පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..- මෛත‍්‍රී

October 11, 2021 at 12:02 am | lanka C news
පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..- මෛත‍්‍රී

මෑත ඉතිහාසය තුළ මෙරට කෘෂිකර්මාන්තය මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයට අද මුහුණ දෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද ගොවීන්ගේ ලේ වලට දැනෙන මහා පීඩනයක් ඇතිවී තිබෙන බවද පැවසූ ඔහු ගොවියාට යන එන මං නැති වී ඇති බවත් තව ටික දිනකින් තමන්ට ද පොළොන්නරුවේ යාමට හැකි වේ දැයි ගැටලුවක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ගුණානුස්මරණ උත්සවයට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා එහිදී මෙසේද අදහස් පල කලේය.

‘අද පොහොර ගැන කථා කරනවා. ආහාර අර්බුදය ගැන කතා කරනවා, කෘෂිකර්මාන්තයේ අවුල ගැන කතා කරනවා. ඔබ දන්නවා ද කෘෂිකර්මාන්තය බලපතළ අවුලක. ගොවියා යන එනමං නැති තැනකට වැටිලා. මං හිතන්නේ මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ලොකුම ඛේදවාචකය දැන් සිදුවෙමින් පවතිනවා. මම දන්නේ නෑ ටික දවසකින් මට පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද කියලා. මොකද මෙහෙ එන්න එපා කියයි ද දන්නේ නෑ. ඒ තැනට ගොවීන්ගේ සංවේදීභාවය, ඔවුන්ගේ ලේවලට දැනෙන මහා පීඩනයක් ඇති වෙලා තියෙනවා’

18,925 views

12 Comments to “පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..- මෛත‍්‍රී”

  1. Scare Crow says:

    Polonnaruwa, langkaawa kiyala hithagena, pahugiya kaale Polnnaruwata viyadam /naasti karapu mudal walata, meyata anith palaathwala minissu gahanna ona.

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    අමරබන්ධු රූපසිංහගේ වැඩ කොහොමද ? 2015 මහින්ද මහත්තයට දුන්නා ආප්ප කාලා , 2019 රනිල් හාමූට දුන්නා කලු කෝපී බීලා , දැන් ගොඨාණ්ඩුවට දෙනවා , එකෙම එල්ලිලා ඉදලා , මෙයා වටේ ඉන්න එවුන්ට ඔක්කොටම ඇරලා තමයි පස්ස බලන්නේ. හැබැයි පාස්කූ ප්‍රහාරය නොවෙන්නට , රනිල් ඇතුලු රාජපක්ෂලට කඩේ ගිය කබ්බො නොවෙන්නට , පහුගිය අවුරුදු පහේ රටට වැඩක් කලා , ග්‍රාමසේවක උනත් , ලංකා ඉතිහාසයේ තමන්ගේ බලතල කප්පාදු කරගත්ත එකම පුද්ගලයා .කරන්න දෙයක් නෑ , මෛත්‍රීට තනියෙන් ගමනක් යන්න බෑ , කොහොමත් ඉස්සරහට බලේට එන්නත් බෑ , හැබැයි ,… ඉරකි තිතකි.

Main News