ජනාධිපති වහා දේශපාලනය කල යුතුයි.. පක්‍ෂ නායක හමුවට ආ යුතුයි.. බොහෝ ප‍්‍රශ්න එවිට විසදෙනවා..- විමල්

October 9, 2021 at 10:02 pm | lanka C news
ජනාධිපති වහා දේශපාලනය කල යුතුයි.. පක්‍ෂ නායක හමුවට ආ යුතුයි.. බොහෝ ප‍්‍රශ්න එවිට විසදෙනවා..- විමල්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සක්‍රියව දේශපාලන මැදිහත්වීම ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

සාමූහිකව තීරණය ගැනීම් වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයාගේ සහභාගී වීම අතිශය වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලන මැදිහත් වීම් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවද ඔහු කියා සිටී.

තම තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දෙයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

එහිදී මා විසින් මතුකළ අදහස් මෙසේය.

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය”. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.

ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.

විමල් වීරවංශ,
කර්මාන්ත අමාත්‍ය,
නායක,
ජාතික නිදහස් පෙරමුණ

70,847 views

50 Comments to “ජනාධිපති වහා දේශපාලනය කල යුතුයි.. පක්‍ෂ නායක හමුවට ආ යුතුයි.. බොහෝ ප‍්‍රශ්න එවිට විසදෙනවා..- විමල්”

  1. Ranga says:

    ජනාධිපති තුමනි,
    තිලක් කන්දේගම වගේ අය තමයි කෘෂිකර්ම ඇමති වෙන්න ඕන..තවමත් මෙතුමාගෙන් හරි ප්‍රයොජනයක් අරගන්නෙ නැහැ

  2. On The Spot says:

    විමල්ගෙ කථාව සම්පූර්ණ ඇත්තයි.ජනාධිපතිතුමා දේශපාළණිකව රාජ්‍යය මෙහෙයවීමේ කටයුතුවල නොයෙදුනහොත් හොර මැර කමින් තෙම්පරාදු වූ කයිරාටික දේශපාළකයින් මේ රට තව දුරටත් අගාදයට ඇද දමනු ඇත​.ඔවුන් මැඩලීමට නම් විමල් කියනා පරිදි භූමියේ පය ගැසිය යුතුය​.එක රටක් එක නීතියක් එවිට එලි දැක්වෙනු ඇත​.

  3. hulangamuwa. says:

    Honestly, you have no capacity. only S..S.C. with two credits. my class mate …please leave the country without destroying fully. maitree is a less educated man but better than you pl go …….

  4. Citizens of Lanka says:

    The President of Republic engaging politics, policy making and engaging is very decisions very crucial of time being. The President is an accountability to the People of Republic by his mandated on that 2019 November 16th. Hope and wish he will keep that trust and confidence give to him by People aspirations in 2019 .

  5. Pakanil says:

    හා

  6. රාවනා says:

    පළාත්සභා මේ කුඩා රටට විශාල විනාශයක් සිදු කරන ක්‍රමයකි. එත් සියල පක්ෂවල දේශපාලකයින් මෙම පළාත්සභා ක්‍රමයට ඉතා කැමතියි. ඒ ඔවුන්ගේ දරුවන් දේශපාලනයට හුරු කිරීමට සුදුසු පසුබිමක් නිසා. ඔවුන් පාර්ලිමේන්තුවේ සිට තම බලය උපයෝගීකරගන තම දරුවන් පළාත්සභා දිනවීම පහසු දෙයක් වන අතර ඔවුන්ට දේශපාලනය හොරකම් කිරීම ආදිය මෙහිදී ඉතා පහසුවෙන් පුහුණු කල හැක. තවද මෙම පළාත්සභා අවශ්‍යම උතුරු පලාතට පත්වන මහා ඇමතියා කිසි විටකත් මද්‍ය්ම රජයෙන් දෙන සහන ජනයාට ලබාදීමට කැමති නැත. එය පසුගිය සමයේ මනාවට පෙනුනි. බොහෝ මුදල් භාවිත නොකර නැවත භාණ්ඩාගාරයට යවන ලදී. එබැවින් රටට කිසිඳු වාසියක් ඇත නොවන මෙම පළාත්සභා චන්දය නැවත තැබීමට විරුද්ධ වන්න මුළු රටම ඔබ පසුපසින් සිටගනු ඇත.

  7. ක්‍රිකට් කණ්ඩායම says:

    ඔබ විසින් 2015ට පෙර මහින්දට ලබාදුන් යෝජනා 12 ඔහු ඉෂ්ඨ කලේනම්, ඔහු 2015 පරදින්නේ නැත. නමුත් ඔබ තැඹිලි බී ඒ කොන්දේසි ඉවත් කර ගන්නා ලදී. ඉන්පසු ඒවා ක්‍රියාත්මක නොකළ ඊළඟ චන්දයෙන් මහින්ද පැරදුනේය. අද ඔබ ගොර්හාබයට රට ගැන හිතා යෝජනා ඉදිරිපත් කරයි. ඔහු එම යෝජනා පිලිගෙන් ක්‍රියාත්මක කළහොත් ඔහු සහ රට ජයග්‍රහණය කරනු ඇත. එසේ නොවුවහොත් මේපාර නම් තැඹිලි බොන්න එපා. අපි මුළු රටම ඔබ සමඟයි.

  8. Sarath Bulathsinghala says:

    Some are trying to depict that the President is not a politician. This is not true. He was elected by the people-69 lakhs of them! He must exercise this power when confronted by politicians of the parliament.

    He must talk to his electorate, the people more often n lead them where it matters n instill confidence in them n in turn obtain their own in return.

    He must stop micro managing n instead rule with broad policy outlines. Current commodity pricing methods is one such instance. He should allow market forces to decide pricing subject to rule of law.

    He still can turn these circumstances for the better!

  9. Sarath Bulathsinghala says:

    විමල් is correct!

    Some are trying to depict that the President is not a politician. This is not true. He was elected by the people-69 lakhs of them! He must exercise this power when confronted by politicians of the parliament.

    He must talk to his electorate, the people more often n lead them where it matters n instill confidence in them n in turn obtain their own in return.

    He must stop micro managing n instead rule with broad policy outlines. Current commodity pricing methods is one such instance. He should allow market forces to decide pricing subject to rule of law.

    He still can turn these circumstances for the better!

Main News