ගොවිතැන් අතහැර විරෝධතා කරන්නැයි ගොවින්ට බලපෑම්….

October 18, 2021 at 12:40 pm | lanka C news
ගොවිතැන් අතහැර විරෝධතා කරන්නැයි ගොවින්ට බලපෑම්….

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයට වී වගා කිරීමට ගොවිබිම් සූදානම් කර ඇති ගොවීන්ට වී ගොවිතැනින් ඈත්වන ලෙස ප්‍රදේශයේ ගොවි සංවිධානවලින් බලපෑම් එල්ල වන බව ⁣එම ප්‍රදේශවල ගොවීහු සඳහන් කරති. රජය විසින් රසායනික පොහොර ලබා දෙනතුරු වී ගොවිතැන නොකළ යුතු බවත්, ගොවි සංවිධානවල උපදෙස් නොතකන ගොවින්ගෙන් රුපියල් 5000ක දඩ මුදලක් අය කරන බවත් දන්වා ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ පී. රාමචන්ද්‍ර ගොවි මහතා පෙන්වා දෙන්නේ “මෙවර වී ගොවිතැන් කරලා පාඩු විදින්න සිදු වුණොත් ඒ පාඩුව රජය විසින් ගොවියාට ගෙවනවා නම් වගා කිරීම පිළිබඳව ගොවියන්ට ප්‍රශ්නයක් ඇති නොවන බවයි.” අපිව පසුගිය රජය කාලයෙත් රැවැට්ටුවා. ඒ නිසා ගොවීන් බයෙන් ඉන්නේ. රජය වන්දි ගෙවනවා කියලා කියන කතාව තවම ගොවි ජනතාව දන්නෙ නෑ. ඒ නිසා දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් හැම ගොවි සංවිධානයක්ම දැනුවත් කරන්න කියලා අපි ඉල්ලනවා. එහෙම වුණොත් ගොවි සංවිධානවලින් ගොවීන්ට තියෙන බලපෑමත් අඩු වෙයි.

තෝපූර් ගොවිජන සංවර්ධන නිලධාරි නවුෆර් මහතා පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ ගොවීන් සියලුදෙනා ගොඩ වී වගාව සඳහා සුදානමින් බිම් සකස් කර ඇති බවය. “අපේ ප්‍රදේශයේ ගොවියෝ කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කරන්න සූදානම් වෙලයි ඉන්නේ. ඒ අයට වැස්ස ලැබෙනතුරු බලාගෙන ඉන්නවා. බොහෝ ගොවියෝ තමන්ට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිවෙස්වලම හදා ගන්නවා. එහෙම හදා ගන්න බැරි අයට රජයෙන් මුදල් ආධාර වෙනුවට කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබා දෙන්න අපිට උපදෙස් දීලා තියෙනවා. මෙවර පොහොර ප්‍රශ්නයක් මතු කර ගෙන ගොවියෝ නොසන්සුන් කරන්න සමහර අය උත්සහ කරනවා.⁣ කාබනික පොහොර යොදා වගා කරලා පාඩුවක් වුණොත් රජයෙන් වන්දි ලබා දෙන බව දැනටම ප්‍රකාශයට පත් කරලා තියෙන නිසා ගොවිතැන් කරන්න ගොවීන්ට බියක් ඇති කර ගන්න අවශ්‍ය නෑ.” යැයිද ඔහු සඳහන් කෙළේය. මෙහිදී වී ගොවිතැනට සූදානම්ව බිම් සකසන ගොවීන් පිරිසක් ද අප සමඟ කතා කරමින් ප්‍රකාශ කළේ රජය කාබනික පොහොර යොදා ගොවිතැන් කීරිමට ගත් තීන්දුව හොඳ තීන්දුවක් බව පිළිගන්නා නමුත් ඒ පිළිබඳව තමන් බයෙන් සිටියත්, දැන් ඒ බිය පහව ගොස් ඇති බවය.

“අ⁣පි ජිවත් වන්නේ ගොවිතැන් කරලයි. මේක පාඩු වුණොත් අපිට වන්දි දෙන්න කියල අපි ඉල්ලනවා. වන්දි නොලැබුණොත් අපි හුඟක් අමාරුවේ වැටෙනවා” යැයි ඔවුහු සඳහන් කරති.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ ගොවිතැන පාඩු වුණොත් වන්දි ගෙවනවාට අතිරේකව ලැබෙන අස්වැන්න කිලෝව රුපියල් 70 බැගින් රජය මිලදී ගන්නා බවය.

ජයසූරිය උඩුකුඹුර
කෘෂිකර්ම අමාත්‍ය මාධ්‍ය ලේකම්

18,642 views

6 Comments to “ගොවිතැන් අතහැර විරෝධතා කරන්නැයි ගොවින්ට බලපෑම්….”

  1. ක්‍රිමිනල් says:

    හ්..මි ගොමරාජ් මොකද කියන්නේ???

  2. chamil says:

    See tamil farmers… They are far better than sinhala farmers

  3. Jude perera says:

    Mulu krushikarmayama nanaththara karala

  4. Amara says:

    Government will not bring money form their homes.
    They have two options.

    1- Print cash – will boost inflation
    2- use tax payers money.

    This government is fail.

  5. juan says:

    මී හරක්ට තේරෙන්නේ නෑ, ගොවියාට වන්දි දුන්නට, කන්න නැතිවෙන එක නවතින්නේ නෑ, මිනිස්සුන්ට කන්න දෙන්නේ කොහොමද කියලත් කියපිය

  6. Janani says:

    පාරිභෝගික අපට හැමදාම වස විස කන්න වෙන එක ගැන මට නං කණගාටුයි.