පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..- මෛත‍්‍රී

October 11, 2021 at 12:02 am | lanka C news
පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..- මෛත‍්‍රී

මෑත ඉතිහාසය තුළ මෙරට කෘෂිකර්මාන්තය මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයට අද මුහුණ දෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද ගොවීන්ගේ ලේ වලට දැනෙන මහා පීඩනයක් ඇතිවී තිබෙන බවද පැවසූ ඔහු ගොවියාට යන එන මං නැති වී ඇති බවත් තව ටික දිනකින් තමන්ට ද පොළොන්නරුවේ යාමට හැකි වේ දැයි ගැටලුවක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ගුණානුස්මරණ උත්සවයට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා එහිදී මෙසේද අදහස් පල කලේය.

‘අද පොහොර ගැන කථා කරනවා. ආහාර අර්බුදය ගැන කතා කරනවා, කෘෂිකර්මාන්තයේ අවුල ගැන කතා කරනවා. ඔබ දන්නවා ද කෘෂිකර්මාන්තය බලපතළ අවුලක. ගොවියා යන එනමං නැති තැනකට වැටිලා. මං හිතන්නේ මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ලොකුම ඛේදවාචකය දැන් සිදුවෙමින් පවතිනවා. මම දන්නේ නෑ ටික දවසකින් මට පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද කියලා. මොකද මෙහෙ එන්න එපා කියයි ද දන්නේ නෑ. ඒ තැනට ගොවීන්ගේ සංවේදීභාවය, ඔවුන්ගේ ලේවලට දැනෙන මහා පීඩනයක් ඇති වෙලා තියෙනවා’

18,984 views

12 Comments to “පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..- මෛත‍්‍රී”

  1. parrot says:

    ඇයි ඔහෙම නේද හදපානේ අගමැති කරලා කැබිනට් එකත් හදල පාර කපල දුන්නේ …..අනේ පොළොන්නරු මිනිස්සු පාඩමක් ඉගැන්නුවනම්

  2. PEOPLE OF COUNTRY says:

    Motada ban uba lonaru ringanne ube gama pajat road ekane, pala pala pla……
    Sudana, pako aye TITUPATHI

  3. සෙරෙප්පු සුප් says:

    පොලොන්නරු යන්නත් එපා,කොළඹ ඉන්නත් එපා කියල කියයිද දන්නෙ නැහැ.හුටා,එහෙම උනොත් මොකද කරන්නෙ?

  4. guspi says:

    ඈ බොල කාලකන්නි බල්ලො ? තෝ නේද මිනිසු අමාරුවෙන් අතට ගත්ත බලය ආපහු පාවල දීල මුන් ගෙන්නගත්තේ ?
    දැනගනින් රටකාපු උන් විදිහට රාජපස්ස පවුල ඉතිහාස ගතඋනොත්, ලංකා ඉතිහාසයේ ලොකුම පාවා දිපු එකා විධිහට ඉතිහාස ගත වෙන්නෙ තෝ කියල.

  5. dev says:

    පොළොන්නරු යන්න බැහැ කියන්නේ පොළොන්නරුවේ නෙමෙයිද ඉන්නේ? මෙතුමා රට පාලනය කලේ පොළොන්නරුවේ ඉදං නේද?

  6. Road says:

    Who is you our President can’t go even to the toilet everyone is asking for fertilizer

  7. MD says:

    පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන හදවතට ඵකඟව නම් පොලොන්නරු නෙමෙයි වැලිකඩ ඉන්න ඕනැ හොඳේ.බොරු බයිලා කියලා අඟේ ඉදගෙන කණ නොකා කෙරෙන යමකට ජනපතිතුමන්ට සහාය දෙනවා.

  8. lalith says:

    මිනිස්සු රාජපක්ෂ පාලනය එපා වෙලා චන්දෙ මුන්ට දුන්නේ අවංකව…චන්දෙ දීපු උන් කලේ සද් භාවයෙන්..මු අමු අමුවේම හොරු එක්ක එකතුවෙලා ඒ මිනිස්සු පාවා දුන්නා මදිවට…ආපහු හොරුන්ට එන්න පාර කැපුවා…දැනුත් මුන් බලන්නේ මිනිස්සු රවටන්න.
    මේ රටේ ආදායම් වත්කම් හෙළිනොකරන හැම එකාම හොරෙක්..

  9. අන්ද්රෝව් says:

    ඇයි තමුසේ රටේ අහිංසක මිනුසුනේ සල්ලි වලින් මහා මන්දීරයක් කොළඹ ලබා ගත්ත නේද. එකේ නෙවෙයි ද ඉන්නේ?

  10. බන්ඩා says:

    පැන්ෂන් යනකොට අරන් ගිය මාලිගාවට වෙලා හිටපන් හිටං

Main News