නබි නායක දින සමරන සුෆි මුස්ලිම්වරුන් වෙත වහබ්වාදී ප්‍රහාර…

October 17, 2021 at 3:20 am | lanka C news
නබි නායක දින සමරන සුෆි මුස්ලිම්වරුන් වෙත වහබ්වාදී ප්‍රහාර…

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පොලිස්පතිවරයා වෙත යොමුකරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

පොලිස්පති තුමා,
පොලිස් මුලස්ථානය,
කොළඹ.

නබි තුමාගේ ජන්ම දිනය සමරන සුෆි මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර වහබ්වාදීන් එල්ලකරන ප්‍රහාර සම්බන්ධවයි.

නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙ මාසයේදී මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව විසින් සිදුකරන සැමරීමේ අවස්ථා ඉලක්ක කර වහබ්වාදී කණ්ඩායම් විසින් නොයෙක් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන ආකරයක් නිරීක්ෂණය වෙයි. ඒ අතර බැනවැදීම්, තර්ජනය කිරීම් පසුගිය සති කිහිපය පුරා වාර්තා වෙමින් තිබුණු අතර එහි උච්චතම අවස්ථාව ලෙස පුත්තලම මන්නාරම පාරේ පිහිටි අම්බලම් මොහාදීන් මුස්ලිම් පල්ලියේ “සුබ්හානු මව්ලුත් පරායනය” සිදුකරමින් සිටි සුෆි බැතිමතුන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන වහබ්වාදීන් විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා විය.

අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩ කරු ලෙස ඉස්ලාමයේ සඳහන් වන නබි තුමාට වැඳීම හෝ වතාවත් කිරීම වහබ්වදීන් ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ මතය වන්නේ වැඳුම් ලැබීමට එකම සුදුස්සා වන්නේ අල්ලාහ් දෙවියන් පමණක්ම වන බවයි. කෙසේ වෙතත් මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව නබි තුමාගේ ජන්ම දිනය සැමරීම ඇතුළු වතාවත් සිදුකරන අතර එනිසා ඔවුන් නිරන්තරයෙන් වහබ් වාදීන්ගේ ඉලක්ක බවට පත්වෙමින් තිබේ.

එම නිසා මෙම මාසය තුල නබි තුමාගේ ජන්ම දිනය සමරන ශ්‍රී ලංකාවේ සුෆි මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි.

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි.
මහ ලේකම්
බොදු බල සේනා

36,099 views

12 Comments to “නබි නායක දින සමරන සුෆි මුස්ලිම්වරුන් වෙත වහබ්වාදී ප්‍රහාර…”

  1. Hasith says:

    මෙවර ලොක් ඩවුන් එකෙන් පසු වහාබි බුර්කාව යලි එලියට අවිත් .කොලබ නගරයෙ විවිද තන්වල මොවුන් මුලු මුහුනම වසෙන්නට තිර රෙදිදමා අත්වලට කලු අත්මෙස් දමා ජයටම යති .ඔවුන් මෙය කුමන්‍ත්‍රනය කර ආරභ කර අතිබව පෙනෙ.මුලු යුරොපයෙම මෙම මුසල අදුම තහනම් .ජනතාව මොවුන්ට පාඩම් උගන්විය යුතුයි .රජය වහාම මෙය තහනම් කරන්න

  2. SKF says:

    ඉස්ලාම් කියන්නේ ආගමක් නොවේ. ආගමක නාමයෙන් ඔපරේට් වෙන දේශපාලන ව්‍යාපාරයක්.
    ආගමක් නම් ශාන්තිය, කරුණාව, ඉවසීම තියෙන්න එපැයි.

  3. 3% ට බය බයියා. says:

    ඇයි සිංහල බෞද්ධ අන්තවාදීන් මුස්ලිම් ජනතාවට කරපු ප්‍රහාර.උඩතලවින්න ,දර්ගා නගරයේ සිදුවීම් ,දිගන සිදුකළ පහර දීම් මුස්ලිම් ජනතාව ගොනාට අන්දවන්න බැහැ .

  4. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    සමහර විට සිංහල බෞද්ධ අන්තවාදීන් මුස්ලිම් තොප්පි දාගෙන ඇවිත් ඔය වැඩේ කරයි ද දන්නේ නැහැ ? පෙරහැරේ ඉදිරියෙන්ම ඉන්නෙ කස කාරයෝ කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

    • Damso says:

      පසුගියදා සංසරණය වූ උලමා සභාවේ රැස්වීමක යයි කියන වීඩියෝවේ අධ්‍යෂක ඥාණසාර වීමට බොහෝ ඉඩ ඇත.වීඩියෝවේ නිශ්පාදක වෙන කවුරුත් නොව පාස්කු ප්‍රහාර මහමොළකරුවන්මය.කෝටි ගණනක් මුදල් දී ඕනැම සංවිධානයක් කුමණ්ත්‍රණ සදහා පාවිච්චි කලහැක.උදාහරණ: එක්තරා මැතිවරණයකදී LTTE යටද මුදල් දුන් කුප්‍රකට ඉතිහාසයක් ඇති උදවියට උලමා සංවිධානය සහ තව්හිද් ජමාත් මුදලට ගැනීම සුම්මා.
      පාස්කු ප්‍රහාර මහමොළකරුවන් බලය රැකගැනීමට දරණ අන්තිම අසාර්තක උත්සාය මෙය වීමට ඉඩ ඇත.
      Big Boss ඥාණසාර සියල්ලම දනීලු ! අහෝ එහෙත් ඔහුගේ මග පෙන්වීම ඔස්සේ පාස්කු ප්‍රහාර මහමොළකරුවන් අල්ලා ගැනීමට තවම හැකිවී නැත.ඒ අනුව Big Boss ඥාණසාරගෙත් බොස් හෙවත් God Father කවුද කියා සිතාගත හැක.

  5. Hasith says:

    ආයෙත් මුලු මුහුනම වසාගත් වහාබි කාන්තාවො සමාජෙට අවිත් .මෙක නවත්වන්න වහා ජනතාව හටියට ක්‍රියාත්මක වෙමු .රජය මෙය නොකරන්නෙ නම් අපි තහනම් කරමු

  6. පා ගූදෙණිය says:

    ගෙදරදී ම වහබ් වාදියෙක් ත්‍රස්තවාදියෙක් හදා ගන්න….
    ට හුඩු … වැරදුනා..
    සොරි හොඳේ..

  7. ඥාණසාර වේශයෙන් ඉදිරියට එන්නේ කවුද. පාස්කු ප්‍රහාරයේ අවතාරක්ද…. ඡන්දයක් කිට්ටුව තිබෙන බව පැහැදිලියි….

  8. New Allah says:

    Allah yanu Mityawaki. Viswaya mavanna kavuruth ona netha, Allah mavanna vishwayak onaya.

  9. Yaaluwa says:

    මේවා තවත් අන්තවාදී අදහසක්, එය අවුලන්නට දාන අලුත්ම නාඩගම්. එයා දන්නේ නෑ සූෆි හා වහබ් වාදයන් අනුගමනය කරන්නේ නබි නායක තුමාව බව, එයට කිසිම කලකෝලාහල ඇතිවෙන්නේ නැති බවයි. මෙය අසත්‍ය තොරතුරු ක්.