61 හැවිරිදි කතක් දූෂණය කරයි.. 25ට අඩු තරුණයෙකුට චෝදනා..

August 13, 2018 at 8:03 am | lanka C news
61 හැවිරිදි කතක් දූෂණය කරයි.. 25ට අඩු තරුණයෙකුට චෝදනා..

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් 11 වනදා රාත්‍රියේ දූෂණය කොට ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

චුන්නාකම් සභාපතිපිල්ලෙ වීදියේ පදිංචි උමාදේවී නැමති 61 හැවිරිදි කාන්තාවක් 11 වනදා රාත්‍රියේ නිවසට ඇතුල් වූ පුද්ගලයෙකු විසින් දූෂණය කොට පලා ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය වෙතට තොරතුරු අනාවරණය වී ඇත.

අදාල කාන්තාවගේ සැමියා මිය ගොස් ඇති අතර එම කාන්තාව සිගමන් යෙදමින් ජීවිකාව යෙදෙන අතර එදින රාත්‍රියේ එම කාන්තාව නිවසේ තනියම සිටින අවස්ථාවේදී දූෂණයට ලක් වී ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල කාන්තාව විසින් දූෂණය කරන ලද පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතරම සැකකරු අවුරුදු 25 කටත් අඩු තරුණයෙකු බවටත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණයක්ද ආරම්භ කොට ඇති බවටද චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

123 views

2 Comments to “61 හැවිරිදි කතක් දූෂණය කරයි.. 25ට අඩු තරුණයෙකුට චෝදනා..”

  1. aa says:

    පොහොට්ටුවේ එකෙක්ද ??

Main News