කොරෝනා සටනේ තවත් ලොක්කෙක් යයි.. SPC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ… කෙහෙළිය සමග ගැටුමක්..

October 19, 2021 at 10:00 am | lanka C news
කොරෝනා සටනේ තවත් ලොක්කෙක් යයි.. SPC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ… කෙහෙළිය සමග ගැටුමක්..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ඉහළ තනතුරු දෙකක් ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යෙන්ම හිස්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

එම සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීම නිසා එම තනතුරු මෙසේ හිස්වන බව එම සංස්ථාවට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.

දැනට කොවිඩ් මර්දනය සදහා එන්නත් ආනයනය කිරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකෙරෙන අතර එම කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින පසුබිමක සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ හිටිහැටියේම ඉල්ලා අස්වීම මතභේදයට තුඩු දී ඇතැයිද වාර්තාවේ.

ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ හදිසි ඉල්ලා අස්වීම සෞඛ්‍ය ඇමතිවරයා සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් නිසා නිර්මාණ වුවක් බව සභාපතිවරයාගේ සමීපතම ආරංචි සදහන් කරයි.

ඉකුත් සති කිහිපය තුල අවස්ථා කිහිපයකදී මෙම ඉහල නිලධාරින් කැබිනට් ඇමතිවරයාගේ දෝෂාදර්ශනයට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි.

– මව්බිම

110,881 views

36 Comments to “කොරෝනා සටනේ තවත් ලොක්කෙක් යයි.. SPC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ… කෙහෙළිය සමග ගැටුමක්..”

  1. Saroja says:

    Bring Pavithradevi back. She is much much better than this කෙහෙල් rilava

  2. රංජිත් විජේසිංහ says:

    මේ වෙනකොට මේ රාජ්‍ය නිළධාරීන් දෙදෙනාත් ඉල්ලා අස් වීමට පෙළඹිමෙන්ම පෙනෙන්නේ එම අමාත්‍යාංශය දරණ ඇමතිතුමා තවත් පීඩනයට පත්කිරීමට පෙළඹෙන ආකාරයයි. එය එසේ වීමට තරම් මේ ඖෂධ මාෆියාව රටේ බලවත් වෙලා. මේ ඖෂධ මාෆියාව පිළිබද රටට අනාවරනය කරමින් ඇමතිතුමා ඖෂධ මාෆියාවට ඇති කළ බලපැමේ ප්‍රථිපල දැන් දැන් විවිධාකාරයෙන් එළි බහිනවා. මෙම සිදුවීම් එයට උදාහරණ සපයනවා. මේ මඟින් සිදු වන්නේ පාර්ලිමෙන්තුවේදී මෙන්ම ඉන් පිටතදීද ඇත්ත කතා කළ ඇමතිතුමා වෙනුවෙන් කිසිවෙකු හෝ හඩ නැගීමට ඉතුරු නොවන බවක්. නමුත් සත්‍ය කවදාවත් යට ගැසිය නොහැකි බව අප නිරන්තරයෙන් අසා ඇත. එය නිසැකයෙන්ම සිදු වේවි. රටේ පොදු ජනතාව වෙනුවෙන් හඩ නගමින් ඔවුන්ට ඔවුන්ගේ යුක්තිය ලගා කර දීමට චන්න ඇමතිතුමාට හැකී වේවි.

    • SeaLoan says:

      ඖෂධ මාෆියා,සහල් මාෆියා,පොහොර මාෆියා,අන්තවාදී මාෆියා වලට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කරල ඒ මාෆියා තිබෙනවනම් ඒවා බිදදාන්න තමයි 69 ලක්ෂයක් ජනතාව බලවත් ජනාධිපති කෙනෙක් පත් කරලා එයාගෙම කීකරු සහෝදරයො,වියත් හෙංචයියො ඉන්න ආණ්ඩුවකට 2/3 ක බලයක් දුන්නෙ.නමුත් දැන් දිගින් දිගටම ජනපති හා ඇමතිවරු පෙන්නපු අසාර්ථක,ලාබාල,බොලද හැසිරීම් නිසා තවදුරටත් ජනතාවට රජය ගැන කිසිම විශ්වාසයක් නෑ.

      • ජනජය says:

        ඔය කියන මාෆියා ගැන උඹ පොඩ්ඩක් වත් දන්නෑ බං…දන්නවනං ඔහොම කියන් නෑ…මතක තියා ගනින් සිරිමාවෝගේ ආණ්ඩුව වැට්ටුවෙත් උංම තමයි …ආපහු එහෙම වෙන්න දෙන්න බෑ…ඒකයි ආණ්ඩුව පොඩ්ඩක් (බොලට පේන විදිහට ) වැනෙන , නැතිනං පණ නැති ගතියක් පෙන්නන්නෙ…!

  3. අපේ රට says:

    මෙය ඇත්තක් නම් 225 සැබැ උගත් බුද්ධිමතුනි මෙ ඔබෙ අවධානයටයි .

  4. juan says:

    මුන් වගේ අය තමයි අපේ අමතිතුමාටවත් වැඩක් කරන්නේ දෙන්නේ නැත්තේ. මුන්ට ගහලා එලවන්න ඔනේ.

  5. රංග තේනුවර (GTRZ) says:

    මුං යන එකමයි හොඳ.
    හිටියයි කියල කළ එක වැඩක් කියන්න බලන්න

    රංග තේනුවර
    (GTRZ)

  6. 69 MIN BAIYOO says:

    ඖෂධ මාෆියා,සහල් මාෆියා,පොහොර මාෆියා,අන්තවාදී මාෆියා වලට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කරල ඒ මාෆියා තිබෙනවනම් ඒවා බිදදාන්න තමයි 69 ලක්ෂයක් ජනතාව බලවත් ජනාධිපති කෙනෙක් පත් කරලා එයාගෙම කීකරු සහෝදරයො,වියත් හෙංචයියො ඉන්න ආණ්ඩුවකට 2/3 ක බලයක් දුන්නෙ.නමුත් දැන් දිගින් දිගටම ජනපති හා ඇමතිවරු පෙන්නපු අසාර්ථක,ලාබාල,බොලද හැසිරීම් නිසා තවදුරටත් ජනතාවට රජය ගැන කිසිම විශ්වාසයක් නෑ.

  7. Sajiya says:

    This Gunasena is a fake Guy I have heard from many doctors he was instrumental in leveing false allegations to Prev NMRA chair who was a internationally qualified Professor. Gunasena has mislead the President in many ways one fertiliser then fake drug import and blister packing deceived the whole country

Main News