මහ කන්නයේ වී වගාවට ගොවි සංවිධාන රජයට කොන්දේසි 04ක් පනවති.. රජය එකග වේ..
October 14, 2021 at 5:30 pm | lanka C news
මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණියේය.
අද (14) මෙම බල මණ්ඩල නියෝජනය කරන නියෝජීතයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පැවති රැස්වීමක් අතර තුරදී මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා කොන්දෙසි 04 ක් රජය විසින් ඉටුකර දිය යුතු බව සඳහන් කරමින් බල මණ්ඩලයේ සාමාජීකයින් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත සංදේශයක් භාර දෙන ලදී.
එම සංදේශය සඳහන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම කොන්දෙසි 04 ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ එකඟතාවය පල වී තිබේ. මේ අනුව ප්‍රාදේශීය ගොවි සංවිධාන 11,000 ක් නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය මෙවර මහ කන්නයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන බවත්, ඒ පිළිබඳව ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කරන බවත් මෙහිදී සහතික විය.
ගොවි සංවිධාන බලමණ්ඩලය ඉදිරිපත්කර තිබූ කොන්දේසි අතර, කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නියමිත කාලයට ලබාදීමටත්, එලෙස ලබාදෙන පොහොරවල වගකීම රජය විසින් භාරගතයුතු බවත්, මෙම පොහොර භාවිතයෙන් වගා කරන වී වගාවේ අස්වැන්න අඩුවීමක් හෝ වෙනත් හානියක් සිදුවුව හොත් එහි වගකීම රජය භාරගෙන සිදුවන හානි සඳහා වන්දි ගෙවීමටත් රජය එකඟ විය යුතු බවත් සඳහන් විය. මීට අමතරව දැනට වෙළඳපොලේ ඇති කෘමිනාශක, වල්නාශක අධික මිලට විකිණීම පාලනය කර සහතික මිලකට ඒවා මිලදී ගැනීමට ගොවියාට අවස්ථාව ලබාදිය යුතු බව ද මෙම කොන්දේසිවලට ඇතුලත් වී තිබේ. මෙම කරුණු සම්පූර්ණ වන්නේ නම් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලය දිවයින පුරා ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කොට මහ කන්නයේ කාබනික වී ගොවිතැන සාර්ථක කරගැනීමට සහාය දෙන බව මෙම බලමණ්ඩලයේ සභාපති, එස්.එම්.ජී. සමරකොන් මහතා සහතික විය.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ කාබනික වගාව සඳහා රජය ගත් තීන්දුව මෙරටේ ජනතාගේ සෞඛ්‍යයට, පරිසරයට ඉතා හිතකර තීන්දුවක් බවයි. මෙම තීන්දුවේ දී මම ඉන්නේ ගොවියාගේ පැත්තේ. මෙමඟින් වකුගඩු රෝගය ඇතුළු බොහෝ රෝග අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. එමෙන්ම වස විසෙන් තොර ආහාර නිෂ්පාදන බහුලවීමෙන් ජනතාවට පිරිසිදු පෝෂ්‍යදායී ආහාර ලබාගන්න පුළුවන් වෙනවා. එනිසා කුමන ආකාරයේ අපහාස, තාඩන පීඩන මැද්දේ වූවද මෙම ප්‍රතිපත්ති තීන්දුව ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්
ඇදගෙන නෑම කලාවක් නම් මේ ආණ්ඩුව එහි පිකාසෝලාය ඇදගෙන නාද්දි පමණක් නොව උන් ප්‍රසිද්දියේ රෙද්දීත් ඒවා සෝදා උන්ට ආවැඩීම කලාවක් නම් බයි සමූහයා එහි පිකාසෝලාය.
දැන් 2024 ආයෙ කතිරේ ගහන්වා 🤣🤣 ඊට පස්සෙ ආයෙ දුක් විදිනව
…..දැනට වෙළඳපොලේ ඇති කෘමිනාශක, වල්නාශක අධික මිලට විකිණීම පාලනය කර …….
🤣😍🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪
,,,,,,,,,,,,,,,,,මෙම කරුණු සම්පූර්ණ වන්නේ නම් ….දිවයින පුරා ප්‍රාදේශීය ගොවි සංවිධාන දැනුවත් කොට මහ කන්නයේ කාබනික වී ගොවිතැන සාර්ථක කරගැනීමට සහාය දෙන බව ..🤪🤪🤪🤪🤪🤪
Salli acchu gagaha gewanda thiyenne
Den goviya laba gaththoth rajayata denawada kotasak munta mokuth denna epa
ඇයි මතං හැමදාම මෙහෙම විහිළු සපයන්නේ හිනාවෙලා මැරෙන්න බෑ යකො. හැන්ග් ඕවර් මූවී සීරීස් එක් වගේ , හිනාව නවත්තන්න දෙන්නෙම නෑ.
අපිට වස පොහොර ගෙනත් දෙනකන් වවන්නේ නැහැ; එතකොට තමයි පොහොර කොම්පැනි වලින් අපිට සල්ලි ලැබෙන්නේ.
හම්බවෙයි හම්බවෙයි වන්දිම තමුසෙලාට. ආන්ඩුවට වැලේ වැල් නැ. අද මං දැක්කා කාබනික පෝර දාල හදපු ගෝවා වගාවක් විනාශ වෙලා ගෝවීන් ඒවා පොලවේ ගහනවා. ඊලග චන්දෙන් ඔහෙලට වෙන්නෙත් ඔකයි මහත්තයෝ.
ඇදගෙන නෑම කලාවක් නම් මේ ආණ්ඩුව එහි පිකාසෝලාය ඇදගෙන නාද්දි පමණක් නොව උන් ප්‍රසිද්දියේ රෙද්දීත් ඒවා සෝදා උන්ට ආවැඩීම කලාවක් නම් බයි සමූහයා එහි පිකාසෝලාය.
මේ බේගල් කාරයව තබ සතේකට විශ්වාසය කරන්ඩ එපා. මේක ඉන්ෂුවරන්ස් ඒජන්ටි කාලෙත් පට්ටම බොරැ කියල, කරල මිනිස්සු අමාරැවෙදාල මුගෙ මඩිය තරකර ගත්ත එක තමයි කලේ. දැන් කරන්නෙත් කොමිස් ගහන ලොකු එවුන්ට කඩේ යන එකයි, ඒකෙන් මුගේ කොටස කඩාගන්න එකයි විතරයි. මේ ආණ්ඩුවම කරන්නෙ මිනිස්සු ගොනාට අන්දල කොමිස් ගහන එකයි, රටේ කෑලි විකුනං කන එකයි.