දියවන්නා ඔයේ මිනිස් මල සිරුරක් කිඹුලෙක් ඇදගෙන යයි..

October 10, 2021 at 11:20 am | lanka C news
දියවන්නා ඔයේ මිනිස් මල සිරුරක් කිඹුලෙක් ඇදගෙන යයි..

කිඹුලකු විසින් පුද්ගලයෙකුගේ මළ සිරුරක් දියවන්නා ඔයේ ඇදගෙන යන දර්ශන ජංගම දුරකථනයක පටිගත වී තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල ප්‍රදේශයේ දී මෙම සිදුවීම ඊයේ පස්වරුවේ සිදුව තිබිණි.

සිද්ධිය පටිගත කළ පුද්ගලයා පවසන්නේ කිඹුලා මළ සිරුර කිඹුලාවල පාලම යට දිය අතහැර දමා ගිය බවයි.

පසුව නාවික හමුදාව විසින් මෙම මළ සිරුර ගොඩගෙන මහේස්ත්‍රාත් පරීක්‍ෂණ කටයුතු සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක පමණ අයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාවය තහවුරු වී නැත.

33,427 views

18 Comments to “දියවන්නා ඔයේ මිනිස් මල සිරුරක් කිඹුලෙක් ඇදගෙන යයි..”

  1. Samith says:

    සර් වැඩ පටන් අරගෙනලු

    • අනේ බේසිකේ පුතෝ says:

      සමිත් නම් වසල හුස්තෝ, ඉංග්‍රිසියෙන් කියනවා Basic decency කියලා එකක්. ඒ කියන්නෙ මනුස්සයෙක් මැරුනම්වත් තුච්ච කතා කියලා ඒ මනුස්සයට අවමාන කරන්නෙවත්, ඒ මරණය උපයෝගි කරගන ගොබ්බ කතා කියන්නෙවත් නැති වගේ දේවලට. ඔය මට්ටමේ හරකෙක්ට ඉංග්‍රිසි දැනුමක් තියෙන්ඩ විදිහක් නැ, නමුත් අම්මලා තාත්තලාවත් නැත්ද ?නොදන්නා දේශපාලනය කලිසම අස්සෙ තියාගනින්, නින්දා කරන්ඩ එපා ජාතියට.