ථයක්. එකේ ලංකාවේ නියෝජිතයා රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරියෙක්. චීන කක්කුසියේ කොච්චර විෂ තිබ්බත් මේ අය තවම සටන අතහරින්න සුදානම් නෑ.
වල් නාශක නැති නිසා මාතලේ, රජරට, නැගෙනහිර මහවැලි කලාපයේ බඩ ඉරිඟු වගාව සිදු කරන්නේ නෑ. දැන් සත්ව ආහාර සඳහා බඩඉරිිඟු ගෙන්වන්නට ව්‍යාපාරික ගජමිතුරෝ සුදානම් වෙනවා. අගමැතිවරයා දැනටමත් ඒ සඳහා අවසර ලබාදී තිබෙනවා.

තේ තවාන් සඳහා යොදන පණු නාශක, දිලීර නාශක හා පොහොර නැති නිසා මාතලේ – මහනුවර තේ තවාන් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ජීවානුහරණය කළ මැටි පස්වල තේ දණ්ඩක් මුල් ඇදලා පැලයක් බවට පත්වෙන්නේ රසායන පොහොර, කෘෂි රසායනවලින් කියලා වැවිලි අමාත්‍යාංශයටත් කෘෂිකර්ම බලධාරීන්ට අමතක වෙලා.

ඩොලර් නැති නිසා කාබනික උන්මාදය පතුරව්වේ තේ මණ්ඩලයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහ පුටුවල ඉන්න වියත්තු කියන අවස්ථාවාදියෝ නඩයක් තමයි. ගජමිතුරන්ගේ ව්‍යාපාර කරන්න ගිහින් මේ වියතුන්ගේ මොළය දැන් ජීවානුහරණය වෙලා. මොළය වැඩ කරන්නේ නෑ. ලැජ්ජා නහර කැපිලා. චින කක්කුසියේම ලගින්න හදනවා යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

– media unit

12,656 views

11 Comments to “රසායනාගාර පරීක්ෂණ තුනකින්ම අසමත් චීන පොහොර තවත් පරීක්ෂණයකට යොමු කරලා…”

  1. Banda says:

    We had enough time discuss and debate. Farmers have reached a crisis point now as with the rain this is the time for planting.

  2. SAMAN says:

    මෙි ඇමතියා වැඩක් කළොත් නැටිටෙ ඉඳන් ගොම. කයිවාරැව විතරයි. !!!

  3. Gamaraala says:

    You have to understand the concerns of the Farming Community.

    The time has come to deliver now. It is probably too late or we have approximately 2 – 3 weeks to fix this.

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    චීනා ගේ රටනේ ඉතින් චීන්නු කියපු දේ කරේ නැත්තං උන්ට මලපනින එක සාධාරණයි නේ ,

    • හතර හිනා says:

      ඇනවුම් කළ කාබනික පොහොරවල අහිතකර සංඝටක ඇති බව කියමින් ‌පොහොර නැව ප්‍රතික්ෂේප කීරීම මත කෝපයට පත්ව ඇති ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වහාම කලින් ඇති කරගත් එකගතාවන් අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.
      එමෙන්ම එම එකගතා කඩකිරීමට කටයුතු කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද චීන තානාපතිවරයා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කොට ඇත.

      • පැන්ඩෝරා පේපර්ස් says:

        මහින්දානන්දයා හිතනේ මූ සිංහලෙන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පොර ටෝක් ඉශූ කරහම , චිනට ආරංචී වෙන්නෑ කියලා , මූ චීනේ අසුචී ප්‍රතික්ශේප උනහම , කිව්වා අපි චීනෙන් තවදුරටත් ජරාව ගේන්නෑ කියලා , පහුවෙනිදට මූ රෙද්ද ගලොලා කියනවා , නෑ අපි චිනෙන් පොහොර ගේන එක නවත්තන්නේ නෑ කියලා ,මූට චීන තනාපතිවරයා ලියුමක් යවනවා , කලින් එගතාවලට අනුව වැඩකරන්න කියලා , හොද් හරුප ටිකකුත් එක්ක , මහින්දානන්දයා සුවච කීකරූ කුක්කා වගේ දැන් බව් බව් ගානවා. ලැජ්ජාවේ බෑ බන්.. 😂😂😂

  5. King Bull says:

    ඔබතුමී පැත්තකට වෙලා ඉන්න . රට අපේ වුනාට පාලනය විදේශිකයන් ගේ

  6. Sinhalaya says:

    Meyage kathawa hoda ganika madam wala sitina napunsakayanta

  7. saman says:

    හොරු කවද්ද රටට අදරේ කලේ?

  8. pissu poosa says:

    අය්යෝ අයි මේ පල හොර ගැනී ගේ ලිපි දාන්නේ හරියට නියම පිරිසිදු චරිත වගේ? redcross එකේ කරපු හරිය මතක නැ වගේ. discovery ටිකයි diesel චොරෝන වාහන ටිකට වෙච්ච දේ කියනවද කරුණාකරලා. හොරුන්ගෙත් හොරු … මේ කවිරත්න පවුලම එකයි.

  9. හෙළයා says:

    එකපාරම ගෙන්වන්නෙ නැතිව මිනිස්සුන්ට පේන්න බොරු පඩ ශෝ පාරක් දාල ඇතිවෙන්න යන විරෝදය මගහරවන්න හදන දේසපාලු උප්පර වැට්ටියක් එහෙන් මෙහෙන් පරික්ශන කරනවා කියලා මේ සිදුවීම වටේ යවල රටේම ඇස්වහල ඔය ගූ ගොඩවල් නොගෙන්නුවොත් තමා පුදුමේ ඔය ගෙන්වන එකෙක් ලංකාවේ බෝග ආහාරයට ගන්නෑ උන් වෙනම වෙන රටවලින් ආහාර ගෙන්වා ගන්නවා සාමාන්‍ය මිනිහා චීන ගූ කාලා ලොකේ නැති ලෙඩ හදාගන්න ඕන මේවට විරුද්ද වෙන්න රටේ මිනිස්සු ඇයි පෙල නොගැහෙන්නෙ අපේ රටේ කරුමේ තමා මිනිස්සු එක එකාගෙ රූකඩ වෙලා ඉන්නෙ

Main News