කාබනික වැඩෙන් ‘සිලෝන් ටී’ විනාශයි… ඩොලර් ඉතුරු කරන්න ගිහින් ලැබුන ඩොලර් ටිකත් නැති වෙලා…

October 18, 2021 at 6:26 am | lanka C news
කාබනික වැඩෙන් ‘සිලෝන් ටී’ විනාශයි… ඩොලර් ඉතුරු කරන්න ගිහින් ලැබුන ඩොලර් ටිකත් නැති වෙලා…

කාබනික පොහොර භාවිතය හේතුවෙන් මෙරට තේ කර්මාන්තය විනාශ වී ගොස් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි.

කාබනික පොහොර හේතුවෙන් තේ ඵලදාව 50% කින් අඩු වන බව බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් මෙරට තේ වෙළඳපල වෙනත් රටවල් විසින් අත්පත් කර ගන්නා බව ද මෙය මහා විනාශයක් බවත් ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

මෙම ක‍්‍රියාමාර්ගය මගින් ‘සිලෝන් ටී’ නාමය විනාශ වීම පමණක් නොව ඩොලර් ඉතුරු කිරීමට ගන්නා ලද තීරණයෙන් රටට ඩොලර් නැති වූ බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

38,431 views

35 Comments to “කාබනික වැඩෙන් ‘සිලෝන් ටී’ විනාශයි… ඩොලර් ඉතුරු කරන්න ගිහින් ලැබුන ඩොලර් ටිකත් නැති වෙලා…”

  1. lalith says:

    යකෝ ලංකාවේ organic tea ලාබ දායකව හදන දැනටමත් සමාගම් තියෙනවා …මුන් කිඹුල් කඳුළු හලන්නේ කාගේ සල්ලි වලටද?

    • Sahan says:

      නිරූපමා රාජපක්ෂගේ පැනමා ඩොලර් වලට වෙන්න බැරිද

    • වරකයා says:

      ඉතින් ඒ කොම්පැනි වලට වතු අරන් කරන්න කියපන්… කොච්චර වෙළඳ පලක් තියෙනවද මොනවත් දන්නේ නැතිව වැලලෙන්න එපා..

  2. බන්ඩා says:

    පොහොර ගැන ඇමති අද කියන කතාව නෙවෙය් ඊයෙ කිව්වෙ. කාබනික පොහොර ගැන ආණ්ඩුවට සැලසුමක් තිබුනෙත් නැහැ. දැන් ඇත්තෙත් නැහැ.

  3. Kure says:

    These guys are not intellectuals but local agents of big multinational fertilizer companies.

  4. Kalu Albot says:

    Ovaa mona prashnada? Yohaanige sinduwa ahapuwaama okkoma hari ne!!

  5. Joseph de Silva says:

    When you see the comments you could see that out of 69 lakh idiots, a sizeable number still remain supportive of the mass killer. Only when they remain in queues longer and longer to buy the essentials the numbers will go down. The biggest joke is many of these idiots work in West or other developed countries, where the thieves like the present rulers are usually in jail.

  6. 69 MIN BAIYOO says:

    නිදහස ලබලත් වසර 73 ගිහින් තේ කරමාන්තය දියුණුකිරීමට, තේ වගාවට අවශ්‍ය පොහොර නිපදවීමට අපේ රටේ කෘෂි කර්මාන්තයේ නිලධාරින් , රටේ ගොවිතැනට අවශය පොහොර වත් හදා ගන්න බැරි තරම් දුර්වල වුයේ මන්ද ? මේ වසර 73 කෘෂිකර්ම ඇමතිලා කීදෙනෙක් රටේ සිටියාද ?

  7. 69 MIN VOTES says:

    මහින්දානන්ද රටට ඇත්ත පවසා ඉල්ලා අස්වී ගෙදර යන්න ..රසායනික පොහොර නැවැත්තුවේ ගොවිතැන විනාශ කර ගොවීන්ගේ ඉඩම් ඇමරිකානු සමාගම් වලට සින්නක්කර ලබා දී ලංකාවේ MCC කළු තරුවේ අවශ්‍යයතා ඉටුකිරීමට බව දැන්වත් ගොවීන්ට පවසන්න .පොහොට්ටුවේ සිදුකරන මෙවැනි දුෂණ ක්‍රියා රටේ ජනතාවට පහදා දෙන්න …බැසිල් කරන්නේ රටම විනාශකිරීමක් ..ඔහු රට ජාතියට ආදරයක් ඇති පුද්ගලයෙක් නොවේ දිවිත්ව පුරවැසියෙක් ..ඇමරිකානු පුරවැසියෙක් ..ජනතාව රැවටුවා ඇති නේද ? එකවරම රසායනික පොහොර නැවැත්වීම් ගොවිතැනට කරපු ලොකු විනාශයක් ..එය සිදුකිරීමට තිබුනේ ක්‍රමක් ක්‍රමයෙන් නොවේද ? කුරහන් සාටකේ පවුල මුළු රටේම ඉඩම් ජාතික සම්පත් විනාශ කරමින් සිටි