අත්දැකීමක් නැති නායකයෙක් නිසා අද රටම විනාශ වෙලා..

October 11, 2021 at 6:21 am | lanka C news
අත්දැකීමක් නැති නායකයෙක් නිසා අද රටම විනාශ වෙලා..

පළපුරුදුදක් අත්දැකීමක් නැති නායකයෙක් බලයට පත්වීමෙන් අද මු`ඵ රටම වීනාශ වෙලා යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා අහුන්ගල්ලේදී ප්‍රකාශ කළේය.

අහුන්ගල්ල, පොල්අතුපළාතේ කඩවර කන්ද ප්‍රදේශයේදී පැවැති කුරු`දු ගොවීයන්ගේ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.

සමගි ජන බලවේගයේ බළපිටිය ප‍්‍රධාන සංධායක නීකිඥ කමල් ජයන්ත ද සොයිසා මහතාගේ ප‍්‍රධාත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණය අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කල ඒ මහතා මෙසේද කීය.

ලංකාවේ කිසිම ආණ්ඩුවක් නොකරපු විදියේ ආකාරයට අදූරදර්ශී අමනෝඥ තීන්දු ගත් රජයක් හැටියට මේ රජය ඉතිහාසයේ ලියැවෙනවා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර ගෙන්වීම නතර කළාම වී ගොවියෝ විතරක් නොවෙයි කුරු`දු හා තේ ගොවියෝ ද ඉතා අසරණ වෙනවා. වගා කිරීමට රසායනික පොහොර ඉල්ලල රට පුරාම ගොවියෝ අද උද්ඝෝෂණ කරනවා. අවුරුද්දකින් පොහොර දමා ගන්න බැරිව රටට ආදායම ගෙන දුන් කුරු`දු වගාව විනාශ වෙලා.

අත්දැකීම් හා පලපුරුද්දක් නැති නායකයෙක් බලයට පත්වීමෙන් තමයි රටට මේ වින්නැහිය වෙලා තිබෙන්නේ. මේ පිළිබ`දව දන්නා වීශේෂඥයන්ගෙන් උපදෙස් ගන්නේ නැහැ. ප‍්‍රායෝගික අත්දැකීම් ඇති ගොවියන්ගෙන් උපදෙස් ගන්නේ නැහැ. ජනාධිපතිතුමා අපේ පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා මේ පිළිබ`දව සාකච්ඡා කරන්න එන්න කියල. ඒ නිසා අපේ නායකතුමා මේ දිනවල ගොවී බිම් වලට ගිහින් ගොවී ජනතාවගේ අදෝනාව හා ගොවී ප‍්‍රශ්න පිළිබ`දව සොයා බලනවා.

කුරු`දු හා තේ කියන්නේ ඩොලර් ගස්. උද්දච්ඡ මෝඩ තීන්දු තීරණ ගන්න එපා කියල අපි රජයෙන් ඉල්ලා සිටිනවා. රටේ ඩොලර් හි`ගයක් තිබෙන මේ වෙලාවේ රසායනික පොහොර නොගෙන්වීමේ තීරණය නතර කරන්න. සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිතුමා හමු වී ජනතාවගේ හ`ඩ කියා දෙනවා. අනෙක් ගැසට් වගේ රිවස් එකට ගිහිල්ලා හරි රසායනික පොහොර දෙන්න කියල ඉල්ලනවා යැයි ද කීය.

කුරු`දු ගොවීයෙකු වන පොල්අතුපළාත ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඞී. ඇම්. පේ‍්‍රමසිරි මහතා  අදහස් දක්වමින් මෙසේ කීය.

කාබනික පොහොර වලින් කුරු`දු වගා කරන්න බැහැ. කුරු`දු ගහේ කොළ හැදුණට පොත්ත හැදෙන්නේ නැහැ. ගොවීජනසේවා මධ්‍යස්ථානයෙන් අක්කරයකට හොන්ඩර හතරක් නියම කළත් ලැබෙන්නේ හොන්ඩර දෙකයි. බාගයකට පොහොර දමන්න බැරිවෙනවා. කුරු`දු වගාව සම්බන්ධයෙන් රජය කිසිම පියවරක් අරගෙන නැහැ. කොළ කොඩ වෙනවා. ඒවට ගහන්න තෙල් නැහැ. බයිල ගගා මිනිස්සු අමාරුවේ දමනවා. අද කුරු`දු කොළ වතු හිමියන් නොදෙන නිසා කුරු`දු තෙල් කර්මාන්තයත් නැති වෙලා යැයි ද කීය.

– ජයකාන්ත ලියනගේ

24,043 views

44 Comments to “අත්දැකීමක් නැති නායකයෙක් නිසා අද රටම විනාශ වෙලා..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    ස’ට අයියා නැතුව බෑලූ , අත් දැකීම් මදිලු , හැබැයි පාර්ලීමේන්තුවේ තුනෙන් දෙකක් තියෙනවා , 20න් සම්මත කරගත්ත විධායක බලතල තියෙනවා , කොටින්ම කිව්වොත් හයෙන් පහ ගත්ත ජේ.ආර් ටත් එහා විධායක බලතල තියෙනවා , බැසිල් රා මුදල් ඇමති , මහින්ද රා අගමැති , නාමල් රා ඇමතිලගේ ඇමති , චමල් රා , ශශේන්ද්‍ර රා ඔය ඔක්කොම ඇමතිලා , අයවැයෙන් 30% ක් වෙන්නේඑ ඔය උදවියට , එහෙම කරලත් හාල් ඇටේ ඉදලා ගෑස් එකේ මිලෙන් පාරිභොගිකයව අපහසුතාවයට පත්කරනවනං , රටේ සම්පත් විකුනනවා හැර වෙන විකල්ප නැත්තං , රටේ ප්‍රශ්ණ විසදන්නේ කටිං නං , ගොව්යයට පොහොර ටික නැත්තං , කොටින්ම කිව්වොත් ඔක්කොම තියාගෙන කිසිම දෙයක් බැරිනං , අඩුම ගානේ ඔය පුටුව සිරිසේනට දීපං ඌ සරල බහුතරයක් නැතුව ගෑස් එක 1400/= දුන්නා. 😂😂😂

    • Alapaluwa says:

      පල පරය යන්න. මෙතුමන්ල ඇරෙන්න කවුද රට පාලනය කරන්න ඉන්නෙ. තොගෙ අප්ප ඇවිත් කරන්නද. කුහක ජෙප්පා.
      From SA

      • SAMAN says:

        අත්දැකීම් නෑ කියද්දිත් තාම දියසේනව පේනවනං , උබ මනුස්සයෙක් වෙන්න බෑ , අමූ මී හරකෙක් වෙන්න ඔනේ. 😂😂

    • lakshitha says:

      නෙදකින් විතරක්. රටේ ඩොලර් නැත්තන්, ඩොලර් උපයන මාර්ගත් වැහිලා නම් තුනෙන් දෙකෙන් බඩු මිල අඩු කරන හැටි කියපන් බලන්න. දන්නවද දන්නෙත් නෑ ඇමරිකන් ඩොලර් කියල මුදල් ඒකකයක් තියෙනවා, ලෝකෙ ගනුදෙනු ගොඩක් වෙන්නෙ ඒකෙන් කියල. කාවද ඔය රවට්ටන්න හදන්නෙ. පාඨලීට සල්ලි වලට ගන්න වෙන කුලී කොමෙන්ට් කාරයො හිටියෙම නැද්ද?

      • පැන්ඩෝරා පේපර්ස් says:

        දන්න මගුලක් කියහං හිපාටුවො , ඩොලර් ප්‍රශ්ණය විසදන්න තමයි රජය ඉන්නේ , යහපාලනය ඉතුරු කරලා ගියා ඩොලර් බිලියන 7 කට ආසන්න සත්‍ය ඩොලර් සංචිතයක් , අරහේ මෙහේ පාර්ක් කරලා 2015 වංගු ගහලා පෙන්නපු පුස් ඩොලර් සංචිත නෙමේ , කොවිඩ් හින්දා ඩොලර් එනඑක අඩුවුනා තමයි , ඒ එක්කම රටින් ඩොලර් පිටවන මාර්ගත් අවහිර උනා , සංචාරක කර්මාන්තයේ ,රටින් යන විදේශ අද්‍යාපනයෙන් වගේ කරුනු වලින් , ඩොලර් ටික කළමනාකරණය කරගන්න තමයි ආණ්ඩුවක් තියෙන්නේ , කොවිඩ් වසංගත තත්වයත් එක්ක ණයහිමි රටවල් ණය සහම නොසැහෙන්න දුන්නා , මුන් මොකද කලේ වැඩ්ඩො වගේ පහසුකම් නොඉල්ලා ණය වලට ඩොලර් ටික කෙලලා ඇරියා , දැන් අත්‍යවශ්‍ය භාන්ඩයක්වත් ගෙන්න ගන්න ඩොලර් නෑ , ලොකේ වටේ හිගාකන්න වෙලා දැන් , බැසිල් ආවහම කොරනවා කිව්වා , ඩොලර් හිගයක් නෑ කිව්වා , කළුකඩේ 250 ට යන ඩොලරය මහබැංකුවේ 202.99 ට පාලනය කරගෙන අල්ලගෙන ඉන්නවා. මුන්ට කොහොමත් රාජ්‍ය පරිපාලනය බෑ , නාහෙං අඩන්නැතුව දන්න එකෙක්ට කරගන්න දීලා යන්න කියහං. ආනයනික භාණ්ඩ විතරක් නෙමේ දේශීය නිශ්පාදන වලත් මිල වැඩිවෙලා , සල්ලි අච්චු ගහලා පාරවල් හදලා මෝඩයො අන්දන්න පුලුවන් , රටේ මූලිකාංග ප්‍රයොරටියිස් නොකර රටක් ගෙනියන්න පුලුවන්ද ගොන්ස්. පිලිගනිං බෑ කියලා ,ඊට පස්සේ කරන්න පුලුවන් එවුන්ට දීලා මකබෑවෙන්න කියහං එච්චරයි .

        • lakshitha says:

          තෝ දන්නවද ලංකාවෙ සංචාරක ව්‍යාපාරෙ මේ වෙනකොට කඩා වැටිල බව. අමුම අමු තකතීරුවෙක්නෙ උඹ. ඩොලර් බිලියන 7න් 3.2ක ණය ගෙව්ව එක වාරිකේකින්ම. 130ට තිබුනු ඩොලර් එක 185 කරල එක පාරින් ණය ට්‍රිලියන ගානකින් වැඩි කරල දුන්න ඇමරිකාවෙ හාමුලට. තව කඹුරපන් යහපාලනේට.

        • Alapaluwa says:

          අනේ පලයං බූරුවො යන්න. උඹයි මමයි දන්න ඩොලර්. බලපං කොරෝනා ඉවරවුනු හැටියෙ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා බැසිල් ඇමතිතුමා රට ගොඩගන්න හැටි. කුහක හැතිකරේ.
          Alapaluwa from SA

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    අත්දැකීම් නෑ කියද්දිත් තාම දියසේනව පේනවනං , උබ මනුස්සයෙක් වෙන්න බෑ , අමූ මී හරකෙක් වෙන්න ඔනේ. 😂😂

  3. Silva says:

    ඔව් අපි ලෑස්ති වෙමු ආසියාවේ ගොන් නාම්බා සජිත් බලයට ගෙනත් ඌත් එක්කම වැලලෙන්න.

    • LION says:

      හිටපු හිටන් පබයා ගැන අමතකද ? මෝඩ පෑඩ් සජිත් ,බටලන්දේ වාදකයා , ජාතිත හොරදෙටුවා ඇතුළු යමපාලනයෙන් රට බේරාගෙන දුන්නෙත් තවත් කපටින් රැලකට ..අහෝ කවදා අපේ රට මේ දුෂිත දේශපාලුවන්ගෙන් බේරාගැනීමට හැකි වේද ?

  4. kathar says:

    අත්දැකීම් බහුල සෙට් එක 2015දී උස්සලා දුන්නා. ලෝකේ ඉහලටම යන්න කොරෝනාත් නැතිවම…අර වාහනේ කෝ… අපතයා…

    • John the baptice says:

      වසර 73 නිදහස ලබලත් අපේ රට දියුණු නොවුනේ රට පාලනය කල බහුතරයක් දේශපාලකයෝ රටේ ධන සුරාකෑම නිසයි ..දැන් මේ ආණ්ඩුව කරන්නෙත් එකම දෙය ..උදා -සිරාට මිනිස්සු පබයා කියා විහිළු කලත් දැන් ඔහු කෝටිපතියෙක් …ග්‍රාම සේවක කාලේ බයිසිකලයක් නොතිබුණු ඔහුට දැන් කෝටිපතියෙක් එහෙම වුනේ කෙසේද ? ඔහුගේ පුතා දහම් ට BMW -ජීප් 5 තිබේලු දුවට රට හැම තැනම සුපිරි හෝටල් …මේවගේ දුෂණ නිසයි අපේ රට වලපල්ලට යන්නේ ජන්දෙට ප්‍රථමයෙන් ජනතාවට බොරු පොරොන්දු ,දෙන දේශපාලකයෝ බලයට ආවිට ඒවා අමතකයි බල තණ්හාවෙන් උමතු වෙනවා ,වසර 5 තුල ඔවුන්ගේ හත්මුතු පරම්පරාවටම ධනය රැස් කරගැනීම පමණයි සිදු කරන්නේ ..අපේ මව් බිම අගාදයට යෑම පුදුමයක්ද ?මිනිසුනේ අපේ රටේ කිසිම දේශපාලකයක් ,මෙතෙක් කල් රට පාලනය කල කිසිදු දේශපාලක පක්ෂයක් විශ්වාස නොකරනු

      • AKD says:

        Methek kal rata palanaya karapu hathikare wagema rajjya balayk nathiwama desarayakma rata valapallata yawapu JVP ballanwath sathapahakata vishvaasa karanna be.

  5. Kawuda Raja says:

    Uddachchkama, Modakama, Ahumkakag nodeema, Dannabawa penweema saha Ballange veda walata Booruwan pathkireema……

  6. puranappu says:

    අනේ පලයං බං මෙතන වැලලෙන්නේ නැතුව. ආසියාවේ සිරාම මොලය තියෙන් එකයි ආසියාවේ සිරාම මුදල් ඇමතියි එක්කහුවෙලා කොරපු ටික අවුරුදු දෙකට අපිට අමතක නැහැ.

  7. 3ත් නැති ජෙප්පා says:

    අත්දැකීම් තිබුන එවුන් 2015-2019 පාලනය කොරේ…ඉද්දකින් විතරක් ..කියන හැටි ලැජ්ජ නැතුව

  8. Sandy says:

    අත්දැකීම් බහුල බුවා, අර වාහනේ රිටර්න් කරපන්ඩො

Main News