‘ෂර්ලොක් හෝම්ස්’ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත දිගටම මකලා.. සෙල්ලම් එකින් එක එලියට..

October 6, 2021 at 10:23 pm | lanka C news
‘ෂර්ලොක් හෝම්ස්’ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත දිගටම මකලා.. සෙල්ලම් එකින් එක එලියට..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ අබිරහස ක්‍රමයෙන් හෙළිවෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ පැවසීය. ඖෂධ ජාවාරම්කරුවන් ගෙනයන ක්‍රමන්ත්‍රණකාරි වැඩපිළිවෙළ සමඟ රාජ්‍ය සේවකයින්, කූට ව්‍යාපාරිකයින් මෙන්ම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ නිලධාරින්ද සම්බන්ධ බව හෙතෙම පැවසීය.

මේ සමගම රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහත්වරුන්ගෙන් ඖෂධ නියාමන අධිකාරිය ඉවත් කල යුතු බවට පසුගිය සති කිහිපයේ පාර්ශව කිහිපයක් හිටිවනම අදහස් දැක්වුයේ ඇයිද යන කරුණටද පිළිතුරු ලැබෙමින් පවතී. ඖෂධ නියාමන අධිකාරිය වෙලාගත් දේශපාලන-වෙළඳ-නිලධාරී මාෆියාවට එරෙහිව කටයුතු කරමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පසුගිය සමයේ එහි සිදු වූ දුෂණ ගැන සෙවීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී විජේවර්ධන මැතිනියගේ ප්‍රධානත්වයෙන් පත් කල පංච පුද්ගල කමිටුව සිය විභාග කටයුතු අවසන් කලේ මීට සති කිහිපයකට පෙරය. එහි වාර්තාව එලි දැක්වීමට පෙර එක්වරම දත්ත මැකීයාම සිදු විය. ඒ සමගම ඖෂධ නියාමන අධිකාරිය රජය අමාත්‍ය චන්න ජයසුමන මහතාගෙන් ඉවත් කර කැබිනට් අමාත්‍යවරයා යටතට පත් කල යුතු බව රවී කුමුදේශ් ඇතුළු පාර්ශව කිහිපයක් අදහස් දැක්වීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් වු නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා ඉදිරියේ යළි කැඳවු අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලීය පීරිස් මහතා ඇප ඉල්ලීමක් සිදුකළේය.

“ස්වාමිනි මේ නඩුව සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාගේ මතය වන්නේ එම දත්ත අතපසුවීමකින් මැකුනා කියන එක. පැමිණිල්ල දක්වන පරිදි එය මැකුවාද නැත්තම් අතපසුවීමකින් මැකුනා ද කියන එක නඩු විභාගයක් අවසානයේ පරිගණක විශේෂඥායින් විසින් තීරණය කළ යුතු දෙයක්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ ඇප සලකා බැලීම. පරිගණක අපරාධ පණත යටතේ ඔහුට විරුද්ධව ගොනුකර ඇති චෝදනා ඇප දිය හැකි වැරදි. පොදු දේපල පණත යටතේ චෝදනා ගොනුකර තිබුණාට දත්ත කියන ඒවා චංචල දේපලවලට වැටෙන්නේ නැහැ”.

කෙසේ වෙතත් සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තමන් විරුද්ධ බව රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පැවසීය.

“ස්වාමිනි විත්තිය කියන්නේ මේ දත්ත මැකිම අතපසුවීමක් කියලා. නමුත් මොහු බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. එවැනි පරිණත පුද්ගලයෙකුගෙන් මෙවැනි අතපසුවීමක් විය හැකිද? අනික ස්වාමිනි දත්ත ලේඛන 50ක්, 60ක් මැකුනානම් අතපසුවීමක් කියලා හිතන්න තිබුණා. නමුත් දත්ත ලේඛන ලක්ෂ 11ක් මැකීම අතපසුවීමක් වෙන්න බැහැ. ඔහු එම ලේඛන සියල්ල එකට එකතු කරලයි විධානය දීලා තියෙන්නේ මකන්න. පරිගණකය කිහිපවරක්ම එය ප්‍රතික්ෂේප කරද්දිත් මොහු තුන්පාරක් විධාන දීලා තියෙනවා දත්ත මකන්න. මම අහන්න කැමති මේක පොදු දේපලක් නොවේ කියන්නේ කොහොමද කියලා? මේ දත්ත කියන්නේ රජයේ දේපළ. මේ සැකකරු එහි පරිපාලකවරයා විතරයි. දත්ත ලේඛන ලක්ෂ 11ක් කියන්නේ භෞතිකව බැලුවොත් මේ අධිකරණ ශාලාවම පුරවන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක හරියට අධිකරණයක තිබ්බ නඩු භාණ්ඩ ගිනි තිබ්බා වගේ වැඩක්. සැකකරු අත්අඩංගුවට අරගෙන විමර්ශන කරලා තාම දවස් 07යි ගතවෙලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදි මෙම සැකකරුට ඇප දීමට පැමිණිල්ල විරුද්ධයි”.

එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන පිළිබඳ වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.

“ස්වාමිනි අපි විමර්ශන කරන්නේ ජුලි මාසේ 09 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකීම ගැන පමණක්ම නෙමේ. මේක “මහා කුමන්ත්‍රණයක්”. මීට පෙරත් මෙම දත්ත පද්ධතියේ දත්ත මැකීම්, සැගවීම් වෙලා තියෙනවා. මේකට රාජ්‍ය සේවකයෝ, කූඨ ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ අභ්‍යන්තර නිලධාරින්ගේත් සහය ලැබී තිබෙනවා. මේක වෙන්නේ මෙහෙමයි ස්වාමිනි. ගුණාත්මක බවින් යුත් ඖෂධ මෙරටට ගෙන්වන්න නවක සමාගමක් ලියාපදිංචි ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරින්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ නිරත ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ලියාපදිංචි ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ අයැදුම්පත් විතරයි. ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මක බවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ ස්වාමිනි”.

දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන ඔක්තෝම්බර් 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

– repoter

63,921 views

18 Comments to “‘ෂර්ලොක් හෝම්ස්’ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත දිගටම මකලා.. සෙල්ලම් එකින් එක එලියට..”

  1. Akaram Rafee says:

    These guys have even mislead Malaysian state. Showing bogusly local solutions as done there, Epic has gaining wronly tax benefits for them Malaysia company like BOI here. One employee there. Only a manager is working. How one person can do a solution. If investigated these people will have to pay a fortune to Malaysia government. Cheating has a big fine. If reported, Epic to undress in big time.

  2. Sunil Perera says:

    Horakan karapu eun horakan nokala ayataagilla dikkarala kochchara hora hora kiuwath anthimata atta eliyata enawa. dna me wenakota aththa adikaranaya thuladi tikin tika eliyata emin thiyenawa. wardi kale kauda koi kaledida kiyalath hodata pahadiliwama eke kiyla thiyenawa. channa jayasumana amathi warayawa ain karanna kiyala kagahpu eun dan moko karanne ? redi ada genada inne kiyala hitha gannawath bah.

  3. Sagarika Alvis says:

    Ane Dan terenawa neda eyalage Daththa Eyalama makala ita passe wena ayawa allanna gahana gema. dan ithin eh gana cid eken tika tika hoyagena yanawa. heta anidda wena kota ithuru tikath eliyata ei. dan wenakota api hamoma dannawa methuma ena kota othana godak dushana wela thiyenawa kiyala. eka nawaththanna hadan wele idn ethumage kakulen adinawa. kalakanni rate minissunge salli mankolla kala dan ewa wahanna karana dewal neda ane.

  4. රුක්ෂාන් සිල්වා says:

    අධිකරණයේ ගොනු වුණු පැමිණිල්ල නිසා ඇත්ත සඟවන්න මාෆියාවට සම්භන්ද පුද්ගලයින් විසින් සිදු කරන ලද මෙම කුමන්ත්‍රණය මගින් මෙයට සම්භන්ද පුද්ගලයින්ගේ රෙදි දැන් ටිකෙන් ටික ගැලවෙමින් පවතී. කොහෙන් වත් ගැවිලා වත් නැති මේ සම්භන්දයෙන් කරුණු වාර්ථා කළ රාජ්‍ය ඇමතිතුමා ඇතුලු අවංක නිළධාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් සැරසුනේ මෙම ඖෂධ මාෆියාව යට ගැසීමටය. ඒ සියල්ල දැන් දැන් බොරුවක් වෙමින් ඔවුන් කරපු සත්කාර්්‍යය රටට එළි වෙමින් පවතී. මිලියන ගනන් වල ගෙවල් රේන්ජ් රෝවර් ඇතැයි පැවසු පිරිස් ඔවුන්ගේ කාලකන්නි කම දැන් රටම පෙන්වා අවසානය.

  5. Chathura Gunarathna says:

    Me kalakanni sakkili wadak karana kenekutawath eka karanna denne nh.oushada mafiyawa nawaththala janathawata sadaranayak kala uthui hithala asadaranayata erehiwa nagitla anthimata ratenma banum ahanawa.ekada hari kathawa. Kauda oushada mafiyawa geniyanne kiyla parliment ekedi eli karama kata wahanna gahapu madak.