ලිතුවේනියාවෙන් ගෙන්වූයේ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ නෑදෑකමක් ඇති කාබනික පොහොර වර්ගයක්..- කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

October 14, 2021 at 10:22 pm | lanka C news
ලිතුවේනියාවෙන් ගෙන්වූයේ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ නෑදෑකමක් ඇති කාබනික පොහොර වර්ගයක්..- කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

මෙවර මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර තිබේ.

කාබනික ගොවිතැන සඳහා මෙම පොහොර යොදා ගැනීම ඉතාම සුදුසු බවද ඔහු අවධාරණය කරයි.

ලිතුවේනියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබු මෙ.ටොන් 30,000 ක ධාරිතාවෙන් යුතු පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වැරදි තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය.

මෙනිසා මෙම පෙහොර රසායනික පොහොරක් ලෙස හැදින්වීම වැරදි අවබෝධයක් නිසා සිදු කරන ප්‍රකාශයක් බවය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

39,264 views

20 Comments to “ලිතුවේනියාවෙන් ගෙන්වූයේ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ නෑදෑකමක් ඇති කාබනික පොහොර වර්ගයක්..- කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්”

  1. Susantha says:

    මේ දේශපාලකයො හා උන්ගෙ කකුල් ලෙව කන හැත්ත විද්‍යාවත් බොරු කරන්ඩ හදනවා, KCl කියන්නෙ කොහොමඩ කාබනික වෙන්නෙ, කාබනික කියන්නෙ කාබන්, හයිට්‍රිජන් මූලිකවු සංයෝගවලට, පොටාසියුම් කාන්ඩයෙම තියෙන සෝඩියුම් ක්ලෝරයිඩ් (NaCl,ලුණූ) කාබනිකද

  2. Neo says:

    ෆේස්බුක් එකේ ජීවත් වෙන උන්ගේ පොහොර ගැන තියෙන දැනුම දැකලා පුදුමයට පත් උනා මම.

  3. SAMAN says:

    එහෙනම් පොස්පේට් එහෙමත් කාබනික පොහොර.. ඇයි පොලොවෙන්නෙ ගන්නෙ.. යූරියා කියන්නෙත් නෛට්‍රජන්. අවුලක් නෑ වාතයේ තියෙන එකක්නෙ.. මුන් කොහොම මහාචාර්‍ය උනාද මන්දා.. ඇමතිලව සුද්ද කරන්න විද්‍යාවත් කණපිට හරවයි

  4. ayotallah says:

    This is purely absolute nonsense. KCL is not an organic fertilizer but an inorganic fertilizer found on soil. These people are licking the minister and the ill fated government policy

Leave a Comment

Main News