කාබනික පොහොර භාවිතයට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා..- ජනපති ආසියනු සංවර්ධන බැංකුවට කියයි..

October 6, 2021 at 6:22 am | lanka C news
කාබනික පොහොර භාවිතයට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා..- ජනපති ආසියනු සංවර්ධන බැංකුවට කියයි..

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ඩොලර් මිලියන 750ක සහනදායී ණය මුදලක් ලබා දී තිබේ. එම මුදල ලබන වසරේ දී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කළේය.

05 පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා සමග පැවති හමුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සාර්ථකත්වය තුළින් අභියෝග හමුවේ ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මැනවින් පෙන්නුම් කරන බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කරනු ලැබීය.

සමස්ත රාජ්‍ය සේවාවත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශත් එක්ව ක්‍රියා කිරීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත පරිවර්තනය රජයේ අභිප්‍රාය යි. ඒ සඳහා සූර්ය හා සුළං මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබේ. කාබනික පොහොර භාවිතය සඳහා ද රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇත. කාබනික පොහොර නිෂ්පාදනයට සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත් වන ලෙස ද ජනාධිපතිතුමා කෙනිචි යෝකෝයාමා මහතාගෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි පිරිසගේ ආදායම හා ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ අපේක්ෂාවයි. එමෙන්ම ආර්ථිකමය වශයෙන් ඵලදායී වගාවන් මගින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), නියෝජ්‍ය අධ්‍යක්ෂ උට්සව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

13,742 views

10 Comments to “කාබනික පොහොර භාවිතයට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා..- ජනපති ආසියනු සංවර්ධන බැංකුවට කියයි..”

  1. MD says:

    අහිංසක ගොවියා කියලා දැන් කිසිම ගොවියෙක් නැහැ කියලා කාබනික පොහොර භාවිතය බැහැර කිරීම හා වී මිල ඉහල දැමීම සම්බන්ධව කටයුතු කරන ආකාරයට පෙනී යනවා. මහ මෝල් හිමියන්ට උදව් කරන්නේ අහිංසක රටේ ජනතාවගේ බඩට ගහන්න නේද කියන එක ගානක්වත් නෑ. පව් මේ ගොවියා කරන අපරාධය.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      හාල් මෝල් වටලනවා කියලා දවසකට ආතල් එකක් අරන් ඊට පස්සෙ මීක් නැතුව හිටපු ගොං බෛයා ආපහු ෆෝම් වෙලා. එල එල ඔහොම යමු. 😂😂😂

  2. MD says:

    ජනපතිතුමනි අහිංසක රටේ ජනතාවගේ බඩට ගහන සම හරක් ගොවියා කියන දේවල් බැහැරකර කාබනික පොහොර භාවිතය ඉක්මනින් යොදවන්නට කටයුතු කරන්න.ගොවියා දේශපාලනයට බැහැලා ආත්මාර්ථකාමී වෙලා ගුරුවරයා දරුවන්ගේ දෝහියා වෙලා.මේවට ඉවසුව ඇති දැන්.

    • LalithM says:

      ඔව් ඇත්ත. පොහොර නැතිනිසා වැසිකිළි පද්ධතිය කුඹුරට හරිමු. අනික 69 ලක්ෂයක ලමයින්ට අධ්‍යාපනය ඕනත් නෑනේ උන්ගේ දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න. ඔය රජවරු කියන දෙයක් කරගෙන හිටියම මදැයි උන් වගේම. ඉස්කෝල ඉතින් වහල ඒව හරක් මඩු කරමු හරකුන්ට නිදහසේ ලගින්න.

  3. Appuhamy says:

    The Clock is ticking on the new fertiliser policy and we will see the results by end of the year..

  4. Power says:

    ජනාධිපතිතුමනි, ඔබතුමා රසායනික පොහොර භාවිතය නවතා කාබනික පොහොර භාවිතයට අපේ රට යොමු කිරීම පිළිබඳව මේ මහ පොළවට ආදරය කරන එකෙක් හැටියට අවංකවම සතුටු වෙනවා. නමුත් රටේ පවතින තත්වය අණුව මෙය මේ අවස්ථාවේ නොගත යුතු තීන්දුවක් බවයි මගේ අදහස. මොකද ඔබගේ ක්ෂණිකව ගන්න හමුදා නීතී නිසා අද වෙනකොට මේ රටේ ගොවි ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්නෙ. දෙයක් කරන්න කලින් අවශ්‍ය දේවල් ඇති පදමට ලෑස්ති කරගෙන ඉන්න ඕනී. හැබැයි ඔබතුමා මොකක්ද කරේ, ගොවි ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර නිෂ්පාදන නොකර ස්විච් එක ඕෆ් කරා වගේ රසායනික පොහොර ගෙන්වන එක නවත්තලා පසට, වගාවන්ට අහිතකර චීන කුණු ගොඩක් මෙහෙට ගෙන්වන්න අනුමැතිය දුන්නා. මොකක්ද ඒකේ තේරුම ?

    • sb says:

      thope ammada china pohorawalata anumathiya dunne .

    • MD says:

      අපේ රටේ මිනිස්සුන්ට ආදරයෙන් කියලා වේලාසනින් කියලා වැඩක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.හොඳ නරක තේරුම් ගන්නේ ආත්මාර්ථකාමී ලෙසට නිසා රටට හොඳ දේ ක්ෂණිකව කරලා ඵ්කෙන් ප්‍රතිලාභ පසුව බැණුම් ගෙරවුම් මැද හෝ ගත යුතුය.

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    කෘශිකාර්මාන්තය ප්‍රධාන ජිවිකාව කරගත් රටක එකපාරටම රසායනික පොහොර නවත්වලා ,කාබනික පොහොර බලයෙන් පටවනවා කියන්නේ , ඔලෙවල් ෆේල් පුද්ගලයෙක් උනත් නොකරන වැඩක්. විහිළුවක් . ඒක කලා කියමුකො එහෙම කරලා චීනෙන් අසුචී ගෙනල්ලා අපේ පොලව දූශ්‍ය කරනවා කියන්නේ පහවසරේ පොඩි එකෙක්ට උනත් මෝඩ වැඩක් කියලා වැටහෙනවා. මේ සියල්ලටම උත්තර ලගදිම ජනතාවගේ පැත්තෙන් හම්බ වේවී. ජය !

  6. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    සිංහලෙන් බැනලා ඉංග්‍රීසියෙන් සමාව ගන්නවා .

Main News