පතල් කැපූ මන්ත්‍රියෙක් මට සෞඛ්‍ය උගන්වන්න එනවා.. ඔවුන් පාර්ලිමේන්තු එන්නේ පොල් කෝම්බ ගගේ එනවා වගේ..

March 9, 2017 at 7:08 am | lanka C news
පතල් කැපූ මන්ත්‍රියෙක් මට සෞඛ්‍ය උගන්වන්න එනවා.. ඔවුන් පාර්ලිමේන්තු එන්නේ පොල් කෝම්බ ගගේ එනවා වගේ..

ඖෂධවල අකුරු තුනවත් කියන්න බැරි පතල් කැපූ මන්ත්‍රිවරයෙක් මට සෞඛ්‍ය ගැන ඉගැන්වීමට සුදානම් වෙන්නේ යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කළුතරදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

“දේශපාලනය සහ ව්‍යාපාර ගොඩනැගීම අමාරු වැඩක්. දුක් කමකටොලු විදදරා ගනිමින් ඉදිරියට පැමිණිය යුතුයි. දර්ශණයක් නොමැති පුද්ගලයින් අදුරදර්ශී වැඩ කරන්න පුළුවන්. සහල් මිල අඩු වුනත් කවුරුත් අද කථා කරන්නේ නැහැ. ඉතා අධික මිලකට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගත් පිළිකා ඖෂධවල මිල රුපියල් එක්ලක්ෂ 44,000 දක්වා මම අඩු කිරිමට පියවර ගත්තා. ඖෂධවල අකුරු තුනවත් කියන් බැරි පතල් කැපූ මන්ත්‍රිවරයෙක් මට සෞඛ්‍ය ගැන ඉගැන්වීමට සුදානම් වෙනවා. ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමෙින්තුවට තේරි පත්වන්නේ පොල්කොම්බ ගෙඟ් ගහගෙන එනවා වගේ. ඖෂධ සමාගමකින් මුදල් ලැබුනාම එවැනි මන්ත්‍රිවරු සිතන්නේ ස්වර්ග රාජ්‍ය හිමිවුනා කියලා. වංචා සහ දුෂණ වලට සම්බන්ධ ඖෂධ සමාගමක මුදල් මත මට විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂවරයාට රුපියල් ලක්ෂ 50 ක් ලබා දී මම හමුවීමට එම දුෂිත ඖෂධ සමාගම සුදානම් වුනා. ඊට අපි එකඟ වුනේ නැහැ. ඉංග්‍රීසි වචන ටිකක්වත් දන්නේ නැති මන්ත්‍රීවරයෙක් කියපු බොරුවක් මාධ්‍යයෙත් පළ කරනවා. හරි වැරැද්ද සොයා බලන්නේ නැහැ. සංවර්ධන මාධ්‍යයක් ශ්‍රී ලංකාවෙි නැහැ. චීනය, සිංගප්පුරුව වැනි රටවල සංවර්ධන මාධ්‍යයක් ක්‍රියාත්මක වෙනවා. රජයෙන් ජනතාවට හිමිවන ප්‍රතිලාභ පිළිබද ප්‍රවෘත්ති පළ කරනවා. හොද වැඩ කරලා බැනුම් අහන්නත් සිදු වෙනවා.

දේශප්‍රේමි හිටපු ජනාධිපතිවරයා දුම්කොළ සමාගම වෙනුවෙන් තීන්දු තීරණ ගත්තා. දුම්කොළ බදු පැනවීමට සුදානම් වූ අවස්ථාවෙි දී ඊට විරුද්ධ වුනා. අමාත්‍ය මණ්ඩලයේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් මම අදහස් පළ කළා. යුද්ධය දිනා ගැනීම සදහා හිටපු ජනාධිපතිවරයාට සහයෝගය ලබාදුන්නා. නමුත් ජනතාව දිනාගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නැහැ. මම ජනතාව වෙනුවෙන් සේවය කරනවා. මෙම සමාජ ක්‍රමය වෙනස් කිරිම තමයි අපේ අරමුණ. ඒ සදහා මානුෂීය සිතුවිලි තිබිය යුතුයි. දුම්කොළ සහ ඖෂධ සමාගම් මට ඉදිරියේ දී පහර දෙයි. ඉදිරි මැතිවරණ වල දී මඩ ගැසීම සදහා මුදල් වියදම් කරයි. මම ඒවාට මහුණදීමට සුදානම්.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

31 views
Main News